‘මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සමත් ලකුණු මට්ටම ඉතාම වැඩි බවට සමාජයේ මතයක් තිබුණා. එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 80 බැගින් ගත්තත් ඒ මට්ටමට ළඟා වෙන්න බැහැ. ඉතින් සමාජයේ දැඩි ඉල්ලීම මත සහ දේශපාලන හේතු මත ලකුණු මට්ටම අඩු කළා. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රධාන දෙයක් තමයි ජනප්‍රිය පාසල් ලබා දීම. දැන් ලකුණු මට්ටම අඩු කළා වගේම විභාගය සමත් සිසුන්ට නිසි ලෙස එම පාසලුත් ලබා දිය යුතුයි.‘ යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
ඔහු එලෙස කීවේ ලංකාදීප එසැණ සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
උපකාරක පන්ති සඳහා ආචාර ධර්ම පද්ධතියක් ගෙන ඒමෙන් උපකාරක පන්ති නීති ගත වන බවත්, එනිසා උපකාරක පන්ති වලට ආචාර් ධර්ම පද්ධතියක් හදුන්වා දීමට විරුද්ධ බවත් ඔහු කීවේය.
ගුරු විදුහල්පති උසස්වීම්, වැටුප් විෂමතා, නව සේවා ව්‍යවස්ථාව, අයවැයෙන් ලැබුණු සහන, පාසල්වල මුදල් එකතු කිරීම ආදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්න රැසක් ගැන ඔහු අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේ කතාවේ වරදක් පෙනෙන්න නැහැ (නි)
ලංකාවේ බත් කන හරක්ට මේවා කියල වැඩක් නැහැ.(හේ)
අධ්‍යාපනය දේශපාලනය තුළින් නැති කරලා. (ර)
ආචාර ධර්ම නම් ඕනෑම නැහැ. අනේ සර්..... (නි)
අනේ අපි නම් ඕවට මොකුත්ම කියන්නෙ නැහැ (නි)
බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ(අ)
ඉගැනුමට දක්ෂ දරුවන් කොහේ ඉගෙන ගත්තත් ඉගෙන ගන්නවා.ජනප්‍රිය පාසල් ඕනවෙලා තියෙනේ දෙමාපියන්ට.(හේ)
අනේ අපි නොදන්නවායැ ඔය කාගෙ කාගෙත් හැටි (නි)
මේ ශිෂ්‍යත්ව විභාඝය කුඩා දරුවාගේ හිස මත පැටවූ අනවශ්‍ය බරකි. මේ ක්‍රමය අහෝසි කළයුතුය. ලෝකයේ දියුණු රටවල මෙවැනි දේවල් නැත (නි)
එතුමා කියන කතාවේ ඇත්තකුත් තියෙනවා තමයි (නි)
අදහස හොඳයි ක්‍රියාත්මක වෙනවා නම් (නි)
අනේ පව් මේ මොනවා කියනවද. කවුද මේවා අහන්නේ කියලවත් දන්නේ නැතුව ඇති.(හේ)