IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අලුත් සභාපතිවරයෙක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල මහතා පත්කර ඇත. 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍ය තමර කළුබෝවිල මහතා වෙත බාරදෙනු ලැබීය.   

කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති වෛද්‍ය තමර කළුබෝවිල මහතා 1986 වසරේ දී කොළඹ වෛද්‍ය පීඨයෙන් MBBS වෛද්‍ය උපාධිය ලබාගෙන වෛද්‍ය වෘත්තියට පිවිස ඇත. 

පානදුර රෝහලෙන් වෛද්‍යවරයකු ලෙස  රාජකාරී දිවිය ආරම්භ කළ කළුබෝවිල මහතා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මාතෘ හා ළමා වෛද්‍ය නිලධාරී, වසංගත රෝග වෛද්‍ය නිලධාරී, ආයතන භාර වෛද්‍ය නිලධාරී ආදී වශයෙන් තනතුරු රැසක සේවයෙන් පසු හොරණ රෝහලේ වෛද්‍ය අධිකාරී ලෙස වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයට පිවිසියේය.

වෛද්‍ය පරිපාලන සේවාවට අදාළ පශ්චාත් උපාධිය කොළඹ පශ්චාත් උපාධි ආයතනයෙන් 2002 වසරේ ලබාගෙන ඇති වෛද්‍ය තමර කළුබෝවිල මහතා ඉන් අනතුරුව පානදුර රෝහල, හොරණ රෝහල, කළුතර මහ රෝහලේ මෙන් ම  කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ ලෙසත්, කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (RDHS) ලෙසත් කටයුතු කර ඇත.

 වෛද්‍ය තමර කළුබෝවිල මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අද (30) උදෑසන  සිය ධූරයේ වැඩ බාර ගත්තේය.

 



අදහස් (2)

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අලුත් සභාපතිවරයෙක්

Jagath Leanage Wednesday, 30 July 2025 12:37 PM

රෝහල් පරිපාලනය සම්බන්ධයෙන් එතුමාට සුදුසුකම් තියන නිසා හොඳ රාජකාරියක් කරාවි කියා බලපොරෝත්තු වෙනවා.

:       1       6

සඳුන් Wednesday, 30 July 2025 03:06 PM

මෙතුමාත් බේරිලා ඇමතිවරයාගේ වස්ත්‍රයත් බෙරාගැනීමට හැකි දක්ෂයෙක්. හැබැයි රෝහලත් එහෙම තිබ්බ විධියටම තියෙයි.

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 589 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site