IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ෂාරුක් ඛාන්ට වෙනත් වැඩක්

(විමුක්ති එස් රුද්‍රිගු)

නොවැළැක්විය හේතුවක් නිසාවෙන් පෙර සැලැසුම් කළ පරිද්දෙන් එළැඹෙන 2 වැනිදා පැවැත්වෙන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ උත්සවයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී නොවන බව සංවිධායකයෝ අද (17) ප්‍රකාශ කළහ.

සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනය වේ. මීට පෙර සංවිධායකයන් තහවුරු කර තිබුණේ එළැඹෙන 2 වැනිදා පැවැත්වීමට නියමිත සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ උත්සවයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන බවට තහවුරු කර ඇති බවයි.

ෂාරුක් ඛාන්ගේ සිත තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ ස්ථානයක් තිබෙන බවත් සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට ඔහු උනන්දුවෙන් සිටි බව සංවිධායකයෝ ප්‍රකාශ කළහ. විවෘත වීමේ උත්සවයට සහභාගී වීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඔහු කණගාටු වන බවත් අනාගතයේදී ෂාරුක් ඛාන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකි අවස්ථා පිළිබඳව සොයා බලන බවත් සංවිධායකයෝ පැවැසූහ.

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් සමූහය සහ මෙල්කෝ රිසොර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් සමාගම එක්ව ගෙන එන සිටි ඔෆ් ඩ්‍රීම්ස් නිවාඩු නිකේතනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් යටතේ ඉදිවූවකි. මෙම ව්‍යාපෘතියට ජාත්‍යන්තර මට්ටමේ කැසිනෝ ශාලාවක්, නුවා සන්නාමය යටතේ එන සුඛෝපභෝගී හෝටලයක්, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා විශාල ඉඩකඩ පහසුකම් සහ ඉහළ මට්ටමේ සාප්පු සංකීර්ණයක් මෙන්ම සුඛෝපභෝගී ජීවන රටාවකට අවශ්‍ය සියලුම දේ ඇතුළත්ය.

සිටි ඔෆ් ඩ්‍රීම්ස් ව්‍යාපෘතිය මෙරට පෞද්ගලික අංශයේ විශාලතම ආයෝජනයද වේ. සිටි ඔෆ් ඩ්‍රීම්ස්හි කාමර හා නිවාස 800 ක් තිබෙන අතර ඉන් 687 ක් සිනමන් ලයිෆ් සන්නාමය යටතේද, 113 ක් සුඛෝපභෝගී කාමර ලෙස නුවා සන්නාමය යටතේද ක්‍රියාත්මක වේ.



අදහස් (4)

ෂාරුක් ඛාන්ට වෙනත් වැඩක්

SIRI Thursday, 17 July 2025 04:53 PM

ගිය වතාවේ ඇවිත් කාපු පරිප්පුව මතක් වෙන්න ඇති.

:       0       17

NILANTHA GAMAGE Thursday, 17 July 2025 08:34 PM

රූමස් ටික විකුනුණේ නැති නිසා ගෙන්වන්නේ නැත. ඩබල් ගේම්...

:       2       4

Jayasekara Friday, 18 July 2025 09:03 AM

හොඳ වැඩේ. මොකද පස්සෙන් යන්නේ? ඕක විවෘත කරන්න අපේ රටේ නැද්ද ? නිකන් දෙකේ කොළට වැටෙනවා.

:       0       5

Bunny Preena Friday, 18 July 2025 09:32 AM

ගිය වර ඔහුට විරෝධය පාපු මෝඩ දේශබන්දුලා ටික කොහෙද දන්නේ නැහැ නේද ඉන්නේ ?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 443 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2203 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site