දකුණු ඇමරිකාවේ පැතිර යන ‘සීකා‘ රෝගය පිළිබඳ මේ වනවිට ලොව සෑම රටක්ම සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකාවද ඊට සූදානම් බවත් ඊට අවශ්‍ය තාක්ෂණික යන්ත්‍රද ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය සතු බව වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (3) බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මාධ්‍ය හමුවකදී පැවසීය.
ඊඩිස් ඊඩිප්ටයි මදුරුවන්ගෙන් පැතිර යන සාමාන්‍ය උණක් සමග ඇතිවන රෝගය ගර්භණී මාතාවන්ට වැළඳීමෙන් සංකූලතා ඇතිවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල් කාලෙටත් ඉන්න සාමාන්‍ය මදුරුවෝ මර්දනය කරන්න බැරි ලංකාව, සීකා මදුරුවා මර්දනයට ලැහැස්තිලු. (නි)
බොරුවට කියවනවා තවම ඩෙංගු වත් මර්දනය කරගන්න බැරුව ඉද්දෙද්දී.(හේ)
මේ ලෙඩේ ගැන තවම ලෝක සෞඛ්‍ය සංවිධානේ වත් හරි හැටි දන්නේ නැහැ, ලිංගික සම්බන්ධතා වලින් බෝවෙන බව හෙලිවුණෙත් ඊයේ. යකාගේ ප්‍රමාණය තබා උගේ පාටවත් නොදැන "අපි ලෑස්තියි" කියල ජනතාව සනසවල වැඩක් නැහැ. (බ)
ඔය වගේ ඩෙංගු වලටත් මොන හරි කරන්න බැරිද අනේ.ඩෙංගු මාරාන්තික නැද්ද එතකොට (බ)
බොරු ලෙඩ හදලා වෙන නමකින් තිබෙන පැනඩෝල්ම විකුණන්න බලාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවනේ (නි)
දැන් තිබෙන ලෙඩ හොඳ කරන්නත් අළුත් ලෙඩක් එනතුරුම ඉන්නවා වගෙයි (නි)
හොඳයි හොඳයි (නි)
අනේ අපි නොදන්නා ලංකාව!! (නි)
ලංකාවේ දැනට තිබෙන භයානක මාරාන්තික රෝග දෙකක් වන ඩෙංගු සහ වකුගඩු රෝග පළමුව තුරන්කර ඊටපස්සේ සීකා රෝගයට මුහුණ දෙන්න (නි)
මේගොල්ලෝ මේ මුහුද හත් ගව්වක් තියෙද්දී අමුඩ ගහනවා (නි)
අපොයි! මෙහෙට නම් එන්න එපා (නි)