චාමර ජනරාජ් පීරිස්ගේ අධ්‍යක්ෂණයක් සහ රිච් වේ මීඩියා ආයතනයේ නිෂ්පාදනයක් වන 'VVIP' පසුගිය 14දා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට TV 1 ඔස්සේ විකාශය කෙරේ.
පරම්පරාවෙන්ම ධනවතෙකු වූ නීතීඥ හිරාන්, වැඩිම මනාප ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි. තම නැන්දනියගේ දියණිය වන ශශිනිගේ ඇසුර හිරාන් ප්‍රිය කරන අතර ශශිනි ඊට වඩා වැඩි යමක් හිරාන් කෙරෙහි හිතේ සඟවාගෙන සිටී.
දිනක් තම මිතුරෙකුගේ පොතක් දොරට වැඩීමේ උලෙළකට සහාභාගී වීමට යන හිරාන්ට එහිදී ඉරුදිනි නම් තරුණියක් මුණගැසේ. හිරාන් හා ඉරුදින අතර ආදර සබඳතාවක් ඇතිවන අතර, හිරාන් තමන් කවුරුදැයි ඇයට හෙළි නොකරයි. ඉරුදිනී සහ හිරාන්ගේ සම්බන්ධය දැනගන්නා ශශිනිගේ පියා හිරාන්ගේ කීර්තිනාමය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් අරඹයි. නමුත් ඔහුට කිසිවිටක සිය දියණිය වන ශශිනිගේ උදවු උපකාර ඒ සඳහා නොලැබෙන්නේ ඇය තවදුරටත් හිරාන්ට ඇති කැමැත්ත සිත තුළ තබාගෙන හිඳිනා නිසාමය.
මේ අතර හිරාන් නියෝජ්‍ය අමාත්‍ය තනතුරක් ලබාගනියි. ඒ සමගම හිරාන් මෙතෙක් කලක් ඉරුදිනිගෙන් සඟවා සිටි සිය සත්‍ය තොරතුරු ඉරුදිනීට හෙළිවේ. දෛවයේ සරදමක් ලෙසින් මෙතෙක් ඔහුට පණ සේ ආදරය කළ ඉරුදිනි එකවරම ඔහුගෙන් ඈත්වී යන්නේ ඔහු වංචාකාරයෙක් බවට චෝදනා නගමිනි.
අනපේක්ෂිත ලෙසින් සිදුවූ මේ කලබැගෑනියෙන් මෙතෙක් කල් එකසේ රඳවාගෙන සිටි තම චිත්ත ධෛර්යය තමා වෙතින් පලා යද්දී හිරාන් ප්‍රේමයත් තනතුරුත් අතර අතරමං වේ.
උපතින්ම දූෂණයට අකමැති වූ පුද්ගලයෙකු වූ හිරාන් තමාට එකවර එල්ල වන චෝදනා හමුවේ කෙසේ ප්‍රතිචාර දක්වයිද? ඉරුදිනි තම අසරණ වූ පෙම්වතා දෙස කුමන කෝණයකින් බලයිද? ශශිනිගේ පියා තම අරමුණ ඉටු කරගනිද? ශශිනිගේ ඒකපාර්ශ්වීය ප්‍රේමයට කුමක් සිදුවේද?
'VVIP' හි රංගනයෙන් දිනක්ෂි ප්‍රියසාද්, ප්‍රදීප් ධර්මදාස, ජනක් ප්‍රේමලාල්, ජනක කුඹුකගේ, චමිලා පීරිස්, දමයන්ති ෆොන්සේකා නළු නිළියෝ දායක වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd