අසූව දශකයේ ශ්‍රී ලංකාවේ බිහිවූ ජනප‍්‍රිය ඉංග‍්‍රීසි පොප් ගීත සංගීත කණ්ඩායම් අතර පෙරමුණේ සිටි කණ්ඩායමකි ෂොහාන් සහ එක්ස්පෙරිමන්ට්. අග නගරය කොළඹ සුප‍්‍රසිද්ධ ඔබරෝයි හෝටලයේ රාත‍්‍රි සමාජ ශාලාව එදින සංගීතවත් වුයේ ඔවුන්ගෙනි.
ගැලැක්සි, ඇපල් ග‍්‍රීන්, රිබෙල් චිල්රන්,ජිප්සීස්, සුපර් ගෝල්ඩන් චයිම්ස්, ඩෙස්මන් සහ කැලෑන් , ජෙට් ලයිනර්ස් , එක්ස්ටසි , කැන්සර් , ආදි සංගීත කණ්ඩායම් සමග එකම වේදිකාවේ සංගීත ප‍්‍රසංඟ ඉදිරිපත් කළ ෂොහාන් සමග එක්ස්පෙරිමන්ට් මෙදා පැරීසියේදි සංගීත ප‍්‍රසංගයක් පවත්වයි.
ශ්‍රී ලංකාවේ අසරණ ජනයාගේ සුබ සාධන ව්‍යාපෘතියකට ආධාර පිණිස පැරීසියේ මීගමු සංවිධානය සහ ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් සමාගම එක්ව ඉදිරිපත් කරන මෙම ප‍්‍රසංගය නොවැම්බර් 23 වැනි ඉරුදින පැරිස් කලාප අංක 15හී පිහිටි බ‍්‍රසිල් ට්‍රොපිකල් ශාලාවේදි සවස 06 ට පැවැත්වේ. පැරීසියේ කලා ආයතන ඉදිරිපත් කරන සංස්කෘතික නර්තන, යෞවනයේ පොපියන සංගීත රටා සමගින් හැඩ ගැන්වෙන බැලැක් ෆොනියැක්ස් සංගීතයෙන්ද එදින සැඳෑව රසවත් වෙතියි සංවිධායකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට තව තවත් ශක්තිය ලැබේවා! (නි)
බොරු මඩ ගහන්න එපා. මේ වගේ දේවල් කරලා හරි ලංකාවට මොනවාහරි කරන අය දිරිගන්වන්න ඕනෑ. ඔය මඩ ගහන අය ලංකාවට මොනවාද කරලා තියෙන්නේ? (නි)
රමණි අක්කේ, ඉස්සර නම් සිංහලයන්ට එහෙම සංවිදානයක් තිබුනා. සුරිය උදාව පවූලයි. තිරිකුනාමලේ කොලුවයි , කවි මහත්තයයි, කොට ළමයයි, ලන්ඩන් අක්කයි , කොළ පහනයි, දඬු නන්දෙයි එකතු වෙලා සංවිදානයේ හුස්ම ටික හිර කරලයි තියෙන්නේ. හෙට අනිද්දාට පෙට්ටියට ඇන ගහල පාංශකුලය දෙන බව නම් ආරංචියි. (නදී)
අපි තරඟ නරඹමින් පැරිසියේ ජීවත්වෙනවා. අපි වෙන මොනවා කරන්නද? (නි)
වසන්ත මල්ලි අපිව දැනුවත් කලාට ගොඩක් ස්තුතියි . ඒ කියන්නේ සිංහල සංවිධානයට අනිච්චාවත සංඛාර බැනර් එක එල්ලලා ඉවරද ? කවදද අවසන් කටයුතු සිදු කරන්නේ ? ඒ දිනයත් අපිට දන්වන්න මල්ලි. (නදී)
සුබ පැතුම් ඔබට! (නි)
ඔය එක්ටසි කණ්ඩායමේ නායකයා අර ගුටිකාපු හාදයද?(හේ)
පැරිස් නුවර අපේ ලාංකිකයනුත් ජීවත්වන්නට බොහෝ එක්ස්පෙරිමන්ට් කරනවා (නි)
ඇනස්ලි අය්යා 95 වසරේදී මෙම කණ්ඩායම ගෙනවිත් ඉතාමත් අගනා සංගීත සැඳෑව්ක කළා බටක්ලාන් නමැති පැරිසියේ ලොකු ශාලාවක. අපගේ සුබ පැතුම්. (නි)
බොරු මඩ ගැසිම නවතා , මෙවැනි දේවල් දිරිමත් කරලා අපේ රටට යම් දෙයක් කරන්නට සැරසෙන අයට උදව් කරමු , ( සිංහල සංවිදානය ) (අ)
එක අතකින් හිතලා බලනකොට මේකත් හොඳ එක්ස්පෙරිමන්ට් එකක් තමයි (නි)
මෙහෙම එක්ස්පෙරිමන්ට් එකක් කරලා හරි අපේ රටට උදව් කරන්න. ඒක ලොකු දෙයක් (නි)
බොරු පච (අ)
අර මිට පෙර පවත්වපු මිස් ශ්‍රී ලංකා එක්ස්පෙරිමන්ට් වගේ එකක්ද ? (නදී)
ඔබට සුබ පැතුම්! (නි)
ෂොහාන් සහ එක්ස්පෙරිමන්ට් වැඩිපුරම සංගීතවත් කලේ අග නගරය කොළඹ සුප‍්‍රසිද්ධ ගලදාරි හෝටලයේ (නදී)
ප්‍රන්සේ අය මොන එෂ්ස්පරිමන්ට් කලත් සියල්ලෝම අසමගියි.(හේ)
පැරිසියේ වසන්ත මහත්තයා සදහන් කරලා තියෙන අය ලං කර ගත්තොත් පැරිසියේ සංවිදාන වලට අබ සරණයි ! අද සංවිදාන වලට මොකද වෙලා තියෙන්නේ කියල හොයල බැලුවොත් ඒක හොඳට තේරෙනවා. මොනවා වුනත් වසන්ත ඇත්ත තත්වය ලියල තියෙනවා. ඒකට ස්තුතියි . (නදී)
ඔව් පිටිගල කිව්වා කතාව එත්ත , එහෙත් ප්‍රන්සේ ඉතාලියේ වාගේ ගම කන රට කන , හොර වංචා කාරයන් නැහැ , එකත් කියන්න ,(අ)
සියලු දෙනාගේ පැමිණීම අපි බලාපොරොත්තු වෙමු. (මීගමු සංවිධානය) (නි)
සිංහල සංවිධානයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා උදවු කරමු කියල . එහෙම සංවිධානයක් පැරිසියේ දැන් තියෙනවද ?(අ)
රට වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කරන මොවුන්ට අපගේ ප්‍රණාමය! (නි)
ප්‍රංශයේ සංවිධාන බොහොමයක් දැන් විනාශවී හමාරයි (නි)