ගම්පහ ට්‍රැක්මෝ හන්දියේ දී පසුගිය යුද සමයේ උපාලි තෙන්නකෝන් පුවත්පත් කතුවරයාට හා ඔහුගේ බිරියට පහර දුන්නැයි කියන සිද්ධිය අනුව නඩු පැවරීම සඳහා සාක්කි ගොනු කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය අද (9) රහස් පොලිසියට නියෝග කළාය.
එම පහරදීමෙන් වසර ගණනාවකට පසු පහරදුන් පුද්ගලයා ලෙස යුද හමුදා බුද්ධි අංශයේ සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම තෙන්නකෝන් මහතා හා ඔහුගේ බිරිය හඳුනාගැනිමෙන් පසුව රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටී. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියේ නියමය අනුව පරීක්ෂණවලට සහාය දීම සඳහා රහස් පොලිසියට නොපැමිණි බව කියන දිවයින මාධ්‍යවේදී සමන් ගමගේට රහස් පොලිසිය අද නඩු පැවරීය.
ඔහු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හළ මහෙස්ත්‍රාත්වරිය ලබන 14 වැනිදා කටඋත්තරයක් දෙන්නැයි ඔහුට දැන්වීය. පැමිණිලි දෙකම ලබන 23 වැනිදා තෙක් කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද තියෙන මිනිහෙක්. කලාතුරකින් දැන් එහෙම අය ඉන්නේ. ඔබට ජයවේවා.(ම)
දහම්, මේ ඊයෙ පෙරෙයිදා දඬුවම් ලැබුනෙත් එහෙම කෙනෙකුට නේද? (නි)