IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශිෂ්‍යත්ව විභාගය ඇරැඹෙයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 9.30ට   ආරම්භ විය.

විභාග මධ්‍යස්ථාන 2836ක දී අපේක්ෂකයෝ 329725 දෙනෙක් ඊට පෙනී සිටිති.

එහි රාජකාරි සඳහා නිලධාරීහු 18000ක් යොදවනු ලැබ සිටිති.



අදහස් (0)

ශිෂ්‍යත්ව විභාගය ඇරැඹෙයි

මොහමඩ් - සෞදි Sunday, 25 August 2013 09:44 AM

විභාගයට පෙනී සිටින සෑම නැගිලා මල්ලිලාට උණුසුම් සුභ පැතුම්!!! (දී)

:       0       0

ශම්මි Sunday, 25 August 2013 10:03 PM

අද ප්‍රශ්න පත්තරේ හරි අමාරුයි,ඒක හදපු මාමලා හරි නරකයි (නි)

:       0       0

චන්දි Sunday, 25 August 2013 09:51 AM

සියලුම දු දරුවන්ට !!විභාගය ජය ගැනීමට අවශ්‍යධෛර්යය හා ශක්තිය ලැබේව !!!! සැමට තෙරුවන් සරණයි!!! (දී)

:       0       0

සුදත් Sunday, 25 August 2013 09:55 AM

ඔබ සැමට තෙරුවන් සරණින් ජයවේව! (දී)

:       0       0

අමිල කටුනායක Sunday, 25 August 2013 09:57 AM

අම්මාලා ගොඩාක් දුක් ගන්නේ ඕකට තමයි (දී)

:       0       0

රේමා Sunday, 25 August 2013 03:22 PM

සියලු දූ දරුවන්ට විභාඝයෙන් ජය ලැබේවා!(නදී)

:       0       0

කසුන් චාමර Sunday, 25 August 2013 03:50 PM

අද ඇරඹෙන මේ ශිෂ්‍යත්වය විභාගය වගේ දරුවන්ගේ මොළය කුරුවල් කරන තව විභාගයක් මම නම් දැකලා නැහැ. හැම සැරේකම ප්‍රශ්න පත්‍රවල වැරදි හරියට. ඉතින් කොහොමෙයි ලමයෙක් හරියට උත්තර ලියන්නේ, ගුරුවරු පවා හරි උත්තර දෙන්න දන්නේ නැති කොට. මම නම් දන්නේ නැහැ. මගේ කවුරුවත් නම් මම යවන්නේ නැහැ මේ වගේ මෝඩ විභාගයක් පාස් කරන්න. අනික පහේ ශිෂ්‍යත්ව විභාග් පාස් වුනා කියලා අහවල් මඟුල ලැබෙන එකක් යෑ. යමක් කමක් තියෙන හොඳ සමාජ මට්ටමක ඉන්න දෙමව්පියන්ට මේ මළ ඉලව් විභාගේ තිබ්බත් එකයි නැතත් එකයි. මම නම් කියන්නේ අපේ තරුණ දරු පරම්පරාවට විනයක් සිදු කරන වෙනත් විභාගයක් මම දැකලා නැහැ පහේ ශිෂ්‍යත්ව විභාගය තරම් දරුණුවට. කොටින්ම කියනවා නම් මම මගේ හතුරෙක්ගේ දරුවෙක් වත් මේ විභාගේ ලියනවට කැමති නැහැ. මොකද මම කැමති නැහැ අසරණ දරුවෝ උන්මත්තකෝ පිස්සෝ වෙනවා දකින්න. මේ විභාගය ළමා මනසට සිදු කරන්නේ යළි කවදාවත් හැදිය නොහැකි විනාශයක්. බරපතල අපරාධයක්. අධ්‍යාපනය කියන්නේ චර්යාවේ සිදුවන ධනාත්මක වෙනස්කමක් ක්‍රමිකව ඇති කරවීමයි. එහෙම නැතිව දරුවෙකුට දරා ගන්න අමාරු වෙන විදිහට සිංහල, දෙමළ, ගණිතය, දෙමළ, ජපන් ආදී විෂය ගොන්නක් එක්වර ලපටි මනසට දැනුම ලෙස පැටවීම තුළින් අධ්‍යාපනයේ දිගු කාලීන ඉලක්ක හා අරමුණු ජය ගත නොහැකි බව පහේ ශිෂ්‍යත්ව මේනියාවට රැවටුනු එයින් මෝහනයට හා ස්වයං වින්දනයට පත් වූනු වැඩිහිටියන්ට වටහාදීම ලේසි පහසු නැහැ. අධ්‍යාපනයේ ඉලක්ක හා අරමුණු දිගු කාලීන වුන තරමට අධ්‍යානය සඳහා යමෙකුට තමන්ගේ ජීවිතේ විශාල කාලයක් මිඩංගු කළ හැකියි. අධ්‍යාපනය ක්ෂණික නූඩ්ල්ස් කර ගත්තොත් අන්තිමට දරුවන් මානසික රෝගීන් බවට පත් වෙලා තමයි ඔය අශ්ව රේස් යන එන නතර වෙන්නේ. කොච්චර කිව්වත් ටියුෂන් මාස්ටර්ලා මාස්ටර් වරියන් ළඟට වදෙන් පොරෙන් දක්කගෙන එන දරුවෝ දිහා බලද්දී ඒ අය ගැන ඇති වෙන්නේ ඉතාම සානුකම්පිත හැඟීමක්. හරියට කුඹුරකට හරක් දක්කනවා වගේ මෙහෙම වද දි දී දරුවන්ව වියුෂන් මඩු තුළට පැය 5-6 කූඩු කරලා හරියට සත්තු වගේ මුලික මනුෂ්‍ය අවශ්‍යතාවත් හරිහැටි ඉටු කර ගැනීමට අවස්ථාවන් ලබා නොදී සිරගත කර ගෙන ලබා දෙන්නේ අධ්‍යාපනයද නැතිනම් අධ්‍යාපනය වගේ වෙන මොකක්දැයි අධ්‍යාපන විද්‍යාව විධිමත්ව හදාල මම නම් නොදන්නෙමි.අප අධ්‍යාපන විද්‍යාව පර්යේෂණවලදී ඉගෙන ගන්නා ලද මූලික අධ්‍යාපන මනෝ විද්‍යා සංකල්ප පවා මෙවැනි නූගත් මිනිසුන් විසින් අමු අමුවේ උල්ලංඝනය කරන ආකාරය දකින විට අනේ මේ මිනිස්සු මක් කරලා වත් හදාගන්න බැහැ වැනි සානුකම්පිත හැඟීමක් ඇති වේ. මිනිසුන්ගේ ආකල්ප, කුසලතා හා චර්යා වෙනස් කිරීම අධ්‍යාපනයයි. නමුත් මිනිස්සු අධ්‍යාපනය කියලා සාමාන්‍යයෙන් දන්නේ මොනවා හරි පොතක තියෙන විෂය කරුණු ටිකක් දිරෝගන්න අමාරු වෙන විදිහට ඔන්න ඔහේ මොළය ඇතුලට දාගන්න එක විතරයි. ඒක අධ්‍යාපනය නෙවෙයි. දැනුම අධ්‍යාපනයෙන් ලැබෙන එක් අතුරු ප්‍රතිඵලයක් පමණකි. නූතන ලෝකේ අධ්‍යාපනය අර්ථකථනය කරනුයේ මානව චර්යා පිලිගත් සම්මත ක්‍රමවේදයකට අනුගතව වෙනස් කරනු ලබන මෙවලමක් වශයෙනි. ලෝකයෙහි දැනට දියුණු රටවල බොහෝවිට භාවිතා කරන සම්මත අධ්‍යාපන සංකල්පය ඔන්න ඕකයි. මමත් මගේ මිතුරන් පිරිසත් අතර මෙවැනි බොහෝ ශාස්ත්‍රීය සංවාද බහුලව ඇති වෙන අතර සාමන්‍ය මිනිසුන් තුළ බොහෝවිට දක්නට ලැබෙන දුර්වලතා ඇති වී ඇත්තේ සාමාන්‍ය ප්‍රජාව අතර මෙවැනි සංකල්ප ව්‍යාප්ත වී නොමැති නිසා බව අවබෝධ කරගත හැකිය. (නදී)

:       0       0

මෝහමෙඩ් අලි Sunday, 25 August 2013 04:08 PM

කසුන් චාමර, නියම ප්‍රතිචාරය. සියයට සියයක් එකගයි.(නදී)

:       0       0

සුනිල් Sunday, 25 August 2013 04:36 PM

ලගදිම 2 පංතියටත් මෙවැනිම ව්භාගයකට කැබිනට් අවසරය ඉල්ලලා කියලා ආරංචිද?(නදී)

:       0       0

අකලංක Monday, 26 August 2013 12:18 PM

මේ විභාගේ ළමයින්ට සුදුසු නෑ කියන්නේ කව්ද?මේක ටොයිස් විභාගයක්නේ. ,මේකෙන් ළමයින්ට සුපිරි පාසලකට යන්න අවස්ථාවකුත් ලැබෙනවා. (ස)

:       0       0

සුනිල් Sunday, 25 August 2013 11:02 AM

ශිෂ්‍යත්ව විභාගයට ළමයි සහ දෙමාපියන් මහන්සිවෙන ප්‍රමාණයෙන් පේන්නේ රටේ විවිද ප්‍රදේශ වල ක්‍රියාත්මක වෙන නිදහස් අධ්‍යාපනයේ විෂමතාවය සහ අසමානතාවය නොවේද?(නදී)

:       0       0

ප්‍රියන්ත Sunday, 25 August 2013 11:11 AM

ඔබ සැමදෙනාටම තෙරුවන් සරණින් ජය වේවා දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න ශක්තිය ලැබේවා!(නදී)

:       0       0

ප්‍රියන්ත Sunday, 25 August 2013 11:11 AM

ඔබ සැමදෙනාටම තෙරුවන් සරණින් ජය වේවා දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න ශක්තිය ලැබේවා.(නදී)

:       0       0

අසංග Sunday, 25 August 2013 05:22 PM

අපේ අහිංසක දරු පැටව්න්ට ජයෙන් ජයම වේවා......තෙරුවන් සරණයි.(දී)

:       0       0

ජගත් ලියනගේ Sunday, 25 August 2013 12:10 PM

මේ පාරවත් විගාගයක් හරියට කරගන්න විභාග දෙපාර්තමේන්තුවට නුවණ පැහැදේවා (දී)

:       0       0

නිස්සංක Sunday, 25 August 2013 12:27 PM

හැම දරුවෙකුටම ජේසු පිහිටයි (දී)

:       0       0

මිහින් Sunday, 25 August 2013 06:18 PM

ගමේ ළමයෙකුට හොද පාසලකට යන්න අවස්තාවක් මේක (දී)

:       0       0

මෝරලා Sunday, 25 August 2013 01:20 PM

සුබ අනාගතයක්.(නදී)

:       0       0

ගාත් Sunday, 25 August 2013 01:55 PM

ඔබ සැමට ජය!(නදී)

:       0       0

මහින්ද Monday, 26 August 2013 09:50 AM

සියලු දරුවන්ට බුදු සරණයි ! (ස)

:       0       0

කටුවිට Sunday, 25 August 2013 02:20 PM

නිලදාරී 18 දාහක් දාල හරි i මේකවත් හරියට කර ගත්තොත් මගේ කොල්ලත් මේ ගමන විභාගේ කරයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site