යුද සමයේදී මෙරට සිදුවූ බව පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදුකරන යාන්ත‍්‍රණය සදහා ස්වාධීන ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලයක් පත්කළ යුතු යැයි උතුරු පළාත් සභා මන්තී‍්‍රනී ආනන්දි ශෂිදරන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර ඇත.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 33 වැනි සැසිවාරය සඳහා සහභාගී වෙමින් රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසීම් සිදුකළ අවස්ථාවේදී ඇය මෙම ඉල්ලීම සිදුකර ඇත
අවසන් යුද සමයේදී 125 000ක පමණ පිරිසක් අතුරුදහන් වී ඇති බවත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 125 දෙනෙකු පමණක් මෙරට බන්ධනාගාරවල පසුවන බවත් ඇය සදහන් කර තිබුණාය.
එමෙන්ම අවසන් යුද සමයේදී වන්නියේ පමණක් 146 679 දෙනෙකු මෙරට ආරක්‍ෂක හමුදාව විසින් ඝාතනයට ලක්කර ඇති බවත් තිස්වසරක යුද්ධයේදී උතුරු නැගෙනහිර පළාත් ඇතුළු රටපුරා 150 000කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවත් ශෂීදරන් සදහන් කර ඇත.
මේ අනුව ජන සංහිදියාව හා ජාතික සමගිය ගොඩනගන බව කියමින් ශී‍්‍ර ලංකා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර රටවල් බොහෝමයක් මුලා වී ඇති බවත් යුද සමයේදී සිදුවූ ඝාතන අතුරුදන් වීම් ඇතුළු සිද්ධීන්වල සත්‍ය මතුකර ගැනීමට නම් මේ සම්බන්ධයෙන් සිදුකරන යාන්ත‍්‍ර‍්‍රණයන් ජාත්‍යන්තර යාන්ත‍්‍රණයන් සේ සිදුකළ යුතු බවද ආනන්දි ශෂිදරන් අවධාරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැති ප්‍රශ්න හදමින් ජාත්‍යන්තරය ගිනි තියන මෙයාට විරුද්ධව පියවරක් ගන්න බැරි ඇයි ? සංහිඳියාවට බාධාවක්ද (බ)
ඔය මිනිසුන්ගේ ජීර්ණ පද්ධතිය වැඩ කරන්නේ මේ වගේ කුණුගොඩවල් හාරාවුස්සලා තමයි. නැත්තම් පැවැත්මක් නැහැ. (අ)
මෙය කතාකරන්නේ මෙයාගේ කොටි මනුස්සය කුබියෙක්වත් නොමරු ගානට දැන් බලනකොට කොටි කවුරුවත් අතුරුදහන් කරලා නැහැ. හමුදාව තම හැමදේම කරල් තියෙන්නේ .(අ)
මහජන බදු හරහා ශ්‍රී ලංකා රජයෙන් වැටුපත් අරගෙන රටට එරහිවේ කටයුතු කරන මෙයාට එරහිව නීතිමය පියවර ගන්න බැරිද? (ර)
අනේ ඔය ඕක එහෙ ගිහින් කින්නේ නැතිව අපිට කිවුවා නම් කරලා දෙනවනේ. මොකද අපි හොදට කළ ගුණ දන්නා ආණ්ඩුවක්නේ. (අ)
මේ තරම් බොරු කියලා මෙයාලා කිසිම බයක් නැතුව අයෙත් ලංකාවට එනවනෙ. කොටියටත් ගිය කලක් (බ)
උඩ පැනලා ඡන්දේ දීලා පත්කරගත්ත ආණ්ඩුවට කියලා ඕක කරගන්න බැරිද? (හේ)
ලංකාවෙන් බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාව වැනි රටවලට හොරෙන් ගිය අයත් ඉන්නේ ඔය අතුරුදහන් වූ අයගේ ලිස්ට් එකේ. හරියට ගත්තොත් 350,000 ක් විතර වෙන්න ඕනෑ (නි)
බලපෙරේත දේශපාලක සිංහල ද්‍රෝහියන් සහ ඔවුන්ගේ ගැත්තන් මේවා බලාසිටියාට හැම සිංහලයෙකුම මේවා බලාසිටින්නේ නැත. (නි)