මේ වසරේ තිරගත වූ "මස්තිෂාදේ" චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමා රසික පිරිස් මුණගැසුණු සුරූපී සරාගී නිළි සනී ලියෝන්ගේ චිත්‍රපට කිහිපයක්ම මේ වසරේ ඉදිරි කාලයේදී ප්‍රදර්ශනය වීමට නියමිතව තිබෙනවා.
මේ අතරින් ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන "රායිස්" චිත්‍රපටයේද "අයිටම්" ගීතයක් සඳහා නර්තනයෙන් එක්වීමට සනී ලියෝන්ට අවස්ථාව ලැබිලා. එහි එන "ලයිලා ඕ.. ලයිලා" ගීතය සඳහා සනී නර්තනයෙන් දායක වෙලා. මෙය "සනී - ෂාරුක් ඛාන්" සමග ප්‍රසිද්ධියේ සිනමා රංගනයක එක්වෙන පළමු අවස්ථාව වෙනවා. මෙම චිත්‍රපටය ජූලි 03 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නිෂ්පාදක කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.
ෂාරුක් ඛාන් සමගින් මෙහි ප්‍රධාන චරිතයට පාකිස්තානු සම්භාව්‍යයක් ඇති මහිරා ඛාන් හා නව්සූඩාන් සිද්දික්ද එක්වෙන අතර, චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය මත නිර්මාණයක වූවක් බව සඳහන්. "රායිස්" චිත්‍රපටයට අමතරව සනීට සුපිරි නළු අමීර් ඛාන් රංගනයෙන් දායක වන "දංගල්" චිත්‍රපටයේද "අයිටම්" ගීතයක් සඳහා එක්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. මෙහි රූපගත කිරීම් කටයුතු තවමත් සිදුකර නොමැති අතර, බොහෝ දුරට මැයි මාසයේ මුල් සතියේදී මෙම "අයිටම්" ගීතයේ රූපගත කිරීම් කටයුතු සිදු කිරීමට චිත්‍රපට "දංගල්" චිත්‍රපටයේ අධ්‍යක්ෂක නිතේෂ් තිවාරි සැලසුම් කරමින් සිටින බවයි සඳහන් වෙන්නේ. එම චිත්‍රපටය මේ වසරේ දෙසැම්බර් 23 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෂාරුක් එක්ක සනී සරාගි වෙලා