රුපියල් පනස් හතර ලක්ෂ හැට නම දාස් හත්සිය හැත්තෑ පහක් වටිනා මැණික් ගල් 218 ක් ෂැම්පු බෝතල් පහක් කුළ සඟවාගෙන චීනය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරුවෝ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස 22 හා 24 වියැති තරුණයෝ බව රේගුව කියයි.
මැණික් ගල් වල බර කැරට් 547.8 කි.
ඔවුහු යු.එල් 846 දරණ ගුවන් යානයෙන් චීනයේ ෂැංහායි නුවර බලා යාමට කටුනායකට පැමිණ ඇත.
මේ පිළිබ‍්ඳ රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක විමල් ලියනගම මහතා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ දෙකක දඩ නියම කොට එම මැණික් ගල් තොගය රාජසන්තක කිරීමට නියෝග කළේය.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක විමල් ලියනගම මහතාගේ මෙහෙයවීමනේ රේගු අධිකාරී එච්.එම් රාජරත්න, එස්.පී.අයි බාලසූරිය, සහකාර රේගු අධිකාරීවරුන් වන සිසිර පෙරේරා, සුසන්ත අබේවර්ධන, ඩබ්ලිව්. ප්‍රේමජයන්ත, මහේෂ් කුමාර, අසංක ප්‍රියදර්ශණ, සඳුලි මැඩොන්සා යන නිළධාරීහු සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න දෙයක් නැහැ අපේ පාලක මාලිමා යන්ත්‍රය චීන දිශාවටම හැරිලා තියෙන නිසා ඒ පැත්තට යන්න හිතාගෙන එන්න ඇති. අමාරුකාරයින්ගේ වයස දිහා බලන කොට අර මොකක්ද එකේ සාමාජිකයෝ වෙන්නත් පුළුවන්. එහෙම උනොත් රේගුවේ බලවතාට විරුද්ධව අල්ලස් චෝදනා එන්නත් ඉඩ තියෙනවා. (නදී)
කම්බා හොරු (නදී)
ලංකාවෙන් පිටතට මැණික් හොරෙන් මෙහෙම ගෙනියන්න අවශ්‍ය නැහැ... විධිමත් විදියට අපනයනය කරන්න පුළුවන්... බදු සහනත් ගන්න පුළුවන්... මේ දෙන්න එ්ක දන්නේ නැතුව හොරෙන් ගෙනිහිල්ල... ලංකාවට ගේන එක තමයි මෙහෙම හොරෙන් කරන්නේ සාමාන්‍යයෙන්...(ස)
රටේ සංවර්ධන වියාපෘති ක්‍රියා කරන්නත් චීනය, රටට අවශ්‍ය ණය මුදල් ගන්නත් චීනය. දැන් හොර බඩු බිස්නස් එකත් චීනය සමග මෙහෙම ගියාම කුඩු,ගණිකාවන්,එතනෝල් හා කැසිනෝ වියාපාරත් චීනයෙන් ආනයනය කරන්න පටන් ගනීද දන්නේ නැහැ ? (නදී)
"අර පැත්තෙන් එලියට" ගත්ත මැනික් නැද්ද? (අ)
ගමන් බලපත්‍ර අවලංගු කලොත් නරකද ? (ර)