IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ෂොහාන් සහ එක්ස්පෙරිමන්ට් පැරීසියේ

අසූව දශකයේ ශ්‍රී ලංකාවේ බිහිවූ ජනප‍්‍රිය ඉංග‍්‍රීසි පොප් ගීත සංගීත කණ්ඩායම් අතර පෙරමුණේ සිටි කණ්ඩායමකි ෂොහාන් සහ එක්ස්පෙරිමන්ට්. අග නගරය කොළඹ සුප‍්‍රසිද්ධ ඔබරෝයි හෝටලයේ රාත‍්‍රි සමාජ ශාලාව එදින සංගීතවත් වුයේ ඔවුන්ගෙනි.

ගැලැක්සි, ඇපල් ග‍්‍රීන්, රිබෙල් චිල්රන්,ජිප්සීස්, සුපර් ගෝල්ඩන් චයිම්ස්, ඩෙස්මන් සහ කැලෑන් , ජෙට් ලයිනර්ස් , එක්ස්ටසි , කැන්සර් , ආදි සංගීත කණ්ඩායම් සමග එකම වේදිකාවේ සංගීත ප‍්‍රසංඟ ඉදිරිපත් කළ ෂොහාන් සමග එක්ස්පෙරිමන්ට් මෙදා පැරීසියේදි සංගීත ප‍්‍රසංගයක් පවත්වයි.

ශ්‍රී ලංකාවේ අසරණ ජනයාගේ සුබ සාධන ව්‍යාපෘතියකට ආධාර පිණිස පැරීසියේ මීගමු සංවිධානය සහ ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් සමාගම එක්ව ඉදිරිපත් කරන මෙම ප‍්‍රසංගය නොවැම්බර් 23 වැනි ඉරුදින පැරිස් කලාප අංක 15හී පිහිටි බ‍්‍රසිල් ට්‍රොපිකල් ශාලාවේදි සවස 06 ට පැවැත්වේ. පැරීසියේ කලා ආයතන ඉදිරිපත් කරන සංස්කෘතික නර්තන, යෞවනයේ පොපියන සංගීත රටා සමගින් හැඩ ගැන්වෙන බැලැක් ෆොනියැක්ස් සංගීතයෙන්ද එදින සැඳෑව රසවත් වෙතියි සංවිධායකයෝ කියති.

 

Sohan-and-xperiments

 

 

 

 



අදහස් (0)

ෂොහාන් සහ එක්ස්පෙරිමන්ට් පැරීසියේ

රෙක්ස් Sunday, 09 November 2014 05:19 PM

ඔබට තව තවත් ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ෂර්ලි Saturday, 08 November 2014 11:40 PM

බොරු මඩ ගහන්න එපා. මේ වගේ දේවල් කරලා හරි ලංකාවට මොනවාහරි කරන අය දිරිගන්වන්න ඕනෑ. ඔය මඩ ගහන අය ලංකාවට මොනවාද කරලා තියෙන්නේ? (නි)

:       0       0

වසන්ත ස්. ල්.ෆ්.පි පැරිසිය Sunday, 09 November 2014 11:53 AM

රමණි අක්කේ, ඉස්සර නම් සිංහලයන්ට එහෙම සංවිදානයක් තිබුනා. සුරිය උදාව පවූලයි. තිරිකුනාමලේ කොලුවයි , කවි මහත්තයයි, කොට ළමයයි, ලන්ඩන් අක්කයි , කොළ පහනයි, දඬු නන්දෙයි එකතු වෙලා සංවිදානයේ හුස්ම ටික හිර කරලයි තියෙන්නේ. හෙට අනිද්දාට පෙට්ටියට ඇන ගහල පාංශකුලය දෙන බව නම් ආරංචියි. (නදී)

:       0       0

මහින්ද පැරිසිය Sunday, 09 November 2014 12:02 PM

අපි තරඟ නරඹමින් පැරිසියේ ජීවත්වෙනවා. අපි වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

රමණි ප්‍රනාන්දු පැරිසිය Sunday, 09 November 2014 12:21 PM

වසන්ත මල්ලි අපිව දැනුවත් කලාට ගොඩක් ස්තුතියි . ඒ කියන්නේ සිංහල සංවිධානයට අනිච්චාවත සංඛාර බැනර් එක එල්ලලා ඉවරද ? කවදද අවසන් කටයුතු සිදු කරන්නේ ? ඒ දිනයත් අපිට දන්වන්න මල්ලි. (නදී)

:       0       0

නදීශානි Sunday, 09 November 2014 09:20 PM

සුබ පැතුම් ඔබට! (නි)

:       0       0

ප්‍රභා Saturday, 08 November 2014 11:12 AM

ඔය එක්ටසි කණ්ඩායමේ නායකයා අර ගුටිකාපු හාදයද?(හේ)

:       0       0

රිචි බාලසුරිය Friday, 07 November 2014 04:47 PM

පැරිස් නුවර අපේ ලාංකිකයනුත් ජීවත්වන්නට බොහෝ එක්ස්පෙරිමන්ට් කරනවා (නි)

:       0       0

ඇන්ටන් Friday, 07 November 2014 04:49 PM

ඇනස්ලි අය්යා 95 වසරේදී මෙම කණ්ඩායම ගෙනවිත් ඉතාමත් අගනා සංගීත සැඳෑව්ක කළා බටක්ලාන් නමැති පැරිසියේ ලොකු ශාලාවක. අපගේ සුබ පැතුම්. (නි)

:       0       0

රන්ජිත් කුලතුංග පැරිස් Saturday, 08 November 2014 12:29 PM

බොරු මඩ ගැසිම නවතා , මෙවැනි දේවල් දිරිමත් කරලා අපේ රටට යම් දෙයක් කරන්නට සැරසෙන අයට උදව් කරමු , ( සිංහල සංවිදානය ) (අ)

:       0       0

බාලසුරිය කොලොන්නාව Friday, 07 November 2014 11:35 AM

එක අතකින් හිතලා බලනකොට මේකත් හොඳ එක්ස්පෙරිමන්ට් එකක් තමයි (නි)

:       0       0

සරත් පිලපිටිය Friday, 07 November 2014 12:11 PM

මෙහෙම එක්ස්පෙරිමන්ට් එකක් කරලා හරි අපේ රටට උදව් කරන්න. ඒක ලොකු දෙයක් (නි)

:       0       0

සනත් Saturday, 08 November 2014 01:22 PM

බොරු පච (අ)

:       0       0

ජගත් Friday, 07 November 2014 01:13 PM

අර මිට පෙර පවත්වපු මිස් ශ්‍රී ලංකා එක්ස්පෙරිමන්ට් වගේ එකක්ද ? (නදී)

:       0       0

නදීකා Friday, 07 November 2014 07:40 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ටිරෝන් Friday, 07 November 2014 01:32 PM

ෂොහාන් සහ එක්ස්පෙරිමන්ට් වැඩිපුරම සංගීතවත් කලේ අග නගරය කොළඹ සුප‍්‍රසිද්ධ ගලදාරි හෝටලයේ (නදී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 08 November 2014 02:18 PM

ප්‍රන්සේ අය මොන එෂ්ස්පරිමන්ට් කලත් සියල්ලෝම අසමගියි.(හේ)

:       0       0

සේරම් පැරිසිය Sunday, 09 November 2014 02:53 PM

පැරිසියේ වසන්ත මහත්තයා සදහන් කරලා තියෙන අය ලං කර ගත්තොත් පැරිසියේ සංවිදාන වලට අබ සරණයි ! අද සංවිදාන වලට මොකද වෙලා තියෙන්නේ කියල හොයල බැලුවොත් ඒක හොඳට තේරෙනවා. මොනවා වුනත් වසන්ත ඇත්ත තත්වය ලියල තියෙනවා. ඒකට ස්තුතියි . (නදී)

:       0       0

රිචි බාලසුරිය Saturday, 08 November 2014 03:27 PM

ඔව් පිටිගල කිව්වා කතාව එත්ත , එහෙත් ප්‍රන්සේ ඉතාලියේ වාගේ ගම කන රට කන , හොර වංචා කාරයන් නැහැ , එකත් කියන්න ,(අ)

:       0       0

රන්ජිත් Friday, 07 November 2014 09:51 PM

සියලු දෙනාගේ පැමිණීම අපි බලාපොරොත්තු වෙමු. (මීගමු සංවිධානය) (නි)

:       0       0

රමණි ප්‍රනාන්දු පැරිසිය Saturday, 08 November 2014 04:34 PM

සිංහල සංවිධානයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා උදවු කරමු කියල . එහෙම සංවිධානයක් පැරිසියේ දැන් තියෙනවද ?(අ)

:       0       0

නිර්මල Saturday, 08 November 2014 05:14 PM

රට වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කරන මොවුන්ට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

රන්ජන් Monday, 10 November 2014 08:36 PM

ප්‍රංශයේ සංවිධාන බොහොමයක් දැන් විනාශවී හමාරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site