IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශිහාන්ගේ 'කරපිංචා මාලේ' ට ප්‍රතිචාර ගොඩයිලු

2016-04-18-ent-38

ශිහාන් ප්‍රනාන්දු යනු නවක ගායකයෙකි. ඔහු විසින් පසුගියදා එළිදැක්වූ "කරපිංචා මාලේ" ගීතයත් සමග ඔහුට බොහෝ රසික ප්‍රතාචර හිමිවිය. වෙනස් සංකල්පයක් යටත් ලියැවුණු මේ ගීතය පිළිබඳව ශිහාන් අපත් සමග පැවැසුවේ මෙවැනි අදහසකි.

"මේ ගීතය ගැන කිව්වොත් ඇත්තටම Official විදිහට දාපු පළවැනි මියුසික් වීඩියෝව. මීට කලින් සිංදු කරලා තියෙනවා. දැනට YouTube එකේ මගේ අනිත් සිංදු අහන්න පුළුවන්. මට ඇත්තටම ඕන වුණේ, වෙනස් සිංදුවක් කරන්න. වෙනස් වීඩියෝවක් කරන්න. හැබැයි ඒදේට තේරුමක් තියෙන්න ඕනෙ කියලා හිතුණා. පොඩි සතුටක් එක්ක තේරුමක් තියෙන ගීතයක්. අපි හිතමුකෝ සීනි තියෙන අයට සීනි කන්න එපා කිවුවට අහන්නේ නැහැනේ. ඒකට හොඳ හාලක් වගේ දෙයක් කන්න වගේ අදහසක් තමයි මේ ගීතයෙන් එන්නේ. අපි දැන දැන වැරදි කළාට ඒ වැරැද්දට මොකක් හරි දෙයක් කරන්න ඕනේ. ඒ වැරැද්ද නැති කරගෙන කවදා හරි දිනන්න ඕනේ කියලා තමයි තියෙන්නේ."

"තාලා රූප" විසින් තමයි මෙහි වීඩියෝව කළේ. සිංදුවේ පද රචනය සහ මෙලඩි එකත් මගේ. සංගීත කළේ මියුසික් අවන් එකේ ලහිරු පෙරේරාත් එක්ක එකතු වෙලයි. ගීතයට මේ දවස්වල හොඳ ප්‍රතිචාර තියෙනවා. දැනට නාළිකා දෙක තුනකත් ප්‍රචාරය වෙනවා. මේ ගීතියට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම කරන්න සැලසුම් කරපු දේ ඒ අකාරයෙන්ම ඉටුවෙලා තියෙනවා කියලා මට හිතෙනවා."

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-04-18-ent-35
2016-04-18-ent-36
2016-04-18-ent-37  
2016-04-18-ent-39

 



අදහස් (0)

ශිහාන්ගේ 'කරපිංචා මාලේ' ට ප්‍රතිචාර ගොඩයිලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site