
(විමුක්ති එස් රුද්රිගු)
මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන එළැඹෙන මාර්තු මාසයේදී අවසන් වීමෙන් පසුව ශ්රී ලංකාවට සහාය විය හැකි ක්රම කීපයක් ජාත්යන්තර මූල්ය අරමුදලට තිබෙන බව ජාත්යන්තර මූල්ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අධ්යක්ෂිකා සොනාලි ජේන් - චන්ද්රා මහත්මිය අච පැවැති මාධ්ය හමුවකදී ප්රකාශ කළාය.
තවත් අරමුදල් වැඩසටහනකට යනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කළ යුත්තේ ශ්රී ලංකා බලධාරීන් බවද ඇය පැවැසුවාය.
කෙසේ නමුත් නව අරමුදල් වැඩසටහනකින්, ප්රතිපත්තිමය උපදේශනය මගින් හෝ අධීක්ෂණය සහ ධාරිතා සංවර්ධනය ඔස්සේ ජාත්යන්තර මූල්ය අරමුදලට මෙරටට සහාය ලබාදිය හැකි බවද ඇය ප්රකාශ කළාය.
නව අරමුදල් වැඩසටහනක් ඉල්ලා සිටියහොත් ඒ යටතේ හෝ එසේත් නැතිනම් ශ්රී ලංකාවට සුදුසු සහ අවශ්ය ආකාරයෙන් අඛන්ඩව සහාය ලබාදීමට ජාත්යන්තර මූල්ය අරමුදල කටයුතු කරනු ඇති බවද ඇය පෙන්වා දුන්නාය.
ජාත්යන්තර මූල්ය අරමුදල සහ ශ්රී ලංකාව ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවද ඇය ප්රකාශ කළාය. තව දුරටත් ශ්රී ලංකාවට සහායවීමට ජාත්යන්තර මූල්ය අරමුදල කැපවී සිටින බව ඇය සඳහන් කළාය.
මෙරට සාර්ව ආර්ථිකය සැළකිය යුතු මට්ටමකින් ශක්තිමත් වී තිබෙන බවත් එසේම අනෙක් රටවලට සාපේක්ෂව ශ්රී ලංකාව ශක්තිමත් මූල්ය ප්රගතියක් ලබාගෙන තිබෙන බවත් සොනාලි ජේන් චන්ද්රා මහත්මිය ප්රකාශ කළාය.
ආර්ථික අර්බුදයේ සිට මේ දක්වා රාජ්ය ආදායම අනුපාතය දෙගුණ කර ගැනීමට ශ්රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බවද ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd