IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ශිවන්‍යගෙ ‘ප‘ යන්නට යටවූ අපේ ටෙලිනාට්‍ය

20161111sara-2ලිනාට්‍ය කර්මාන්තයේ ගැටලු ගැන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පසුගිය සැප්තැම්බර් 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු කල්තැබීමේ විවාදය ගැන Manthri.lk වෙබ් අඩවිය විසින් පසුවිපරමක් සංවිධානය කරලා තිබුණා. මේ ගැන උනන්දුවක් තියෙන අය සමග කරනවා කියපු මේ සංවාදයට සහභාගීවෙන්න කියලා Manthri.lk වෙබ් අඩවියේ වැඩ කරන අයගෙන් ලැබුණ ආරාධනයට අනුව මේ වැඩේට සහභාගි වුණා.

මේ ගැන සඳහන් කරලා එවපු ඊ මේල් පණිවුඩයේ තිබුණේ මේ සංවාදයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සත්, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතානත්, ටෙලිනාට්‍ය ක්ෂේත්‍ර‘ය නියෝජනය කරමින් ජයන්ත චන්ද්‍රසිරිත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අතුල සමරකෝනුත් සම්බන්ධ වෙනවා කියලා.

ඒත් වැඩේට ගියාම තමයි දැනගන්න හම්බවුණේ කරු පරණවිතාන කලින්ම ඇවිත් කලින්ම ගිහින් කියලා. ජයන්ත චන්ද්‍රසිරිත් මොකක්දෝ හේතුවක් කියලා වැඩෙන් අයින් වෙලා තිබුණා. ඒ වෙනුවට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහත් ටෙලිනිස වෙනුවෙන් සුරේෂ් අබේසේකරත්, නලින්ද ජයතිස්සත්, අතුල සමරකෝනුත් තමයි වැඩේට හිටියේ.

කරු පරණවිතාන කලින් ඇවිත් සංවිධායකයෝ එක්ක කතා කරලා ගියාලු. සාමාන්‍ය‘යෙන් ඇමතිලාට වැඩක් මගඅරින්න ඕන වුණාම එයාලා මොකක් හරි හේතුවක් හොයාගන්නවා. එයාට එදාම මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගෙ උපහාර උත්සවයට යන්න තියෙනවා කියලලු ගියේ. ඒ උපහාර උත්සවය සංවිධානය කරලා තිබුණේ දවස් ගණනකට කලින්.  ඒක නිසා ඒකට යන්න ඕනවීම එයාට හදිසියෙන් වෙච්ච දෙයක් වෙන්න බෑ. අපි දන්නෙ ඉතින් එයාලා ලොකු ඇමතිවරුනේ. කොච්චර වැඩ ඇද්ද එයාලට.

20161111sara-1

 

මූලික අදහස් දැක්වීම්වලින් පස්සේ සංවාදය පටන් ගත්තා. නිවේදන කටයුතු කරපු ප්‍රියන්ත ෆොන්සේකා නම කියලාම අඬගහපු නිසා මමත් පොඩි අදහසක් කිවුවා. කාලයක් තිස්සේ අපේ රටේ ටෙලිනාට්‍ය කලාව ගැන ලියපු අපිට අමුතුවෙන් ඒ ගැන සංවාද කරන්න දෙයක් නෑ.

මම නම් කිවුවේ කලාවට නෑකම් කියන පාර්ලිමේන්තු නියෝජිතයෝ වන රන්ජන් රාමනායකලා, ගීතා කුමරසිංහලා දෙරණ ස්ටාර් සිටි ප්‍රෝග්‍රෑම් එකේ නටන්න දුවද්දී නලින්ද ජයතිස්සලා හරි මේ ගැන උනන්දුවෙන එක වැදගත් කියලයි.

අපේ රටේ ටෙලිනාට්‍ය කලාවට අත්වෙච්ච ඛේදජනක ඉරණම ගැන තමයි බොහෝදෙනෙක් කතා කළේ. එකම කතාවක් තමයි කාටත් කියන්න තිබුණේ. ඒත් ආණ්ඩුව නියෝජනය කරමින් ඒ කතාවල් අහන්න කවුරුවත් හිටියේ නැති එක අඩුවක්. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් හෝ මේ වැඩේට සම්බන්ධ කරවන්න විෂයභාර ඇමතිවරු පොරොන්දු වුණ කතාවක් නලින්ද ජයතිස්ස කිවුවා. ඒත් මේ වැඩ වෙන්නේ මේ විදියටම තමයි කියන එක අපිට නම් පුදුමයට කරුණක් නොවෙයි.

අපේ ටෙලිනාට්‍ය කලාවට අද කෙලවෙන්න ඕන උපරිමේටම කෙලවිලා ඉවරයි. දැන් මේක මුක්කු ගහලා සක්ක ගහලා නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා මේක නන්නත්තාර වෙන්නම කෙලවිලා යන්න ඉඩඇරලා මේක සුන්නද්දූලි වුණාට පස්සෙ බිංදුවෙන් ආපහු පටන්ගන්න එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ.

20160830Sara-1

 

ඉන්දියන් කොරියන් ටෙලිනාට්‍ය වලින් අපේ ටෙලි කලාවම වැහිලා යනවා කියලා කවුරුත් නාහෙන් අඬනවා. ඒත් මේ ඉන්දියන් කොරියන් කතාවල හඬකැවීම් කරන්නෙත් අපේ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නළු නිළියොම තමයි. ඉතින් මේ අයගෙ විරෝධය අපිට තේරුම් ගන්න බෑ.

කොහොම හරි ශිවන්‍යලා ආක්‍රමණය කරපු සිංහල ටෙලිනාට්‍ය කලාව ගොඩගන්න කියල බජට් එකෙන් විදේශීය ටෙලිනාට්‍ය ගාස්තු ඉහළ දාලත් තියෙනවා. අපි බලමු මේකෙන් ශිවන්‍යලාගෙ 'ප' යන්න හැලෙයිද කියලා.

මේ විදියට බදු ගහලා එකතු කරපු සල්ලිවලින් රණ්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය හැදුවා කියලා රාජපක්ෂ පාලන කාලයේ මහා පුරාජේරුවක් ගැහුවා. හැබැයි ඒ සල්ලිවලින් අපේම ප්‍රසිද්ධ මහා කලාකරුවන්ගෙ සාක්කුවලට කොච්චර කොමිස් කුට්ටි වැටුණද කියලත් හොයලා බැලුවොත් හොඳයි.

රාජපක්ෂ ආණ්ඩුව කාලේ ඇමතිවරුයි ඇමතිවරුන්ගේ අයියලා මල්ලිලයි ටෙලි නාට්‍යවලින් කප්පම් ගත්තා කියන එක හරිම ප්‍රසිද්ධ කතාවක්. ඒ කාලේ ඒ ගැන අර මුල්ලෙයි මේ මුල්ලෙයි කතා කෙරුවා මිසක් කලාකරුවොත් ප්‍රසිද්ධියේ ඒවට විරුද්ධ වුණේ නෑ. තමන්ගේ ටෙලිනාට්‍ය රටේ නායකයන්ට කියලා හොර පාරෙන් ටෙලිවිෂන් චැනල්වලට දාගන්න කියලා රජගෙවල්වලට ගියපු නිළි රැජිනියොත් අන්තිමට නැවතුණේ පාර්ලිමේන්තුවෙන්.එහෙමයි මහා කලාකරුවෝ පසුගිය කාලේ වැඩ කළේ.

ශිවන්‍යලගෙ 'ප' යන්නට යටවුණු අපේ රටේ ටෙලිනාට්‍ය කලාව ගොඩගන්න ඉදිරියට එන්න ඕනෙ අපේ කලාකරුවොම තමයි. එහෙම එන්නේ නැති අයට කතා කරන්න ඕන ශිවන්‍යගෙ 'ප' යන්නෙන් නෙවෙයි වාසුදේවගේ 'ප' යන්නෙන් පටන් ගන්න වචනෙන්.

ප්‍රියන්ත කොඩිප්පිලි 



අදහස් (0)

ශිවන්‍යගෙ ‘ප‘ යන්නට යටවූ අපේ ටෙලිනාට්‍ය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site