(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමලේ තේ වතුයායේදි (24) දා පස්වරු 05.00 ට පමණ සොයා ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
අතුරුදන්ව සිට මෙලෙස සොයාගනු ලැබුවේ, හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පදිංචි, (33) හැවිරිදි දිනේෂ් හේමන්ත නමැති තරුණයෙකි.
මරේ තේවතුයායට අයත්, රාජමාලයේ කොටසේ දර කැඩීමට ගිය වතුකම්කරුවන් පිරිසක් විසින් මෙම තරුණයා තේවතුයායට ආසන්නයේ වැටි සිටින අයුරු දැක නල්ලතන්නිය පොලිසියට දන්වා ඇත.
නල්ලතන්නිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වහා රාජමලේ තේවත්තට ගොස් මෙම තරුණයා කැටුවගොස් ප්‍රතිකාර සඳහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.
ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් අරංචි මාර්ග පවසයි.
මෙම තරුණයා තවත් කාන්වතාවන් දෙදෙනෙක් සමඟ නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට ගොස් ඇත. ඉකුත් (19) වෙනිදා සිට මොහු අතුරුදන්ව ඇති බව පවසමින් ඔහු සමග පැමිණි කාන්තාවන්, රත්නපුර මාර්ගයේ සිරිපාගම පොලිසියට පැමිණිලි කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
විරුද්ධ දේශපාලන පක්ෂයක දකුණු පළාතේ ප්‍රධාන නගරයක පැවැත්වූ මැයි දින රැලියකට රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන් සහභාගී වූ පාක්ෂිකයන්ට උදේ ආහාරයට ලබාගත් පාන්
කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සත
හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්
බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.
තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇත
ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ