මහව නාගොල්ලාගම තම්මිටගම අක්කර හතර හමාරක ගස් ලබු වගාවක් කපා වැනසී යැයි කියන සිද්ධීයේ විනය පරීක්ෂණය සදහා මහව හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක හා වව්නියාව ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අබේරත්න මහතා පස් වතාවක්ම කැදැවු නමුත් එක්වරක්වත් නිකවැරැටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අලහකෝන් මහතා ගේ ලිඛිත නියෝග පිළිපැද නැතැයි පොලිස් ආරංචි කියයි.
තවත් වරක් මොහුට අවස්තාවක් දීමට නියමිත බවත් එවරද නොපැමිණියහොත් විනය ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බවත් දැන ගන්නට ඇත.
මොහුට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක්ද පවරා ඇත.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සී අයි විනය පරීක්ෂණයට ඇවිත් නෑ
ගුණේ Tuesday, 15 October 2013 04:25 PM
අක්කර 41/2 ගස්ලබු ගස් වලට වඩා විත්තිකාරයාගේ දේසපාලන ගහ හුඟක් ශක්තිමත් ඇති. ඒකනේ ඩෝන් කෙයාර්. අපිත් දැක්ක ට්ව් නිව්ස් සහ පුවත් වලින් ඔය විනාශ කරපු වගාව හා අසරණ වුන ගොවි මහතාගේ කදුළු. මොවුන්ට හොඳක් නම් නො වේවා! (ස)
දිලිප් Tuesday, 15 October 2013 04:32 PM
මොවුන් ගැන දැන්වත් තීරණයක් ගතයුතුයි (නි)
පෙරේරා Tuesday, 15 October 2013 05:20 PM
ලංකාව ජාතියක් විදිහට පිරිහෙන්න ප්‍රධාන හේතුවක් තමයි විනයක් නැතිකම. (නි)
සත්‍යයා Wednesday, 16 October 2013 07:44 AM
පොලිසියේ ඉහළ පහළකම බලන්නේ තනතුර අනුව නොවෙයි. දේශපාලන කෙරුමාගේ නෑකමක් හෝ හිතවත්කමක් උඩයි. අපට දැනගන්න ලැබුන හැටියට මේ ගස්ලබූ වගා කළ ගොවියා දේශපාලන බලවතෙකු සමග ගැටී තිබෙනවා. (නි)
අමිල කටුනායක Tuesday, 15 October 2013 06:27 PM
ඇතිවෙන්නම ගස්ලබු කවන්න තියෙන්නේ වැරදිකාරයින්ට (නි)
චමත් Tuesday, 15 October 2013 07:46 PM
ලොකු සවිමත් අත්තක් පසුපස ඇති. ඒකයි ඔය බලපුලුවන්කාරකම පෙන්නනවා ඇත්තේ. (නි)
උපාලි Tuesday, 15 October 2013 02:11 PM
හරි පුදුමයිනේ. පස් වතාවක්ම උසස් නිලධාරීන් මෙයාගේ නොපැමිණීම නොසලකා හැරපු එක. ප්‍රධානීන්ගේ නියෝගත් ගණන් ගන්නේ නැත්නම් හිතා ගන්න පුළුවන් මිනිස්සුන්ට කොහොම සලකන්න ඇද්ද කියලා. (ස)
ලුම්බිණි Tuesday, 15 October 2013 02:50 PM
පොලිස් නිලධාරීන්ගේ විනය ගරුකකම මේකෙන්ම පෙනෙනවා. (ස)
පිටබැද්දර ජයා Tuesday, 15 October 2013 02:56 PM
අනේ දෙවියනේ අක්කර හතර හමාරක් වගා කරන්න මොන තරම් දහදිය කඳුළු වගුරු වන්න ඇතිද?? මේ මිනිහව නම් දෙවියොම බලාගන්න තියෙන්නේ. (ස)
ඒබ්‍රහිම් Tuesday, 15 October 2013 03:03 PM
අර පැමිණිලිකරුට අඩුම ගානේ ගමන් ගාස්තුව වත් ගෙවන්න නියම කරන්ඩ විත්තිකරු ගෙන් සන්තෝසම් ලැබිල ද දන්නේ නෑ. (ස)