
(කේ බුද්ධික කුමාරසිරි)
පසුගියදා පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා හෝමාගම දී අද (23) පැවසීය.
උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට සියලු දීමනා වැඩි කළ බවත් එහිදී පැවසීය. එමෙන්ම පාසල් වලට අනුයුක්තව සිටි සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නයට ඊයේ (22) දින එකඟතාවයකට පැමිණි බැවින් අධිකරණයට අදාල ගැසට් පත්‍රය ඉදිරිපත් කර නඩුව ඊළඟ සතිය වෙනකොට අවසන් වීමෙන් පසු ඒ පත්වීම් ටික ලබා දීමට හැකියාව පවතින බවද පැවසීය .
මේ වන විට පුරප්පාඩු සදහා ගුරුවරුන් ලෙස සංවර්ධන නිළධාරීන් විසි තුන් දාහෙන් හයදාහකට පත්වීම් ලබා දී තිබෙන බැවින් ඉතුරු අය සදහා සම්මුඛ පරීක්ෂණක් පවත්වා පත්වීම් ලබා දීමට කටයුතු කිරීමට සැළසුම් කර ඇති බැවින් ඉතා කෙටි කාළයකදී ගුරු පුරප්පාඩු සියල්ල පුරවා අවසන් වන බනද අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
නව පත්වීම් දෙනකොට හැකිතාත් එම අය පදිංචි නිවස කිට්ටුවටම දෙන්න. නැතිනම් මේ වැඩේ අසාර්ථක වෙනවා. තෘප්තියෙන් සේවය කරන්න බැහැ. බැරිම නම් වසරක් වගේ ඉතා කෙටි කාලයකට දුෂ්කර දමන්න. මමත් ගුරුවරයෙක් ලෙස වසර ගණනාවක් සේවය කර තියෙනවා. මම ප්‍රායෝගික ප්‍රශ්න ගැන දන්න නිසා කියන්නේ. රස්සාවක් දෙන්න ඕනවට රස්සා දෙන්න එපා.ඒක තෘප්තිමත්ව කරගෙන යන්නත් අවශ්‍ය වාතාවරණය සකස් කිරීම බලධාරයින්ගේ වගකීමක් සහ යුතුකමක්.නිවසට කිට්ටු පාසල්වලට පත්වීම් දුන්විට මේ නවක ගුරැවරැ නිසා ඇත්තටම ලොකු කැපකිරිමකින් වැඩ කරාවි. සවසටත් පාසලට විත් උගන්වාවි. කරල බලන්න. මම කියන දේ නරකද කියලා.
ඒකනේ. අමරසිරි විතානගේ කියන විදියට ගුරුවරයාට ළඟම පාසල හොඳම පාසල කරලා දීලා බලන්න. ඔය දුර පළාත්වල ඉන්න ළමයින්ට හෙන ගැහුවත් මොකද...?