ජාතික ශිෂ්‍යභට බලකා දිනය නිමිත්තෙන් මූලස්‌ථානය, පුහුණු මධ්‍යස්ථානය, බලඇණි ධජයන් හට නිලධාරී/නිලධාරිනීන්, ශිෂ්‍යභට බාලක/බාලිකාවන් ආශිර්වාද හා සෙත් පැතීමේ උත්සවය ඓතිහාසික රුහුණු කතරගම දේවාලය හා කිරි වෙහෙර අබියසදී පැවැත්විණි.
පෙළපාලිය තුර්යවාදක ඛණ්ඩ හා නැටුම් කණ්ඩායම පෙරටුකොට ගත් ධජ කණ්ඩායම් කිරිවෙහෙර මළුව, අෂ්ඨ ඵල බෝ මළුව හා කතරගම මහා දේවාලයෙන් ආශිර්වාද ලැබීය.
කොළඹ ආනන්ද විද්‍යාලය හා ඩී.එස්. සේනානායක විදුහල් තූර්යවාදක ඛණ්ඩ ද සෙල්ලකතරගම මහා විද්‍යාලය කාවඩි නර්තන ද දෙබරවැව ජාතික පාසල නර්තන අංගයකින් ද පෙරහර වර්ණවත් කළේය
ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් එච්.එම්.එච්.ඒ. හේරත් එම්එස්සී මැතිතුමාගේ නව සංකල්පයකට අනුව ප්‍රථම වතාවට එතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව මාලාව පැවැත්වූ අතර මෙම අවස්ථාවට ජාතික ශිෂ්‍යභට බලකායේ නිලධාරී/නිලධාරීනීන්, ශිෂ්‍යභට බාලක බාලිකාවන් හා දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවිය.
.jpg)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ණලාභී ශිෂ්‍යභට සැරයන් කෙනෙක් හැටියට දැනගන්න ආසයි ,මොකක්ද මේකෙන් අරමුණු කරන්නේ කියලා. (නි)
දිසා ඔය අහල තියනවද නන්දා මාලනිගේ සින්දුවක් තියනවා "බුදු හිමියන්ටත් කළි යුගයේ... දෙවියන්ගේ පිහිටයි... බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි..." (දී)
හරිම ලස්සනයි. ලංකාදීපයට ස්තූතියි! (නි)
කැනඩා දිසා,ඕකත් අහන්න දෙයක්ද? එච්චරට දෙයක් තේරුම් ගන්න බැරිද? (නි)