හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබා දුන්නැයි කියන සිද්ධියේ රහස් පොලිස් පරීක්ෂණ දැන් අවසන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඇගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස 1967 හා හා රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ 1971 යොදා ඇති අතර ඒවායේ නම්ද වෙනස් බැවින් මේ පරීක්ෂණ ඇරැඹිණි.
මේ සම්බන්ධයෙන් ආගමන විගමන නිලධාරීන්ගේ ප්‍රකාශ ද සටහන් කැර ඉදිරි කටයුතු සඳහා නීතිපති උපදෙස් පතා යොමු කර ඇති බවත් මාධ්‍ය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් මහත්තයෝ, මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද ජාතික කුමන්ත්‍රණයක්ද කියන එක අපිට පැහැදිලි කරලා දෙන්නකෝ. (නි)
ඔව් ඔහොම කෙනෙක් ගුවන් තොටුපොළේ අහුවුනාම කෙලින්ම මීගමු උසාවි පස්සේ මීගමු හිර ගෙදර ඇපත් නෑ .තාම හිතනවා .සේරම පොඩි මිනිසුන්ට තමයි.(හේ)
ආණ්ඩුවට හේත්තු වුනොත් නඩුත් හාමුගේ බඩුත් හාමුගේ. ඔහොම යමු.(හේ)
කිසිම වෘත්තීය ආදායමක් පරම්පරාගත බුදලයක් නැතිව කෝටි ගණන් වටිනා ව්‍යාපාර දේපල ලැබුණේ කොහොමද කියලා සොයන්නේ නැද්ද ? (දිල්)
මේක මෙයාලා දන්නේ නැතිව ඇති.හදපු කෙනාට වැරදෙන්න ඇති (දිල්)
මේ කෙනාට සමාව දීලා රටේ අනිත් මිනිස්සුන්ට වැරදි කරන්න අනුබල දෙනන් එපා කියල මම රජයෙන් ඉල්ලන්නේ . (දිල්)
මේ වැරැද්ද අපි කළා නම් බලන්න තිබුනා. නීතීය ක්‍රියාත්ම වෙන හැටි (දිල්)
වැදගත් රාජ්‍ය ලියකියවිලි වලට වැරදි තොරතුරු සැපයු සාමාන්‍ය පුරවැසියන්ට දෙන දඬුවම ඒ වැරැද්ද කරලd තිබේ නම් එයාටත් දෙන්න. මොකද්ද ඇත්තටම මේකේ නීති පති තුමාගේ ඇඟට දාලා බේරෙන්න හදන ප්‍රශ්නය ?(හේ)
රටේ සාමාන්‍ය පුරවැසියන් වන අපේ නෝනලා ඔහොම දෙයක් කළා නම් මෙලහකට කුදලාගෙන ගිහින් නඩු අහලා දඬුවමත් දීලා ඉවරයි. (හේ)
මේක පුදුම රටක්නේ. පාස්පෝට් සම්බන්ධ වැරදි වලදී , මේ රටේ සාමාන්‍ය භාර්යාවන්ට එක විදියකුත් ආර්යවන්ට තව ක්‍රමයකුත් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ? අනෙත් අයව රිමාන්ඩ් කරන කොට සමහරුන්ට " මැඩම් තරහ නැතිව ඇවිත් පොඩි කට උත්තරයක් දීල යන්න " කියලා වගේ මට නම් පේන්නේ. (හේ)
තණ්හා ශෝකෝ ජාති අහෝ දුකකි.(හේ)
තණ්හා ශෝකෝ ජාති අහෝ දුකකි.(හේ)
මට පේන්නේ පොලිසියත් මේ නෝනාට බයයි වගේ . (හේ)
අදිරජ්‍යවාදී කුමන්ත්‍රණයක්.(හේ)
ඕක ගැන නීතිපතිගෙන් අහන්න දෙයක් නැහැ ..එයාගේ මනුස්සයාගෙන් අහන්න ටිකක් සැරවෙලා එහෙම නැතිනම් මිරිස්ගෝනියේ විනාඩි 5 ක්දාලා.ඔක්කොම චෝදනා ටික පිළිගනීවි.(හේ)
මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න ඇති.(හේ)
මේ වරදට නම් අනිවාර්යයෙන්ම සිරදඬුවම් ලැබේවි. (නි)
දින 100ක් තුල අපමණ වෙහසක් දරා විශාල නිලධාරි පිරිසකගේ සහභාගිකත්වයෙන් අතිශය රහසිගත මෙහෙයුමකින් සොයා ගත් මේ කොටි ප්‍රකෝටි ගණනින් ගිනිය නොහැකි මහා පරිමාණ වංචාවට මෙගා දුෂණයට යහපාලනය මගින් දැඩි දඬුවම් පමුනුවා ඉදිරියට කිසිවෙකුවත් මෙවැනි මෙගා වංචා දුෂණ වලට සම්බන්ධවී කොටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කෑමට පෙර දෙවතාවක් සිතන්න සිදුවන සේ අතීතයට වර්තමානයට අනාගතයට බලපාන සේ දැඩි නීති රීති පමුණුවන සේ යහපාලනයෙන් ඉල්ලා සිටිනවා. (අ)
කුමන්ත්‍රණයක්වද්ද දන්නෙ නැහැ (නි)
අසාධාරණ පොහොසත්කමට පත්වෙන්න හොඳම මාර්ගය දේශපාලනය කිරීම මිස අන් කිසිවක් නොවේ. මිනිසා දියුණුවිය යුතුයි. නමුත් රටේ සම්පත් අනිසි ලෙස යොදාගෙන දියුණු වෙනවා නම් එය හඳුන්වන්නේ අසාධාරණ පොහොසත්වීමක් ලෙසයි (නි)
ජෙහාන්, ඔබ හරියට හරි. පහළම මිනිසාට නීතිය සර්ව සාධාරන ලෙස ක්‍රියාත්මක වෙනවා.ඔය වගේ නීතිය සැමට සාධාරන නොවීම අපිට ගෙනදෙන්නේ මහත් වූ පිළිකුලක්... (නි)
අනේ පව් කියලත් හිතෙනවා (නි)
කුමන්ත්‍රණයක් කියලා කියයිද දන්නෙ නැහැ (නි)
දින 100ක් තුල අපමණ වෙහසක් දරා විශාල නිලධාරි පිරිසකගේ සහභාගිකත්වයෙන් අතිශය රහසිගත මෙහෙයුමකින් සොයා ගත් මේ කොටි ප්‍රකෝටි ගණනින් ගිනිය නොහැකි මහා පරිමාණ වංචාවට මෙගා දුෂණයට යහපාලනය මගින් දැඩි දඩුවම් පමුණුවා ඉදිරිට කිසිවෙකුවත් මෙවැනි මෙගා වංචා දුෂණ වලට සම්බන්ධවී කොටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කෑමට පෙර දෙවතාවක් සිතන්න සිදුවන සේ අතීතයට වර්තමානයට අනාගතයට බලපාන සේ දැඩි නීති රීති පමුණුවන සේ යහපාලනයෙන් ඉල්ලා සිටිනවා....(දිල්)
වීරවංශට දැන් තමයි හොඳම වෙලාව තීරණයක් ගන්න (නි)
මේ රජයෙන්වත් අපි සාධාරණ නීතියක් බලාපොරොත්තු වෙනවා (නි)
වහාම අත්අඩංගුවට ගන්න. (නි)
නීතිය ක්‍රියාත්මක කළයුතුයි. ඒකේ කතා දෙකක් නැහැ. නමුත් ප්‍රශ්නය ඊට වඩා අවුල් වගෙයි. (නි)
බොහොම අගෙයි (නි)
ඔබට ඇති නම මෙවැනි සිද්ධි නිසා නැතිකර ගන්න එපා (නි)
කසාද සහතිකයේ තිබෙන නමටනේ වී.අයි.පී. පාස්පෝර්ට් එක ලැබෙන්නේ. (නි)
දින 100ක් තුල අපමණ වෙහසක් දරා විශාල නිලධාරි පිරිසකගේ සහභාගිකත්වයෙන් අතිශය රහසිගත මෙහෙයුමකින් සොයා ගත් මේ කොටි ප්‍රකෝටි ගණනින් ගිනිය නොහැකි මහා පරිමාණ වංචාවට මෙගා දුෂණයට යහපාලනය මගින් දැඩි දඩුවම් පමුනුව ඉදිරි ට කිසිවෙකුවත් මෙවැනි මෙගා වංචා දුෂණ වලට සම්බන්ධවී කොටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කෑමට පෙර දෙවතාවක් සිතන්න සිදුවන සේ අතීතයට වර්තමානයට අනාගතයට බලපාන සේ දැඩි නීති රීති පමුණුවන සේ යහපාලනයෙන් ඉල්ලා සිටිනවා....(බ)
අන්තිමට,එකක් අක්කගේ, අනික මේ නෝනාගේ කියලා නඩුව විසිකරන්න එහෙම හදන්න නම් එපා (නි)
අනේ මන්දා අපිටත් නැවත වරක් වැරදුනාද කියලා? නීතිපතිගෙන් උපදෙස් ගන්නේ ඇයි? අධිකරණයට දාලා සුදුසු දඬුවම් දෙන්නෙ නැද්ද? (නි)
ගිරිය පුප්පාගෙන රට ජාතිය වෙනුවෙන් කතාකරන අයගේ ක්‍රියාවන්ද මේ? (නි)
රටට ආර්ථික විනාශයක් ඇතිකළ අය මුලින්ම නීතිය හමුවට ගෙනවිත් දෙවනුව මේ අයව ගෙනෙන්න. නැත්නම් මේවා පළිගැනීමේ අරමුණින් කරන ඒවා ලෙසයි ජනතාවට පෙනෙන්නේ. (නි)
මේක නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා වගේ (දිල්)
විමල්ට අනුව නම් මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (දිල්)
පොඩි මිනිහෙක් නම් කෙලින්ම හිරේ. (හේ)
මෙතන වැරැද්ද කසාද සහතිකය හදපු කෙනාගේ නොවේද? එයා හරියට ඒ දේවල් කළා නම් මේක වෙන්නේ නැහැනේ (නි)
අපරාද කරුවන්ව තරාතිරම නොබලා කටයුතු කල යුතුයි. (ර)
නීතියට අනුකුලව පරීක්ෂණ කර වරදකරුවන් හඳුනාගෙන දඬුවම් දීමට කටයුතු කිරීම ඉතාම යහපත් දෙයක්. (ර)
මහත්තයා කියන දේවල් අනුව නම් ඔහුගේ නෝනා මෙහෙම කරයිද කියලත් පුදුමයි (නි)
රටේ ජනතාව බලාගෙන ඉන්නේ මේවගේ වැරදි කරන අයට දඬුවම් කරන හැටි!!(හේ)
මේක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ලකුණක් . (හේ)
නීතියට කටයුතු වෙනවා කියල හිතනවා.එහෙම කරන එක හොදයි . ඕනෑම පුරවැසියකුට ඔය ආකාරයටම පොලීසිය කටයුතු කරයි කියා විස්වාස කරනවා.(දිල්)
මෙහෙම වැරදි සම්බන්ධ නඩු ගොඩක් මීගමුව උසාවියේ තියනවා නේද? මෙයාට විතරක් බුරුලක් ඇයි? සාමාන්‍ය කෙනෙක් වුනා නම් අැප දීලා තමයි ගන්න වෙන්නේ. (හේ)
අනුන්ගේ යහපාලනය ගැන නන්දොඩවන අය ආදර්ශයෙන්ම ක්‍රියාත්මක වෙන හැටි නම් ලස්සනයි. විලිලැජ්ජාව තිබෙනවා නම් මාධ්‍ය ඉදිරියට එන්නෙත් නැහැ ඔන්න. (නි)
මේ නෝනාට විතරක් විශේෂයක් කලොත් මේ රටේ අනිත් නෝනලා වත් හදා ගන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒ ටික බලධාරීන් මතක තියා ගන්න. (හේ)
රූපේ හැටියට නම් තව වයස අඩුවෙන්න ඕනේ (දිල්)
දැන් මොකද මේකේ නීතිපති උපදෙස් පතන්න තරම් තිබෙන ප්‍රශ්නය. ? වැරදි තොරතුරු එක්ක පාස් පෝට් නිකුත් කරන්න කියලා නියෝග කලේ නඩු දාන්න බැරි කෙනෙක් නෙවෙයි නේද ? (දිල්)
හිිතෙන්න ඇති තව එකක් ගන්න ඒකයි ඒ (දිල්)