සිය නිෂ්පාදන මුදලවත් සොයා ගැනීමට අපොහොසත් වනු ඇතැයි බොහෝ බොලිවුඩ් සිනමා විචාරකයන් මත පළ කළද පසුගිය සති අන්තය වනවිට ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් අජේ දේව්ගන්ගේ ‘ශිවායි’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 138ක මුදලක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
‘ශිවායි’ චිත්‍රපටය සඳහා වියදම් කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 105ක් වන අතර, එය දැනටමත් ඉන්දියාවේ පමණක් තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 94.55ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.
විචාරකයන් මෙම චිත්‍රපටය අසාර්ථක වනු ඇතැයි මත පළ කරනු ලැබුවේ ‘ශිවායි’ චිත්‍රපටය තිරගත කළ දිනයේදීම ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ කරන් ජෝහර්ගේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටය දින කිහිපයක් ගෙවෙද්දිම ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව ඉක්මවා යන්නට සමත් වීමයි. එය මේ වනවිට ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 223ක මුදලක් උපයා ගෙන තිබෙනවා.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
‘ශිවායි’ නිෂ්පාදන මුදල සොයා ගනියි