මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්දිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනා ඇතළු හමුදා සාමාජිකයින් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරමින් හබයාස්කෝපුස් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ බිරින්දෑවරුන් ගොනු කළ රිට් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට රහස් පොලිස් අධ්‍යක්ෂකවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් අභියාචනාධිකරණය අද (09) යළිත් නොතීසි නිකුත් කළේය.
රහස් පොලිස් අධ්‍යක්ෂකවරයා ඇතුළු වගඋත්තරකරුවන් අද (09) අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා යළි නොතීසි නිකුත් කළ අභියාචනාධිකරණය ඔවුන් එලෙස අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් 16 වැනිදා හේතු පැහැදිලි කරන ලෙසටද ඔවුන්ට නියෝග නිකුත් කළේය.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හමුවේ කැඳවිණි.
එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්දිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයින්ගේ බිරින්දෑවරුන් වන ටී.සුදර්ශනී,පී.නදීකා,පී.නියෝමි සහ එම්.කුමාරරත්න යන මහත්මීන් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තකරුවන් ලෙස රහස් පොලිසි අධ්‍යක්ෂක සුගත් නාගහමුල, එහි සමූහ කොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති ජේ.වී.නිරෝෂාන් සිල්වා,එහි සහකාර පොලිස් අධිකාරී ෂර්නි අබේසේකර,ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ නීතිපති නම්කරනු ලැබ සිටිති.
ශ්‍රීලංකා යුධ හමුදාවේ මාණ්ඩලික සැරයන් ආර්.එම්.ප්‍රියන්ත කුමාර,කෝප්‍රල් අනුර ජයලත්,ලුතිනන් කර්නල්වරුන් වන ටී.ටී.ඩී.ප්‍රමෝද් සිරිවර්ධන සහ එස්.ඒ.කුමාරරත්න යන යන තම සැමියන්ව පසුගිය අගෝස්තු 24 වැනිදා රහස් පොලිසියේ නිලධරයින් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බවත්,ඔවුන්ව අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අධිකරණයේ රැදවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින බවත් පෙත්සම්කාරිනියෝ කියති.එලෙස රඳවා තබා ගැනීම නීතියට පටහැනි බවත්,එම නියෝග යටතේ පැය 24 කට වඩා රඳවා තබාගත නොහැකි බවත් එනිසා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔවුහු අභියාචණාධිකරණයෙන් ඉල්ලති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංජිත්, සිංහලකම, ශ්‍රී ලංකික කම මිනිස්සුන්ට බලෙන් පටවන්න බැහැ. ඔයත් අයති වෙන්නේ සිංහල කම ඉස්සරහට දාල ලේසියෙන් රවට්ටන්න පුළුවන් අය අතරට. පහුගිය කාලේ ගොඩක් දේශපාලකයෝ එහෙම කළා.රණ විරුවෝ රට රැක දුන්න කියල මිනිස්සු පැහැරගන්න මරන්න පුළුවන් කියල, එහෙම නැත්නම් සිංහල කොටි කියල නඩුත් නැතුව මිනිස්සු ගහල මරන්න පුළුවන් කියල, ඒවා සාදාරන වැඩ කියල ඔයා වගේ අයගේ ඔලු වලට අදහස් ඇතුල් කරන්න පුළුවන්. (බ)
මුදලිගේ, අපි ජීවතුන් අතර තවම ඉන්නේ හැමදා විරුවෝ කොටි පරාද කල නිසා. (ර)
මුදලිගේ, යුද්ධය කාලේ ලංකාවේද හිටියේ. ඒ කාලේ හමුදාව යුද්ධ 2ක් කළා 1ක් කොටි එක්ක. 2 ක දකුණේ ඉදන් යුද්ධය කොහොම හරි නවතන්න විරුද්ධව රට ජාතිය අමතක කරලා වැඩ කරපු කට්ටියක් එක්ක. (ර)
දහම් කොටි පරාද කළාට අහිංසක මිනිස්සු මරන්න අවසර දීල නැහැ නේද එනිසා නිතිය ක්‍රියාත්මක වෙන්නේ ඕනේ. (බ)
මෙයාට හරි ක්‍රමයට දඬුවම් කළානම් ඉවරයි කොටි එක්ක එකතු වෙලා රට පාවල දුන්නට. හමුදාව රසායනික අවි පාවිච්චි කරනවා කියල බොරුවක් ජාත්‍යන්ත්රේට දුන්නේ මෙයා. (බ)
රොහාන්ට එයාලා අහිංසක වුණේ කවදා ඉඳලද? (නි)
නීතිය පැත්තෙන් කරන්න පුලුවන් දේ කරන්න උපරිමයෙන්ම (නි)
චමල්, මෙයා රට පාවාදෙනවා ඔබ ඇහින් දැක්කද? කවුරුහරි කියපු දෙයක් දැකලා රෙජීමය කළ දේවල් සාධාරණීකරනය කරන්න එපා. (නි)
සමහර අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා (නි)
අපි නම් කියන්නේ වැරදිකාරයින්ට රජකාලේ දඬුවම් දෙන්න ඕනෑ අනිත් අයටත් හැදෙන්න (නි)
යුද්ධය අමතක සමහර අයගෙ අදහස් දැක්කහම රණවිරුවන්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)
සැබෑ රණවිරුවන්ට අපි සැමදා ගෞරව කරන අතර වැරදි කර ඇත්නම් ඔවුන්ට අනිවාර්යෙන් දඬුවම් දියයුතුයි. (නි)
නාමල්, රට පාවාදෙනවා ඇස් දෙකෙන් නෙමෙයි නුවණින් දකින්න (නි)
මම නම් මේවට කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ (නි)
මේ සිංහල කොටියෙක්. ගෑණිත් සිංහල කොටියෙක්. (බ)
අනේ මන්දා මොනවා වෙනවද කියලා (නි)