රුපියල් පනස් හතර ලක්ෂ හැට නම දාස් හත්සිය හැත්තෑ පහක් වටිනා මැණික් ගල් 218 ක් ෂැම්පු බෝතල් පහක් කුළ සඟවාගෙන චීනය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරුවෝ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස 22 හා 24 වියැති තරුණයෝ බව රේගුව කියයි.
මැණික් ගල් වල බර කැරට් 547.8 කි.
ඔවුහු යු.එල් 846 දරණ ගුවන් යානයෙන් චීනයේ ෂැංහායි නුවර බලා යාමට කටුනායකට පැමිණ ඇත.
මේ පිළිබ‍්ඳ රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක විමල් ලියනගම මහතා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ දෙකක දඩ නියම කොට එම මැණික් ගල් තොගය රාජසන්තක කිරීමට නියෝග කළේය.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක විමල් ලියනගම මහතාගේ මෙහෙයවීමනේ රේගු අධිකාරී එච්.එම් රාජරත්න, එස්.පී.අයි බාලසූරිය, සහකාර රේගු අධිකාරීවරුන් වන සිසිර පෙරේරා, සුසන්ත අබේවර්ධන, ඩබ්ලිව්. ප්‍රේමජයන්ත, මහේෂ් කුමාර, අසංක ප්‍රියදර්ශණ, සඳුලි මැඩොන්සා යන නිළධාරීහු සිදු කළහ.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ෂැම්පු බෝතලෙන් ලක්ෂ 54 ක මැණික් එළියට
සත්‍යයා Tuesday, 02 December 2014 03:41 AM
අහන්න දෙයක් නැහැ අපේ පාලක මාලිමා යන්ත්‍රය චීන දිශාවටම හැරිලා තියෙන නිසා ඒ පැත්තට යන්න හිතාගෙන එන්න ඇති. අමාරුකාරයින්ගේ වයස දිහා බලන කොට අර මොකක්ද එකේ සාමාජිකයෝ වෙන්නත් පුළුවන්. එහෙම උනොත් රේගුවේ බලවතාට විරුද්ධව අල්ලස් චෝදනා එන්නත් ඉඩ තියෙනවා. (නදී)
උදානි Tuesday, 02 December 2014 04:12 AM
කම්බා හොරු (නදී)
නාලක Tuesday, 02 December 2014 04:26 AM
ලංකාවෙන් පිටතට මැණික් හොරෙන් මෙහෙම ගෙනියන්න අවශ්‍ය නැහැ... විධිමත් විදියට අපනයනය කරන්න පුළුවන්... බදු සහනත් ගන්න පුළුවන්... මේ දෙන්න එ්ක දන්නේ නැතුව හොරෙන් ගෙනිහිල්ල... ලංකාවට ගේන එක තමයි මෙහෙම හොරෙන් කරන්නේ සාමාන්‍යයෙන්...(ස)
සත්‍යපාල Tuesday, 02 December 2014 04:31 AM
රටේ සංවර්ධන වියාපෘති ක්‍රියා කරන්නත් චීනය, රටට අවශ්‍ය ණය මුදල් ගන්නත් චීනය. දැන් හොර බඩු බිස්නස් එකත් චීනය සමග මෙහෙම ගියාම කුඩු,ගණිකාවන්,එතනෝල් හා කැසිනෝ වියාපාරත් චීනයෙන් ආනයනය කරන්න පටන් ගනීද දන්නේ නැහැ ? (නදී)
සුන්දරලිංගම් Tuesday, 02 December 2014 04:56 AM
"අර පැත්තෙන් එලියට" ගත්ත මැනික් නැද්ද? (අ)
සමන්ති Tuesday, 02 December 2014 01:00 PM
ගමන් බලපත්‍ර අවලංගු කලොත් නරකද ? (ර)