තව සති කිහිපයකින් සිය නිළයේ කාලය අවසන් වීමට නියමිත කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත දේවාලයේ සියලු ආදායම් හා බැරකම් ගැන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් පවත්වයි.
දේවාලයේ ඉඩම් හා ලැබුණු ආධාර පිළිබඳව ද දේවාලයේ මුදල් වියදම් කළ ආකාරයද සොයා බලන බව එහි නිලධාරීයෙක් කියයි.
මහජන පැමිණිලි කිහිපයක් ගැනද පරීක්ෂණ කැරෙයි. මේ දක්වා සිදු කළ පරික්ෂණ අනුව දේවාලයේ වියදම් හා ලැබීම් පිළිබඳව නිවැරදි වාර්තාවක් ඉදිරිත් කර ඇති බව පෙනේ යැයිද කියයි.
පූර්ණ කාලීනව දේශපාලනයේ නිරතවීම සඳහා වසර 08ක් පුරා සිටි දේවාලයේ බස්නායක නිළයෙන් ඉවත් වන බවයි.
දේවාලයට ලැබුණු මුදල් වලට වඩා තමන්ගේ හිතවතුන්ගෙන් හා පැවති රජයෙන් අනුග්‍රාහකත්වය මත දේවාලයේ සංවර්ධන රැසක් සිදු කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉස්සර ඉදලම හැම අව්රුද්දකම කතරගම ගියහම එම දේවාලේ නඩත්තු කටයුතු වෙනුවෙන් ලොකු මුදලක් පුජා වට්ටියට තියනවා. නමුත් දේවාලයේ සිද්ද වෙලා තිබෙන සත්‍ය අන්තර්ජාලයේ හෙළි කලාට පසුව මම දන්නා කියන කෙනෙකුටවත් ලොකු මුදල් දාන්න දෙන්නේ නැහැ. අපි දෙවියන් වෙනුවෙන් දෙන මුදලුත් ගසා කාපු රටක් මේක. (නදී)
මාසෙකට සැරයක් කතරගම දේවාලය ඇවරයි දෑවරයි කරලා වැඩිම ලන්සුව දුන්නු කපු මහතාට තමයි දේවාලය බාර දෙන්නේ. අපි දාන තුටු පැදුරු වලින් කෝටි ගානක් පැත්තක ඉන්න අයට බෙදිලා යනවා. ඉතිරි මුදලින් දේවාලයේ වැඩ කරන අයට පඩි ගෙවන්නත්, නඩත්තු කටයුතු කරන්නත් සිද්ද වෙනවා. කාට කියන්නද?මේවා ජනතාව දැන ගන්න ඕනේ.(නදී)
ජය ශ්‍රී ශෂින්ද්‍ර! (නි)
මහජනතාව තීරණය කරයි මේ අය දේශපාලනයේ රැදෙන්න ඕනිද එපා ද කියලා (දිල්)
රට වෙනුවෙන්, රටේ ජිවත් වෙන සතා සිව් පාවා වෙනුවෙන්, අසරණ අපි වෙනුවෙන් රාජපක්ෂවරු කරලා තිබෙන සංවර්දනය ගැන හිතනකොට "රාජපක්ෂ" කියන නම ඇහෙනකොටත් මටනම් පුදුම බියක් ඇති වෙන්නේ. (නදී)
ඔබ තුමාටත්, ජනතාවටත් දෙවියන්ගේ පිහිටයි. (නදී)
මගේ ඥාති තරුණ දරුවෙක් පොඩි කාලේ ඉදල සැපට හැදුන, කොලඹ ප්‍රසිද්ද විදුහලක ඉගෙන ගත්තු දරුවෙක් යහළුවන්ගේ මාර්ගයෙන් කුඩු වලට ඇබ්බැහි වෙලා ගෙදර තිබෙන බඩු මුට්ටු හොරකම් කරලා විකුනන්න පටන් ගත්තා. ඉන් පස්සේ එයාගෙම පොහොසත් සහෝදර සහෝරියන්ගේ ගෙවල් වලට රාත්‍රියේ ඇතුළු වෙලා හොරකම් කරන්න පටන් ගත්තා. පොලිසියට කියන්න බැහැ පවුලේ බාලම දරුවා නිසා. කරන්න දෙයක් නැතිම තැන අල්ලාගෙන ගිහින් පුනුරුත්තාපනය කරන තැනකට බාර දුන්නා. එතනිනුත් පැනල ඇවිත් නැවත පරණ පුරුද්දටම ඇබ්බැහි වෙලා. දැන් මේ කියන තරුණයා පතෝල කරලක් වගේ කෙට්ටු වෙලා. කටේ දත් සියල්ලම වැටිලා ගිහින්. හෙට අනිද්දට මැරිලා යාවි. මිනීමරු ප්‍රභාකරන්ලා වගේ 35 දෙනෙකුට කරන්න බැරි වුන විනාශයක් පසු ගිය අවුරුදු 5-6 ඇතුලත සිද්ද වුනා කියල කියන්නේ නිකම්ම නෙමෙයි. කුඩු ගෙන්වන,ගෙන්වන්න උදව් කරන,කුඩ්ඩන් වෙනුවෙන් සෙත් පතන හැමෝටම හෙන ගහනවා. වැහි නැති හෙන ගහනවා. (නදී)
අනේ දෙවියනි ඔබ කොහිද? (නදී)
මමත් දැන් කාලාන්තරයක් සිට දේවාල වලට පඬුරු දෙන්නේ බොහොම කල්පනාවෙන්. දේවාල භූමියට එන අසරණයන්ට ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කරලා ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරනවා. එහෙම නැතිව දේවාල භුමිය සංවර්ධනයට කියල සල්ලි දුන්න කාලේ දැන් අවුරුදු ගානක සිට නැවතිලා. (නදී)
ෂුවර් එකටම තිලක් - ඩුබායි කොටියෙක් වෙන්න ඇති. (රාජපක්ෂලාගේ නම ඇහෙනකොටත් බයවෙන නිසා ) (නදී)
පවුල්වාදය අපිට එපා. ශ්‍රීලනිප පාක්ෂිකයන්ට කාලය ඇවිල්ලා. නිමල් සිරිපාලටත් අවස්ථාවක් දෙමු හොරුන්ගෙන් පක්ෂය මුදාගෙන ඉදිරියට යන්න. අලුත් ඡන්දදායකයන් පවුල්වාදයට ඡන්දය නොදෙති (නි)
තවමත් අසවල් වලව්වේ පිළිකන්නේ වළං හෝදන්න ලැස්ති උදවිය ඉන්නවනේ. (නදී)
පවුල් පිටින් රට කාපු උදවියගේ නම ඇහෙනකොට අපිට නම් ඒගොල්ලන්ගේ මුතුන් මිත්තන් තමයි මතක් වෙන්නේ. (නදී)
තිලක්- ඩුබායි , ඔබේ ඥාති පුතාට සිදුවූදේට සමාජය විතරක් දොස් කියලා වැඩක් නැහැ නේද ? ඒ මොකද මම අනන්තවත් දැකලා තිබෙනවා බොහොමයක් පවුල් වල බාලයාව පමණ ඉක්මවා හුරතල් කිරීමෙන් එන්නෙම නරක ප්‍රතිඵල බව. (නි)
රටේ මිනිසුන්ට දේශපාලනය එපා කරවන්න එපා.අඩුම තරමේ ඡන්දයවත් දාන්න පෙළඹෙන්න පුළුවන් විදියේ වැඩ කළොත් තමා හොඳ. (නි)
එතකොට පුර්ණ කාලීනව රට කන්නද හදන්නේ?(නදී)
අපි දන්නවා කී වතාවක් නීතිය වෙනස් කලාද කියලා (දිල්)
ඡන්දය දවසේ ඕස්ට්‍රේලියාවට මාරු වෙලා ගිය දරු පවුල තවම එහේද දන්නේ නැහැ. (නදී)
එතකොට මෙපමණ කලක් මහජන ඡන්දෙන් පත්වෙලා මහ ජනතාවට සේවය කරලා තියෙන්නේ ""අර්ධ කාලීනව " නේද?(නදී)