IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශිෂ්‍යභට බලකා දිනය කතරගම

ජාතික ශිෂ්‍යභට බලකා දිනය නිමිත්තෙන් මූලස්‌ථානය, පුහුණු මධ්‍යස්ථානය, බලඇණි ධජයන් හට නිලධාරී/නිලධාරිනීන්, ශිෂ්‍යභට බාලක/බාලිකාවන් ආශිර්වාද හා සෙත් පැතීමේ උත්සවය ඓතිහාසික රුහුණු කතරගම දේවාලය හා කිරි වෙහෙර අබියසදී පැවැත්විණි.

පෙළපාලිය තුර්යවාදක ඛණ්ඩ හා නැටුම් කණ්ඩායම පෙරටුකොට ගත් ධජ කණ්ඩායම් කිරිවෙහෙර මළුව, අෂ්ඨ ඵල බෝ මළුව හා කතරගම මහා දේවාලයෙන් ආශිර්වාද ලැබීය.

 

කොළඹ ආනන්ද විද්‍යාලය හා ඩී.එස්. සේනානායක විදුහල් තූර්යවාදක ඛණ්ඩ ද සෙල්ලකතරගම මහා විද්‍යාලය කාවඩි නර්තන ද දෙබරවැව ජාතික පාසල නර්තන අංගයකින් ද පෙරහර වර්ණවත් කළේය

 

ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් එච්.එම්.එච්.ඒ. හේරත් එම්එස්සී මැතිතුමාගේ නව සංකල්පයකට අනුව ප්‍රථම වතාවට එතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව මාලාව පැවැත්වූ අතර මෙම අවස්ථාවට ජාතික ශිෂ්‍යභට බලකායේ නිලධාරී/නිලධාරීනීන්, ශිෂ්‍යභට බාලක බාලිකාවන් හා දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවිය.   

 



අදහස් (0)

ශිෂ්‍යභට බලකා දිනය කතරගම

කැනඩා දිසා Tuesday, 20 May 2014 07:15 AM

වර්ණලාභී ශිෂ්‍යභට සැරයන් කෙනෙක් හැටියට දැනගන්න ආසයි ,මොකක්ද මේකෙන් අරමුණු කරන්නේ කියලා. (නි)

:       0       0

රවින්ද්‍ර Tuesday, 20 May 2014 09:49 AM

දිසා ඔය අහල තියනවද නන්දා මාලනිගේ සින්දුවක් තියනවා "බුදු හිමියන්ටත් කළි යුගයේ... දෙවියන්ගේ පිහිටයි... බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි..." (දී)

:       0       0

විපුල Monday, 19 May 2014 08:45 PM

හරිම ලස්සනයි. ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

ජයන්ත Tuesday, 20 May 2014 06:29 PM

කැනඩා දිසා,ඕකත් අහන්න දෙයක්ද? එච්චරට දෙයක් තේරුම් ගන්න බැරිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site