
රෝෂන් තුෂාර
සිය බිරිද නමින් බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා ප්‍රකට සිවිල් ගුවන්යානා සමාගමකින් (European Aeronautic Defence and Space company (EADS)) යූරෝ 1,454,645.54 ක(රුපියල් මිලියන 500කට අධික ) අල්ලසක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රි ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍ර සේන සැකකරු ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරග නියෝග කළේය.
පැය හතකට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරුණු දැක්වීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස සහ එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමට අදාල ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරමින් සිට එකී මිලදී ගැනීමේදි අල්ලස් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳ ඇතුළුව තවත් අයවළුන් සමග කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සැකකරු සිය බිරිද නමින් බෘනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා එම සමාගම නමින් සිංගප්පූරුවේ ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවේ (Standard Chartered Bank) හි ගිණුම් විවෘත කර අල්ලස් මුදල් ලෙස European Aeronautic Defence and Space company (EADS) සමාගම වෙතින් යූරෝ 1,454,645.54 ක මුදලක් ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd