රිමාන්ඩ් භාරයට පත්ව සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මිය රෝගීව ඇතැයි කියමින් ඇයට ඇප ඉල්ලීමට හෙට අධිකරණයේදී සූදානමින් සිටින බව මෝසමක් මඟින් ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශෂිව පෙන්න පෙන්නා රටේ වැදගත් ප්‍රශ්න යටගහන්න නම් හදන්න එපා.ජනතාව අවදියෙන්... (නි)
ඇයි එයාව බලලා යන්න කවුරුවත් ආවේ නැද්ද? (නි)
'අබේ ටෝකියෝ' කියලා කියාගත්තට අදහස් වලින් නම් පෙනෙන්නේ ස්වාසිලන්තයේ වගේ. (නි)
දින 10ක් තිස්සේ මේ නෝනා ඇරෙන්න වෙන මාතෘකාවක්, වැඩක් මේ ආණ්ඩුවට නැද්ද? අහල එපාවෙලා (නදී)
මේ කාන්තාව අල්ලන්නද අපි මේ ආන්ඩුවට ඡන්දෙ දුන්නෙ ? එතකොට අනිත් කියපු අපරාද ඔක්කොම බොරුද? (නදී)
හොයාගන්න බැරි ලෙඩක්ද ? (නදී)
මේක පුදුම ලෙඩක්නෙ. එතකොට එහෙම නම් අනෙක් සාමාන්‍ය මිනිස්සුන්ටත් තියන සර්වාංග ලෙඩ ටික සලකලා බලන්න ඕන. (අ)
ලෙඩ නම් රිමාන්ඩ් එකේම ඇඳක් දාල සේලයින් බෝතලයක් හයි කරල දෙන්න. (අ)
හොරු දුෂකයන්ව ආරක්ෂා කරන්න දතකන මේ උදවියව අධිකරණයට පමුණුවන්න ඕනේ ඉස්සෙල්ලම. (අ)
දැන් මහත්තයාගේ කටට බයේ ඇප දේවිද දන්නේ නැහැ. (අ)
පෝසතුන්ට බලපුලුවන් කාරයන්ට රිමාන්ඩ් එකට ගියාම ලෙඩ වෙනවා. දුප්පත් අය අවුරුදු ගණන් රිමාන්ඩ් එකේ කුරු ගණන් කරනවා. (නදී)
මට හිතෙන්නේ මේ කාන්තාව කරලා තියන වැරැද්ද අර බටලන්දේ වදකාගාරයක් කරවපු මහත්තයාගේ වගේම අර කුඩු කන්ටේනරයක් ගෙන්නපු උන්නැහේගේ වැරැද්දටත් වැඩිය බරපතල ඇති. (නදී)
ඕක සාමාන්‍ය දෙයක් දේශ පාලකයෝ බිරින්දෑවරු වැරදි කළාම හොදටම අසනීප වෙනවා බය වැඩි කමට .වායුසමීකරණ යට හිටපු අයනේ (අ)
ටිකක් වැඩිපුර පරික්ෂා කරන්න වෙයි. (අ)
ඇප දීපු ගමන් ඉහෙන් බහින රෝගයක් නැහැ බලන්න බොරුද කියල. (බ)
මෙයාට තියෙන ලෙඩේ නම් මම දන්නවා, (අ)
ලෙඩේ අමාරුනම් "ලෙමන් බිස්කට්" දෙන්න වෙයිද දන්නේ නැහැ ? (අ)
මොනවා කරන්නද. මාසයක් තිස්සේ දඟලල අල්ලගත්ත දේ නේ. ඕක මාර්කට් කරන්නේ නැතුව මොනවා කරන්නද. අනිත් එක උතුරේ පිපිරෙන බෝම්බ සද්දේ වහන්නත් එපැයි (නදී)
එදා නුගේගොඩදී, මෝඩ වාචාලකමට පොලිසියට අභියෝග කරන්න ගිහින් ඉල්ලගෙන කෑවයි කියල තමයි අපිට නම් ආරංචිය. මෝඩකමට කොහෙද ඉතින් බෙහෙත් තියෙන්නේ? (අ)
එක පාරට හැදුන ලෙඩේ මොකක්ද? ඊයේ හොඳට හිටිය නේ. (අ)
මේ තමා යහපාලනේ. ඉස්සර නම් කීවා ආශ්චර්යය කියල. ඔය වගේ පොත් තියෙන්නේ ඔය ඇත්තිට විතරමද? එක ආණ්ඩුවක් පැරදිලා අනික ආව හැටියේ හැමදාම කළේ ඔය ටිකම තමා.අනේ අපේ අත හෙලෙවුවොත් අපේ කටත් හෙලවෙයි.සජිත් මහත්තය දැන් මහා ධානපතියෙක්. ඇයි ඉතින් තාත්ත පරම්පරා ගානකට හම්බ කරලානේ. ඔක්කොම එකතු වෙලා රටේ කොටි පැටවූ ඇති. නොකොළොත් ඇති. (බ)
මේකේ අදහස් දාන්නේ ලෝකේ හොදම සංවේදී මිනිස්සු ඉන්න රටේ උදවියනේ.අනේ මිනිසුනේ වැරැද්ද වැරැද්දමයි. නමුත් ඔබට හෝ ඔබගේ සමිපයකුට සිරගත වීමට සිදු උවහොත් ඔබට දැනේවි ඒ දුක (නදී)
මෙයාට හෙම්බිරිස්සාව හැදුන පලියට ඇප ඉල්ලනවා නම්, ඉතාම ඉක්මනට අපේ රටේ සියලුම රක්ෂිත හිරගෙවල් හිස් වේවි. මේ මනුස්සයාට වඩා බරපතල අසනීප තියෙන සිරකරුවන් ඒවායේ නැහැ කියලා විමල් සහෝ හිතනවා වගෙයි. (අ)
ලෙඩේට බෙහෙත ඇපේ ද? (අ)
පසුගිය පාලන සමයේදී මරාදැමූ ලසන්ත වික්‍රමතුංග, අතුරුදන් කළ කුගන් මුරුගනාදන්, ප්‍රගීත් එක්නැලිගොඩ ආදී පුද්ගලයන්ගේ දරුවන්ද වසර ගණනක් තිස්සේ වියෝදුක විඳිමින් සිටී. (නි)
අනේ! මෙයාට පාස්පෝට් එකක් හදලා දීලා පිටරට රෝහලකට යවන්න. මොකද කොත්තමල්ලි බීලා පුරුදු නැතුව ඇති. (නි)
ඇයි නුගේගොඩ රැස්වීමක් තිබ්බේ? ඒක නැත්නම් මේ ප්‍රශ්න මොකුත්ම නැහැනේ (නි)
නිතියෙන් බේරෙන්න ගත් ලෙඩක් වගේ. හොඳ දොස්තර කෙනෙකුට පෙන්වා තහවුරු කරගන්න (නදී)
ලොකු ලොක්කෝ රිමාන්ඩ් කරාම බන්ධනාගාර රෝහල. දුප්පත් අයට කූඩුව (නදී)
බොහෝදෙනෙක් ද්වේශසහගතව අදහස් ප්‍රකාශකර ඇත. මොකද මෙතරම් කුහක මිනිසුනේ! (නි)
ලෙඩ වුන පලියට එහෙම ඇප ලැබෙන්නේ නැහැ. මම ඉගෙනගෙන තියෙන නීතියේ විදිහට. රිමාන්ඩ් බන්දනාගාරයේ රෝහලක් තියෙනවා එ්කෙන් නේවාසිකව ප්‍රතිකාර ගන්න පුළුවන් එතනින් එහා ප්‍රතිකාරයක් අවශ්‍යනම් රජයේ මහා රෝහලේ ප්‍රතිකාර ගන්න පුළුවන්. (නදී)
අනුරුද්ධ,අබේ-ටෝකියෝ කියන්නේ අපේ පඩි තුමාගේ තවත් නමක්.(නදී)
මෙයාට විතරක් වෙනසක් වෙන්න බැහැනේ. ඔක්කොම හිරේට යන ලොකු ලොක්කෝ කරන්නේ ඕකනේ. හිරේට යද්දී අසනීප වෙන එක ස්වාභාවිකයි (නි)
වීරවංශ මහත්තයෝ, මේ වගේ වෙලාවට මොකද කරන්නේ? නිර්ධන පන්තියේ බලය පෙන්නමුද? (නි)
ලොකු ලොකු ඇත්තෝ හිරේට ගියාම කොහොමත් ලෙඩ වෙනවනේ! (නි)