ලන්ඩන් නුවර සිට කිලෝමීටර් 260 පමණ උතුරින් පිහිටි එංගලන්තයේ ප්‍රධාන කාර්මික නගරක් වන ෂෙෆීල්ඩ්හි සහ ඒ අවට පදිංචි ශ්‍රී ලාංකිකයින් එක්වී තෙවන වරටත් පොසොන් භක්ති ගීත වැඩ සටහනක් සංවිධානය කරනු ලැබිය.
මෙම වැඩසටහනපිළිබඳව සංවිධායකයින් පවසන්නේ" අපගේ බොද්ධ සිරිත් විරිත් හා සදහම් රසය ඉදිරි පරම්පරාවට දායද කිරිම අරමුණු කර ගනිමින්, ලංකාවේන් ඉතා බැහැරව ජිවත් වන ෂෙෆීල්ඩ් ශ්‍රී ලාංකීය සැදැහැවතුන් තෙවැනි වරටත් සංවිධනය කරන ලද පොසොන් සෑමරුම මේවරත් ෂෙෆීල්ඩ් හා ඒ අවට වෙසෙන බැතිමතුන් බොහෝ පිරිසකගේ දායකත්වයේන් හා මැන්චෙස්ටර් කෙතුමති විහාරවාසි භික්ෂුන්වහන්සේලාගේ සහභාගිත්වයේන් අති උත්කර්ෂවත් අන්දමින් ෂෙෆීල්ඩ් බෞද්ධ මධ්‍යස්ථානයේදී පවත්වන ලද" බවයි.
මේ වෑඩසටහන සදහා මැන්චෙස්ටර් සිට වැඩමකළ කේතුමති විහාරාධිපති පුජ්‍ය පිදිවිල්ලේ පියතිස්ස නාහිමි, අනුරධපුර කටුකෑලියාව භික්ෂු පුහුණු මධයස්ථානවාසී හල්මිල්ලෑවේ සද්ධාතිස්ස හිමි, කේතුමති විහාරවාසී ගල්පොත්තයායේ ප්‍රේමානන්ද හිමි සහ ගල්පොත්තයායේ සීවලී හිමි යන ගරු ස්වාමින්වහන්සේලා ආගමික කටයුතු සවිධානය කරනු ලැබිය.
සංඝ රත්නය සඳහා පිරිනැමූ දහවල දානය සහ පැමිණ සිටි සියලුම ගිහි පින්වතුන් සඳහා දහවල් ආහාරයද සැපයීමට අවශ්‍ය කටයුතු නිසි පරිදි සංවිධානය කිරිම සඳහා ශාන්තා ලියනගේ හා මංගලිකා ජයවර්ධන මහත්මියන්, චරිත් අබේරත්න මහත්මාත් මුලිකව කටයුතු කළහ.
ඉන් අනතුරුව අනුරධපුර කටුකෑලියාව භික්ෂු පුහුණු මධ්‍යස්ථාන වාසි හල්මිල්ලෑවේ සද්ධාතිස්ස හිමියන් විසින් පොසොන් පොහොයේ අර්ථවත් කම හා ධර්ම මාර්ගාවබෝධයේ වටිනාකම පෙන්වාදුන් හරවත් ධර්ම දේශනවක් පවත්වනු ලැබිය.
පින්කමෙහි කටයුතු අවසන් වුයේ සේත් පිරිත් සජ්ජායනාවකිනි.
සෙනුරී හා ෂෙහාන් තීත්තගල යන දරුවන් නාට්‍යම ආකාරයකින් පොසොන් පුරාවත ඉදිරිපත් කරනු ලැබිය.
පොසොන් බෑතිගී සරණිය ආරම්භ වුයේ හසීනි ලියනගේ,සදලි රොඩ්රිගො, ජයනි විජේකොන් හා හේෂදු දේවසුන්දර යන සිගිත්තන්ගේ ගයනයකිනි.
කොළඹ මියුසීයස් විදුහලේ ඉගනුම ලබන මද්‍රි පෙරමුණුගම විසින් රචිත “පෙරදින වෙසගේ” ගීතයද, ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබන බුද්ධී මනුරංග මහිපාල වීසීන් රචිත “සදහම් සිසිල” යන ගීතයන්ට සංගීත නිර්මාණයෙන් සුමාල් කේෂව හා ලයාන් ආසිරි බන්ඩාර විජේකොන් දායක වුහ. ගිය වසරේ එළිදැක්වූන “වීත රාගී බුදුපියාණෙනි ” ගීතයට සංගීතය හා පදරචනය කලේද ලයාන් ආසිරි බණ්ඩාර විජේකොන් විසිනි.
අමතර සංගිත උපකරන හා උපදේස් සෑපයිමේන් ජේම්ස් ජයවර්ධන සහාය විය. පානිනී රොද්රිගො,සාන්තා ලියනගේ, නිදර්ශා විජේකොන්, වින්ද්‍යා සෙව්වන්දී ,ශිරොමි අපොන්සු, මංගලිකා ජයවර්ධන , සුමාල් කේෂව සහ දුලිප ජයසුන්දර, දුස්මන්ත හේනානයක,මිතිල වනසිංහ, කුමුදුනි ජයසුන්දර ගායනය සඳහා සහභාගී වුහ.
මෙම උත්සවය සඳහා සහභාගිවූ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කර්යාලයේ සේපාල රත්නායක මහතා "මෙවෑනි උත්සව සංවිධානය කිරිමේ සහ බොද්ධ සමජ චාරිත්‍ර යන්ගේ වටිනාකම අපගේ අනාගත පරපුරට පැහැදිලි කරදීමේ වෑදගත්කම" අගයමින් කෙටි දේශනයක් පැවැත් විය.
ශේෆිල්ඩ් නගර සභාව නියොජනය කරමින් පෑම්ණි සාරා ජේන් ස්මෙලි මහත්මිය "මෙම උත්සවය සතුටින් රසවින්ද බවත් ලංකාවේ බොද්ධ සංකෘතිය අංග පිළිබඳව අඩම්බර වන බවත්" පෑවසිය.
ස්තුති කථාවක් ඉදිරිපත් කලේ තවීදු ලියනගේ විසිනි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තියෙන අපේකම, ආගමික ලැදියාව ඇයි ලංකාවේ ඉන්න අයට නැත්තේ? (නි)
දැන් කොච්චර සුද්දන් බුදුදහමට නෑඹුරු වෙලාද? ඒත් අපේ සමහරුන්ට ඒකේ අගයක් නැහැ (නි)
සත්‍යා, කොහේ හිටියත් යහපත් විදිහට ඉන්න හැකියි, බුදු දහමේ විදියට. මේ වගේ ක්‍රියා හරිම අගෙයි. (නි)
කාලයක් පුරාවටම සිතමින් සතුටු විය හැකි ක්‍රියාවක්. ලබන පොසොන් පෝයට බලන්න යන්න හිතෙනවා. සියලු දෙනාටම පින් (නදී)
හරිම ආඩම්බරයි ඔබ ගැන, එකමුතු කම ගැන. තව තවත් දිරිය ශක්තිය ලෑබේවා! පිටරටක වුණත් මේ පෑහෑදිලි බුදු දහම අනාගත පරපුරට දායාද කරන එක අගය කළයුතුයි. (නි)
ඔන්න බලන්න සත්‍යා කියන කෙනෙක් ඒකටත් මඩ ගහන්න හදනවා. ඕක තමයි සමහර ලංකාවේ අයගේ හැටි. මොකක් හරි හොඳ දෙයක් කලාම ඒකට ඉරිසියාවට හෝ බුදු දහම හෑල්ලු කරල භක්තියට පහර ගහන්න කරන මඩ ප්‍රචාර. ආගමික සමගිය ගැන කතා කරන මිත්‍යා භක්තිකයෙක් වෙන්න පුලුවන්. ඔයා හරි පරිස්සමේන් ඔය ඔයාලා ලගම වෙස් මුහුනු දාගෙන ඉන්න මනුස්සයෙක්ද දන්නේ නැහැ. මොනවා උනත් ජයේන් ජය.. බුදු සරණයි! (නදී)
ඒක අපේ යුතුකම වෙන්න ඕනි. බොරුවට ජාතිය රකින්න හදන හමුදුරුවන්ට බැන බැන ඉන්න එකට වඩා තමුන්ගේ යුතුකම කරන එක හොඳ නැද්ද? ගොඩක් අය රට ගිහාම ජාතිය ආගම පාවා දේන ඒකනේ කරන්නේ වාසියට. බුදු සරණයි ! (නදී)
උගත්, හෑදියාවක් ඈති මිනිස්සු කොහේ ගියත් මේ උතුම් ධර්මේ අගය දෑකල රකින හැටි. ඔයාල ගියාම බලන්න ලංකාවට වෙලා තියන දේ. හැම අතින්ම බොෟද්දයා අසරන කරල නේ. බුද්දිමත්තු ඔක්කොම රට. ඔයාලට ජාති ජති පින්. (නදී)
ඉතින් මහත්තයෝ, ඔච්චර ශ්‍රි ලංකාව ගැන කැක්කුම නම් ඇයි පිටරට ඉන්නේ. ලංකාවේ නොයිද. පුලුවන් නම් ගැට ගහලා රට පැනලා. එහෙදිත් දන්න කපටිකම් කරල කොහෝම හරි ඒ රටේම එල්ලිලා ඉන්න ගමන්. දැන් එකපාරට ජාති ආලේ. (නදී)
බොහොම සතුටුයි (නි)