IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්

 

(රෝෂන් තුෂාර)

අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා රජයේ නිලධාරීන්ට බලපෑම් කර වන්දි ලබාගත්තේ යැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ශරීරයේ සෝඩියම් සාන්ද්‍රණය වැඩිවී වකුගඩු වලට බලපෑම්වීම සම්බන්ධයෙන් පූර්ණ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (30) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

පොදු දේපල පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුට ඇප ලබාදීමටට තරම් සුවිශේෂී කරුණක් ඉදිරිපත් වී නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 14 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

සැකකරුට රෝග ඇත්නම් එය තත්කාලීන විය යුතු බවත්, ඉපදීමට තරම් සුවිශේෂී කරුණක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත් සැබවින්ම ඔහුට පවතින්නේ මොනයම් රෝගයක්ද යන්න පිළිබඳව හා මෙතෙක් බන්ධනාගාර ගතව සිටීමේ දී ලබාගත් ප්‍රතිකාර මොනවාද යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

මාස දෙකක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරු රෝග රැසකින් පෙලෙන බවත් ඔහුගේ ශරීරයේ සෝඩියම් සාන්ද්‍රණය ඉහළ ගොස් වකුගඩු වලට දැඩි බලපෑම්වීමට ඉඩ ඇති බැවින් සැකකරුට ඇප ලබා දෙන්නයි ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.

සැකකරුට එරෙහිව පොදු දේපල පනත යටතේ විමර්ශන සිදු කරන හෙයින් නඩු විභාගය අවසාන වන තෙත් බන්දනාගාර ගත කරන ලෙසට අල්ලස් කොමිසම ඉල්ලා සිටියේය.



අදහස් (5)

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්

ravin Tuesday, 30 September 2025 11:43 AM

දෙයියන්ගේ දේවල් කන්න එපා කියන්නේ ඕකට තමයි

:       1       14

පිටිගල මිලානෝ Tuesday, 30 September 2025 11:50 AM

අන්න අර්ජුන් අංකල් එනවා තනියට ඉන්න….

:       1       13

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 30 September 2025 01:13 PM

දැන් සැපට නින්ද යනවයි? වලව්වේ ඉන්නකොට වගේ රෑට නින්දෙන් ඇහැරෙන්නේ, හුස්ම හිරවෙන්නේ එහෙම නෑ නේද?

:       1       14

ජනයා Tuesday, 30 September 2025 01:32 PM

මුන් ගේ පරම්පරාවම දළදා මාලිගාවේ , මහා භාණ්ඩාගාරයේ ඉඳන් අපේ බඩත් හූරන් කන ජරාම සෙට් එකක්....

:       1       16

සුදා Tuesday, 30 September 2025 02:38 PM

අයියෝ ශෂී, ඔයාගෙ අනිත් ලෙඩ කියන්න නම් එපා. අරයත් දැනගනීවි, කටපියන් ඉවසන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1715 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site