ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඌව මහ ඇමැති ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ කොළඹ දී අද (30) දිවුරුම් දුන්නේය.
සන්ධානයේ සෙසු ඇමැති වරු දිවුරුම් දීම පසුවට කල් තැබිණි.ඊට හේතුව සන්ධාන ලේකම් සුසිල් ප්‍රේම ජයන්ත රටින් බැහැරව සිටීමයි.
ශෂින්ද්‍රගේ පියා කතානායක චමල් රාජපක්ෂ , අගමැති දි මු ජයරත්න ඇමැතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන ,නිමල් සිරිපාල ද සිල්වා ,බැසිල් රාජපක්ෂ හා ඌව ආණ්ඩුකාර නන්ද මැතිව හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු මේ අවස්ථාවට එක් වුහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මහඇමති වෙලා ඉවරනේ (නදී)
මේකේ ඔක්කොම ජයවේවා ජයවේවා කියන්නේ මොකටද මන්දා? මහ අමතිලට කොහොමත් ජය තමා. අවුරුදු ගානක් මහා ඇමති වෙලා ඉදල විපක්ෂේටත් වැඩිය අඩුවෙන් ගත්ත මිනිහට මොකටද ජයවේවා කියන්නේ. (ස)
දිනුවට වැඩක් නැහැ බදුල්ලට මොනවද කරේ. මොනරාගල කළාට මෙතැනින් පස්සේ බදුල්ලටත් වැඩ කරන්න නැත්නම් ජනාධිපතිවරණයෙන් හොඳටම පැරදෙයි (නදී)
දිනුවට වැඩක් නෑ බදුල්ලට මොනවද කලේ? මොනරාගල කලාට. මෙතැනින් පස්සේ බදුල්ලටත් වැඩ කරන්න. නැත්නම් ජනාධිපතිවරනයෙන් හොදටම පරදයි. (ස)
දිනන්න නම් කාටත් බැරුවායැ. නමුත් කතරගම ශ්‍රී ස්කන්ධක්කුමාර දෙවියන්ගේ ආශිර්වාදයෙන් දිනපු බවක් නම් පේන්නේ නැහැ. එක නිසා ඉදිරියට නිලධාරීන්ගේ හඬට කන් නොදී ජනතාවගේ හඬ අසන්නට ජනතාව අතරට යන්න මහන්සි ගන්න. මිනිසුන්ගේ දහදිය ටිකක් ශරීරෙ ගෑ උනාට කමක් නැහැ. (ස)
ඔබට ජය (දී)
ජයවේවා! (දී)
කොහම හරි අපේ මහා ඇමති තුමා දිනුව. එතුමාට සුබ පතමු.(දී)
කවුරු පිලි නොගත්තත් අපි පිලි ගන්නවා ඔබ මහඇමති කියලා (දී)
ඌව මැතිවරණයෙන් ඔබ "උගත් පාඩම් " හොඳින් මෙනෙහි කරමින් සැඟවුණු අමුත්තකු නොවී ඌව පලාතට වැඩ නොකොළොත් ඉදිරියේ එන ජනාධිපතිවරණයේදී ඔබව පහළටම වැටෙනු ඇත. එබැවින් ජනතාවට සේවය කරන්නට පිඹුරුපත් සකස් කරන්න. විරුද්ධ පක්ෂයේ නායකයා ඔබට වඩා ප්‍රබල වීම ඔබේ දුර්වලතාවය නිසා සිදු වන්නකි' ඒ බව අමතක නො කරන්න. (ස)
මට ඌවේ මහ ඇමති ඔබයි. (නි)
සුභපතනවා මහත්තයා (දී)
අනේ අනේ සමන්, ඔයා මැතිවරණ ප්‍රතිඵල හරියට දැක්කේ නැද්ද? (නි)
ඔබතුමා සැබෑ දක්ෂයෙක් (නි)
ඔබේ ජය පිලිබදව සැහීමකට පත්විය නොහැක ,කරුණාකර මිට වැඩිය ජනතාවට සමීපව කටයතු කරන්න, (ස)
ජය වේවා! (නි)
අනේ වාසනාවන්.! (නි)
අපි ඕක කලින්ම දන්නවා (දී)
හදවතින්ම සුභාපතනවා (දී)
ඔබයි අපේ මහ ඇමති (දී)
අපිට ප්‍රශ්ණයක් නැහැ. හැබැයි දරුවන්ට කන්න අදින්න දෙන්න සල්ලි නැහැ කියල අපිට නම් කුනුකුනු ගාන්න එපා. (නදී)
සුභපතනවා ඔබ තුමන්ට අපි නම් දැනගෙන හිටියා (දී)
මිනිස්සුන්ට හොඳ නිසා පත් කර ගත්තා අපිට මොකුත් කියන්න බැහැ (දී)