
(රෝෂන් තුෂාර)
අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවලට වරදකාරියව වසර දෙකක සිර දඬුවමකට හා රුපියල් ලක්ෂයක දඩ නියම වු රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශට අදාළ දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව ඔක්තෝබර් 12 දින තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2022 මැයි 27 දින ලබා දුන් දඬුවම් නියෝගය කොළඹ මහාධිකරණය මගින් ස්ථිර කරමින් ලබා දුන් තීන්දුව කියවාදීම සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ඇයගේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායිකාව දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවය. අදාළ පෙත්සම විභාගය වෙමින් පවතින බව පැවසීය.
එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් යොමු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ කාර්ය සටහන් වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන්නේ ද යන්න පිළිබඳව විමසා සිටියේය.
ඊට ප්‍රතිචාර දැක්වූ නීතිඥවරයා කියා සිටියේ ඉදිරි දිනයේදී එය ගොනු කරන බවය. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව කැඳවීම ඔක්තෝබර් 12 වැනි දිනට දින නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd