හිටපු ඇමැති හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ අද (27) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණියාය.
වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසමේ විභාගවන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඇය එහි ගියාය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අන්තිම අහිංසක විදියට කඩේයන පවුලක් මේ අල්ලාගෙන පවු කරගන්නද යන්නේ ...(බ)
මෙයා සාක්කි දෙන්නද, නැත්නම් මගුල් ගෙදරක ද ඇවිත් තියෙන්නේ? (අ)
මේ අයට දඩුවම් දෙන්නේ නැද්ද?(හේ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
රම්සිට දැක්කම ඉරිසියා හිතිලා (අ)
ධම්ම දවල් හීන දකින අතර සහ සිරි ඔහුගේ නොදැනුවත්කමින් ඔහුවම හෙළාදැක ගනිමින් සිටි. එහෙත් අපට අැත්තේ වෙනම ගැටලුවකි. එනම් ජනවාරි අට වෙනිදායින් පසුව ආණ්ඩුකරණය උදෙසා පාලකයන් දෙදෙනෙක් බිහි වන්නෝය. මේ දෙදෙනාම රාජපක්ෂවරුන්ගේ දුර්දාන්ත පාලනය ගැන ජනතාව අබිමුව කරුණු ගෙන හැර දක්වමින් සියලූ අපරාධ, වංචා, දූෂණ සිදු කළ පුද්ගලයන්ට දඬුවම් පමුණුවන බවට ප‍්‍රතිඥා දුන්හ. අද එ් ප‍්‍රතිඥාවන් වෙනුවෙන් මේ දෙදෙනාගේම කැපවීම සම්බන්ධව බරපතල කණස්සල්ලක් පොදුවේ සමස්ත සමාජය පුරා පැතිරී පවතින්නේය. (බ)
මම හිතුව එයා ටෙලි නාට්‍ය නිෂ්පාදන කරපුව ගැන අහන්න කියල . කෝ ඉතින් යහපලනෙන් හොරු අල්ලන්නේ නැහැනේ හුරතල් කරනවනේ .(බ)
මැයි පළමු වැනි දා පහු වෙලා යන කල් බයයි (ම)
ධම්මසිරි ..වගේ මෝඩයෝ නිසා තමා අපේ රටේ දේසපාළුවො ජාතික ධනය හොඳ හැටියට පිල්ලි ගහන්නේ.මෙයා හදපු කෝටි 6 නිවාස හදන්න සල්ලි හොයා ගත්තේ කොමියුනිකේෂන් එකක් කරලලු!. (බ)
හරියට හරි සේන.සිරිට නියම පිළිතුර දීල තියනවා (බ)
නායකයෝ මෙහෙම කරනකොට ගෝලයෝ නිකන් ඉඳීවිද? (නි)
මේ විදියට හොරකම් කර බිස්කට් එකක් හරි කන එකත් මහා පාපයක් (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
පව්! මේ අහිංසක මිනිස්සු ඇයි මෙහෙම රස්තයදු කරන්නේ? හොඳටම බයවෙලා වගේ. පව්! (නි)
මීළඟ ආණ්ඩුවේ දී අල්ලස් කොමිසමට ගෙන්වන අය දැන්ම ඉඳලා ලැයිස්තුගත කර තැබුවොත් හොඳයි. හැබැයි දැන් වගේ නොවෙයි ඒ අයට නම් දැඩි දඬුවම් ලැබෙන බව මට විස්වාසයි. (බ)
මේවට කල්ගියා වැඩි 50හේ ඒවා 30 කරන්ඩ වැඩිපුර පාප්ප ගාන්ඩ අපි සල්ලි දෙන්ඩ ඕන (බ)
පලි ගැනීම තවම නවතා නැහැ මෙවැනි නින්දිත දේවල් හෙළ දකිමු (ම)
සුදේශ් මල්ලිට විතරයි තේරුනේ , පව් අනේ (බ)
මේයා පොළේ යන කෙනෙක් වගේ . ගවුමකට උඩින් සාරියක් අන්දලා නේද? නැත්නම් අලුත් ස්ටයිල් එකක්ද (කෞ)
ආවඩන්නෝ වගේ කතා කරන්න එපා, නීතිය ක්‍රියාත්මක කිරීම පලිගැනීමක් වෙන්නේ කොහොමද ?(කෞ)
මහරගමදී හම්බ වුණේ මේ උඩැක්කි කෝළම (බ)
වත්කම් හොයා ගත්තේ කොහොමද කියලා අහන එක පළිගැනීමක් වෙන්නේ කොහොමද. අපිට තියෙන ප්‍රස්නේ මේ කටයුතු ඉක්මනින් ඉවර කරලා වැරදි කාරයින්ට දඩුවම් නොදෙන එක. (බ)
මහා බැංකුවේ බැඳුම්කර වංචාව අමතකම වෙලා ගියා මේ කතාව අහල..(බ)
විමල් වීරවංශත් ගාල්ලේ මැයි රැලියට ගියානම් ඔය මුකුත් චෝදනා නැහැනේ. (හේ)
මේ වගේ සිද්ධියකට අපි වගේ සාමන්‍ය ජනතාව මුහුණ දුන්නා නම් අපි මේ වෙන කොට කොහෙද ඉන්නේ.(හේ)
ගිය සැරේ මෙයා " සොයා නොගත් ඉතාම විරල රෝගයකින් "පෙලෙන්න වුනා.මේ පාරත් ඒ ලෙඩේ උත්සන්න වෙන්න පුළුවනි...අවාසනාවකට ඒ ලෙඩේ හැදෙන්නේ ඔක්කොම හොරුන්ට..වංචා කාරයන්ට..(හේ)
මටනම් හොදටම විශ්වාසයි හොරෙක් තියා උන්ගේ වලිගයක්වත් අල්ලන්න මේ එක කොමිසමකටවත් පුළුවන් වෙන්නේ නෑ කියලා...(හේ)
හොරකම් හොයල එයට දඬුවම් දීම ,පලිගැනීමක්ද ? (කෞ)
කුම්බල මාළු කෑවනම්.... (ර)
මමත් හෙටම කොමියුනිකේෂන් එකක් පටන් ගන්නවා ... කෙටි කාලයකින් බිලියනපතියෝ වෙන්න පුළුවන් ශෂී නෝනට වගේ (බ)
ඕව ගැන කතා කරන්න මාද්‍ය හමුවක් තියන්න ඕනේ .අපි සල්ලි හම්බ කළේ මෙහෙමයි කියල. මහින්ද පස්සේ ඉන්න රැල ඒකාබද්ධ විපක්ෂය අටවා ගත්තේ ඕවට තමා.මට දුක චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් දූෂණ කියල එළිබැහැපු ඩලස් අයියට දූෂණ කුණුවෙලා තියෙද්දිත් ගඳ දැනෙන්නේ නැහැ (බ)
සෂී නෙමෙයි දෙයියන්වහන්සේ උනත් වැරදී වැඩේ කලානම් වෙරදි තමයි. (කෞ)
සේන ,බැංකු බැදුම් කර වංචාවන් හොයන්න වෙලාවක් නැතුව ඇති නේද ?(හේ)
වැලේ වැල් නැතුව හිටපු අය දේශපාලනේට ඇවිත් කෝටිපතියෝ උනේ කොහොමද කියන හොයන එක පලිගැනීමද? (කෞ)
පව් මේ අය කොහොම හිටපු කට්ටියද මේ.(හේ)
මම බලන්නේ පොටෝ වල කොහෙද අර ගොඩ පෙරකදෝරු මහත්තය කියල , මොකද එයා ඇවිල්ල නැත්තේ. බලය නැති වුනාම කව්රුත් නැහැ (බ)
මරදානේ පදික වේදිකාවේ කෙනෙක් වගේ විමලේ තෝරාගෙන තියෙන්නේ පිළිවෙලට අදින්න පොඩ්ඩක් උගන්වන්න (බ)
ඉතින් හොර පාස් පෝට් හදපු කට්ටියව තොටිල්ලේ දාල නලවන්නද කියන්නේ. සිරී, ධම්ම මොලේ පාවිච්චි කරන්න. මේ ආණ්ඩුවේ ඉබි ගමන නවතා වැරදි කරවුන්ට දඬුවම් දිය යුතුයි. (බ)
සිරි වගේ මිනිසුන් ඉන්න තාක් කල් මෙවැනි අයට රජ මගුල්. (බ)
තාමත් කොමිසමට එනවද?(හේ)
සේන.. ඔයාට් තම මොලේ පෑදිල නැතිද..රට්ටු රවටන එකේ කෙළවරක් නැහැ. ඔය මොනවා කළත් කම්කරු සටන කිරුලපනේ...(බ)
මේක පලි ගැනීමක් වෙන්නේ කොහොමද?රජය බදු බර පටවලා ජනතාවට ජනතාවගේ මුදල් හොරා කලා කට්ටිය ලොකු මන්දිර මාලිගා වල රජ සැප විදලා සැප විදිනවනම් ඔයා බලන්න ඕනේ කොහොමද මුදල් හම්බ කළේ කියලා අහුරුදු 5/6 තුල මොකද අම්මා තාත්තා දීපු දේපලද මේවා (බ)
වත්කම් හොයා ගත්තේ කොහොමද කියලා අහන එක පළිගැනීමක් වෙන්නේ කොහොමද කියලා තමයි මාත් කල්පනා කරන්නේ. අනේ අපෙන් ඇහුවොත් නම් අපිට පඩි කොළය, ණය ගත්තු කොළ පෙන්වන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. (බ)
හොරුන්ගෙන් හොරකම් ගැන අහනකොට සමහර අයට රිදිලා වගේ. (බ)
අපොයි මෙච්චරකල් අල්ලපු හොරු අපි දැක්කනේ (බ)
වත්කම් හොයා ගත්තේ කොහොමද කියලා අහන එක පළිගැනීමක් වෙන්නේ අයථා ක්‍රම වලට වත්කම් ලබාගත් අයට විතරයි. සාධාරණ මනුස්සයෙක් නම් කැමතියි වත්කම් හොයපු හැටි කියලා තමන්ගෙ නිදොස් බව ඔප්පු කරලා පෙන්වන්න. තමන්ගෙ නම සහ වයස ගැනත් බොරු කළ අය ගෙ වත්කම් ගැන කවර කතාද? (බ)
ගමේ කෙසෙල් කැනක් හොරෙන් කපන මනුස්සයත් පොලිසියෙන් අරන් යනවනම් මේ වගේ ලොකු හොරුන් ට නිසි දඩුවම් දෙන්න පරක්කු කරන්න එපා . මේ අය තමන් ගේ වංචාවල් පලිගැනීම් කියල වහන්න හදන්නේ මේ වගේ අය දේශපාලනයෙන් ඉවත් කරන්න ඕන. හොරකම් තමන්ගේ කටින් ගහලා බේරෙන්න හදන්නේ ...(බ)
මට පේන්නේ මෙයාගේ බෙල්ල උළුක්කු වෙලා වගේ. (බ)
අනේ චානක ,අහිංසක මහජන මුදල් කෝටි ගණන් පිල්ලි ගහන එක පව් නෑ. (බ)
මේ ගොල්ල දඬුවම් කරන්නේ නැහැ. ඕක නිකම් ශෝ එකක් විතරයි. මිනිස්සු චූන් කරන්න. (බ)
විමල් වීරවංසත්, යහ පාලකයන්ට එකතු වුනානම් මේවා ඔක්කොම ඉවරවේවි. (හේ)
මේවගේ චෝදනා තියන ජනතා මුදල් ගිලපු කට්ටිය ඔක්කොම බලාගන්න පුළුවන් කිරුලපන රැලියට ගියානම්.(හේ)
වැරදි කාරයින්ට දඬුවම් දෙන්න එපා.මේ කියන කොටි ප්‍රකෝටි සල්ලි තොගය එකතු කර දුප්පතාගේ බඩගින්න නැති කිරීමට පිලියමක් කරන්න., (හේ)
දැන්වත් මේ හොර වැඩ කරපු අයට දඩුවම් දෙන්න.(හේ)
මොකද පත්‍රිකාව. දිහා බලාගෙන ඉන්නේ බයවෙලා වගේ පාස්පෝට් දෙකේම තියෙන නමයි වයසයි පෙන්නලද (බ)
නිතිය ගැන කතා කරන මහත්තුරු උතුරට නැගෙනහිරට වෙන නීතියක් ක්‍රියාත්මක වෙන එක ගැන පෙන්නේ නැද්ද? දැන් ලංකාවේ ලොකුම ප්‍රශ්නය මේකද ? (බ)
ජනතාවගේ මුදල් ගසා කලා තවත් ගසා කන්න දඟලන අයට උඩගෙඩි දෙන අසධාරණයෙන් ජීවත් වෙච්ච අයත් ඉන්නවා.(හේ)
මේ කොමිසම අද වෙනකන් කොරපු කෙන් ගෙඩියක් නැහැ අපේ සල්ලි වලින් මහ පරිමානෙට කනවා බිල් ගෙවනවා අපියී මුලා වෙලා ඉන්නේ මුන් ටික බොරුවට 2020 කිට්ටු කරලා මොනවා හරි රනිල්ගේ උගුලක් අටවයී අපෙන් ආයෙත් ඡන්දෙ ගන්න (බ)
පිටිගල ඔබ හරි , මේක නිකන් ශෝව් එකක් විතරි. (ර)
මහජන දේපල හුරන්කාපු අයට දඩුවම් දීම පලිගෑනීමක් කියනවානම් කියන කෙනාව එල්ලන්න ඕනේ. (ර)
සේන, ඒ අපිට තියෙන ප්‍රශ්නෙනේ. අනෙක් අයට තියෙන්නේ හොරුන් අල්ලන ප්‍රශනය. (ර)
විශාලම ජාවාරම වුණ මහා බැංකු වැඩේට නැති නීතිය. ඒකාලේ මේහැමෝම පාර්ලිමේන්තුවේ හිටියා එදා ගොට්ට ඇල්ලුවා දෙපිටකාට්ටු අයට අද දෙපැතෙන්ම කනවා (බ)
රාජපක්ෂ ආණ්ඩුවට එක්වීමට පෙර මාවරමන්ඩියේ කොමිනිකේසන් එකක් පමනක් හිමිව තිබු වීරවන්සගේ සියලු ධනය ඉපයූ ආකාරය රටටහෙලිකල යුතුමයි.(කෞ)