මහව නාගොල්ලාගම තම්මිටගම අක්කර හතර හමාරක ගස් ලබු වගාවක් කපා වැනසී යැයි කියන සිද්ධීයේ විනය පරීක්ෂණය සදහා මහව හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක හා වව්නියාව ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අබේරත්න මහතා පස් වතාවක්ම කැදැවු නමුත් එක්වරක්වත් නිකවැරැටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අලහකෝන් මහතා ගේ ලිඛිත නියෝග පිළිපැද නැතැයි පොලිස් ආරංචි කියයි.
තවත් වරක් මොහුට අවස්තාවක් දීමට නියමිත බවත් එවරද නොපැමිණියහොත් විනය ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බවත් දැන ගන්නට ඇත.
මොහුට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක්ද පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අක්කර 41/2 ගස්ලබු ගස් වලට වඩා විත්තිකාරයාගේ දේසපාලන ගහ හුඟක් ශක්තිමත් ඇති. ඒකනේ ඩෝන් කෙයාර්. අපිත් දැක්ක ට්ව් නිව්ස් සහ පුවත් වලින් ඔය විනාශ කරපු වගාව හා අසරණ වුන ගොවි මහතාගේ කදුළු. මොවුන්ට හොඳක් නම් නො වේවා! (ස)
මොවුන් ගැන දැන්වත් තීරණයක් ගතයුතුයි (නි)
ලංකාව ජාතියක් විදිහට පිරිහෙන්න ප්‍රධාන හේතුවක් තමයි විනයක් නැතිකම. (නි)
පොලිසියේ ඉහළ පහළකම බලන්නේ තනතුර අනුව නොවෙයි. දේශපාලන කෙරුමාගේ නෑකමක් හෝ හිතවත්කමක් උඩයි. අපට දැනගන්න ලැබුන හැටියට මේ ගස්ලබූ වගා කළ ගොවියා දේශපාලන බලවතෙකු සමග ගැටී තිබෙනවා. (නි)
ඇතිවෙන්නම ගස්ලබු කවන්න තියෙන්නේ වැරදිකාරයින්ට (නි)
ලොකු සවිමත් අත්තක් පසුපස ඇති. ඒකයි ඔය බලපුලුවන්කාරකම පෙන්නනවා ඇත්තේ. (නි)
හරි පුදුමයිනේ. පස් වතාවක්ම උසස් නිලධාරීන් මෙයාගේ නොපැමිණීම නොසලකා හැරපු එක. ප්‍රධානීන්ගේ නියෝගත් ගණන් ගන්නේ නැත්නම් හිතා ගන්න පුළුවන් මිනිස්සුන්ට කොහොම සලකන්න ඇද්ද කියලා. (ස)
පොලිස් නිලධාරීන්ගේ විනය ගරුකකම මේකෙන්ම පෙනෙනවා. (ස)
අනේ දෙවියනේ අක්කර හතර හමාරක් වගා කරන්න මොන තරම් දහදිය කඳුළු වගුරු වන්න ඇතිද?? මේ මිනිහව නම් දෙවියොම බලාගන්න තියෙන්නේ. (ස)
අර පැමිණිලිකරුට අඩුම ගානේ ගමන් ගාස්තුව වත් ගෙවන්න නියම කරන්ඩ විත්තිකරු ගෙන් සන්තෝසම් ලැබිල ද දන්නේ නෑ. (ස)