ජනාධිපතිවරණ සමයේ නීති විරෝධී පෙළපාළි ගියැයි කඩුවෙල නගරාධිපති බුද්ධදාස මහතා කළ පැමිණිල්ලක් අනුව ප්‍රකාශයක් ගැනීමට හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අද (23) රහස් පොලිසියට කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි.
එහෙත් පෙරවරු 9.45 වන විටත් ඔහු නොපැමිණි බව එහි සිටින මාධ්‍යවේදීහු කියති.
වීරවංශ මහතාගේ බිරිය ව්‍යාජ ගමන් බලපත් සෑදීයැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටින්නීය.
සාමාන්‍ය ගමන් බලපත්‍රයේ හා රාජකාරි ගමන් බලපත්‍රයේ උපන් දින දෙක අතර වෙනස අවුරුදු හතරකියි ද රහස් පොලිසිය පවසයි.
වීරවංශ බිරිය සිර්ජා උදයංති නොහොත් ෂෙහාසා උදයන්ති අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා නුගේගොඩදී මේ ගැන කිවුවා නේද? (නි)
අනේ පවු! වැරදීමක්නේ වෙලා තියෙන්නේ. හැඳුනුම්පතේ වරදක්නේ. එහෙම නැතුව පාස්පෝර්ට් එකට අයදුම්පත පුරවනකොට සිදුවුණ වැරදීමක් නෙමෙයිනෙ. ඇමති කෙනෙක් වෙන්න බැහැනේ අයදුම්පතක් පුරවන්න දැනුමක් නැත්නම් (නි)
ආදරනීය අම්මේ හත්තේ, මේවා වෙනවා කියලා අපි කිව්වා .මේවා ඩයස් පෝරාවේ වැඩ .අපි අපේ රටට ආදරෙයි .මේ වැඩ නවත්වන්න ඕන . එහෙම නවත්වනකොට ඔබාමා බාධා කළොත් එයාවත් ගෙදර යවන්න ඕනෙ .මේ ගැන අපේ ලේකම්තුමා විශේෂ ප්‍රකාශයක් නිකුත්කරයි . (අ)
සිර්ජා උදයංති නොහොත් ෂෙහාසා උදයන්ති. ගමන් බලපත්‍ර දෙකේ තියෙන එකිනෙකට වෙනස් නම්. රටේ මිනිස්සු දන්නේ ශෂි විරවංස කියලා. වයසත් දෙකක්ලු. අනේ මන්ද මේවා. (හේ)
බලනකොට දුමින්ද සිල්වාට වඩා ලොකු අපරාධ කරපු කෙනෙක්නෙ . (නදී)