ඇවන්ගාඩ් අධිපතිගෙන් මුදල් ලබා ගත්තාදැයි රහස් පොලිසිය අද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කළේය.
සවස 6ට ප්‍රශ්න කිරීම ඇරැඹි අතර රාත්‍රී 7.45 වන විටත් ප්‍රශ්න කරීම අවසන් කර නොතිබිණි.
ඇවන්ගාඩ් අධිපති නිශ්ශංඛ සේනාධිපතිගෙන් මුදල් ඉල්ලූ බව හා මුදල් ලබා ගත් බවට කර ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාවය සොයන්නැයි ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග මහත්වරු පසුගිය දා පොලිස්පතිට පැමිණිලි කළහ.
අර්ජනු රණතුංග මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති රහස් පොලිසිය ඇමැති රණවක මහතාගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසීමෙන් බලාඉමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අපි මොකටද කලබල වෙන්නේ? (නි)
මේවා ඇමතිවරුන්ට සුළු දේවල් (නි)
ප්‍රශ්න ප්‍රශ්න ඉවරයක් නැති ප්‍රශ්න... (නි)
පරීක්ෂණ ගැන නම් ඉතින් මොන කතාද...? (නි)
නාට්‍ය රඟපාන්න පටන් ගත්තා. අපි ඕවාට රැවටුන කාලය අවසන්. (නි)
අහපු ප්‍රශ්ණ හා දීපු උත්හර ගැන විස්වාස කරන්න පුලුවන්ද (හේ)
අපි නම් දන්නවා මේ පරීක්ෂණයත් යන්නේ අර කලින් එක ගිය පාරෙම තමයි! (හේ)
මොන තීන්දුවක් දෙයිද කියලා දන්නේ දෙයියෝ තමයි. (නි)
ඔන්න හොඳ අවස්ථාවක්. (නි)
ඔය පරීක්ෂණ නිසිපරිදි කෙරෙයිද කියා ජනතාව අවදියෙනි (නි)