හරීන් ප්‍රනාන්දු මහතා ඌව පළාත් සභා මහ ඇමැති පදවියෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම අභියාචනාධිකරණය අද (2) ඉවත දැමීය.
පසුගිය ඡන්දයේදී සන්ධානය ජයගෙන මහ ඇමැති පදවියට පත්වූ තමා ඉවත් කරමින් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා කළ පත්වීම අවලංගු කරන ලෙස ඔහු අභියාචනාධිකරණනයෙන් ඉල්ලා සිටියේය.
අභියාචනාධිකරණ රීතිවලට අනනුකූලව පෙත්සම ඉදිරිපත් කළැයි මලල්ගොඩ හා මඩවල විනිසුරුවරු ප්‍රකාශ කළහ. හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැතිකමට පත් කරමින් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කැරුණු ගැසට් නිවේදනය පෙත්සමට අමුණා නොතිබූ බවත් එහෙයින් පෙත්සම ඉවත දමන බවත් විනිසුරුවරුන් වන විිජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල යන මහත්වරු තීන්දු කළහ.
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද අධිකරණයට පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනරාල්ගේ ජනාධිපති පෙත්සමටත් වුණේ මේක තමයි (දිල්)
සැබෑ යහපාලනයේ පෙරනිමිති. (ර)
නැවත උත්සාහ කරන්න. (ර)
කතරගමට බාරයක් වෙමු .(නදී)
ජය වේවා.! (ර)
යකාගේ වැඩක්නේ ඒක. (නදී)
මේ කිසි කෙනෙක් පරාජය පිළිගන්න කැමති නැහැ එ්කයි මේ (නදී)
නඩුව දමල ඇත්තේ යහපාලනය ගැන නොම දන්නා කමින්ය (නදී)
සිල්වා, යක්කුන්ගෙන් පවා වැඩ ගන්න කාලයක් මේක (නදී)
අර ගොඩ පෙරකදෝරුව ගේනව නම් නඩුව දිනන්න තිබුන (නදී)