(සිරංගිකා ලොකුකරවිට , ජී.ඩබ්.කේ.ප්‍රේමතිලක සහ ජේ.කේ.එල් චාමින්ද)
කරාපිටිය රෝහලේ රෝගියෙකුට ශල්‍යකර්මයක් කරමින් සිටි වෛද්‍යවරයෙකුගේ පාදය මතට ශල්‍යාගාර මේසය කඩාවැටීමෙන් එම වෛද්‍යවරයාටද පැය එකහමාරක පමණ සැත්කමක් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කරාපිටිය රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රජිත් අබේවික්‍රම මහතාය. ඔහු කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ කාර්ය බාර වෛද්‍යවරයා ලෙස ශල්‍යාගාරයේ ශල්‍යකර්මයක් කරමින් සිටින අතරතුර ශල්‍යාගාරයේ මේසය මෙලෙස ඔහුගේ පාදය මතට කඩා වැටී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ සැත්කමට භාජනය වෙමින් සිටි රෝගියා නිරුපද්‍රිතව සිටින අතර මෙම අවස්ථාවේ සැත්කම අවසන් වෙමින් පැවතුන බැවින් රෝගියා සම්බන්ධ කටයුතු ශල්‍යාගාරයේ සිටි අනෙක් වෛද්‍යවරුන් විසින් අවසන් කළ බවද රෝහල් ආරංචිමාර්ග පවසයි.
රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ අනතුරින් වෛද්‍යවරයාගේ පාදයට සිදුවූ තුවාලයට පැය එක හමාරක පමණ ප්ලාස්ටික් ශල්‍යකර්මයක් කිරීමට සිදුවූ බවයි. අදාල වෛද්‍යවරයා දැනට සුවය ලබමින් සිටින අතර ශල්‍යාගාරයක් තුළ සිදුවන මෙවැනි අනතුරු වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ ඉතාමත් විරල බව වෛද්‍යවරු පවසති.
මේ සම්බන්දව අදහස් දක්වමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රජිත් අබේවික්‍රම මහතා මෙසේ පවසයි,
" කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ශල්‍යාගාර හතරක් තිබෙනවා. ඉන් එක් ශල්‍යාගාරයක මම උදරයේ පිළිකාවක් ඇතිවූ රෝගියෙකු සඳහා සැත්කමක් කරමින් සිටියා. මා සමඟ තවත් වෛද්‍යවරු තිදෙනෙක් හෙදියන් සහ සුළු සේවකයින් ශල්‍යාගාරය තුළ සිටියා.
සැත්කම අවසන් වෙමින් පවතින අවස්ථාවේ හදිසියේම රෝගියා සහිත ශල්‍යාගාර මේසය බිමට පහත් වුණා. මේ ශල්‍යාගාර මේසය ටොන් එකක් පමණ බරයි.
මෙයින් මගේ කකුලේ ඇඟිල්ලකට බරපතල ලෙස හානි සිදු වුණා. රෝගියාට කරදරයක් වුණේ නැහැ.ශල්‍යාගාරයක් කියන්නේ ගුවන් යානයක නියමු කුටිය වගේ තැනක්, එහි ආරක්ෂාව අතිශය වැදගත්"
වෛද්‍යවරුන් පවසන්නේ සැත්කම් සිදුකරන ශල්‍යාගාරයක ආරක්ෂාව ලෝකයේම පිළිගත් මට්ටමක පැවතිය යුතු බවයි. ප්‍රධාන වශයෙන්ම රෝගියාගේ ආරක්ෂාව හා ශල්‍යාගාර කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ශල්‍යාගාරයක් තුළ දී සහතික විය යුතු බවද නිරන්තර පරික්ෂාව හා නඩත්තුව අවශ්‍ය බවද ඔවුන් පවසයි.
එසේම අවිධිමත් ක්‍රම යටතේ බඳවා ගන්නා සුළු සේවකයන් නිසි පුහුණුවක් නොමැතිව ශල්‍යාගාර වල සේවයේ යෙදවීම නිසා ද බෝහෝ ප්‍රශ්න උද්ගත වන බව ඔවුහු තවදුරටත් පවසති.
මේ සම්බන්ධව අදහස් දක්වමන් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා මෙසේ පවසයි,
"මේක සුළු සිද්ධියක්, ඇඳේ කෑල්ලක් වෛද්‍යවරයාගේ කකුල මතට කඩාවැටිලා පොඩි තුවාලයක් ඇතිවී තිබෙනවා."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සුළු සිද්ධියක් නේ... ඇගිල්ලක් විතරනේ කැඩිලා තියෙන්නේ.
රෝහලේ අධ්‍යක්ෂකවරයා මේක සුළු සිද්ධියක් යයි කීවට, මේසය ඔහුගේ කකුල මත වැටුණා නම් ඔය විදියට කතා කරන එකක් නැහැ.
මෙවැනි සිදුවීම් සඳහා ප්‍රධාන වශයෙන් හේතුවන්නේ නිෂ්පාදක විසින් වාර්ෂිකව අර්ධ වාර්ෂිකව කළයුතු නඩත්තු පරීක්ෂාවන් නොවීමයි. රොහල්වල උපකරණ හිඟය අධික රෝගී සංඛ්‍යාවක් ශල්‍යකර්ම සඳහා යොමුවීම බලපානවා.
රෝහලේ අධ්‍යක්ෂක වග කියන්න ඕනේ, මේවට. රෝගීන්ගේ අාරක්ෂාව දෙන්න බැරිනම් රෝහලේ අධ්‍යක්ෂක කමෙන් වැඩක් නෑ. ඕවා කඩන් වැටෙනකොට ගැස්සිලා, ඔපරේෂන් එක කරන පිහියකින් එහෙම වෙනත් ඉන්ද්‍රියයක් කැපිලා ගියොත්. ලෙඩා මැරුණත්, බොරු මරණ සහතිකයක් දෙන ජාතියේ කට්ටියක්..
"මේක සුළු සිද්ධියක්, ඇඳේ කෑල්ලක් වෛද්‍යවරයාගේ කකුල මතට කඩාවැටිලා පොඩි තුවාලයක් ඇතිවී තිබෙනවා" - රෝහල් අධ්‍යක්ෂක... අනේ මෙහෙමත් රෝහල් පරිපාලකයො අඳෝමැයි. රාජිතත් එක්ක සෞඛ්‍ය ඇමතිකමට හොඳ තරඟයක් දෙන්න පුලුවන්...
වෛද්‍යවරයාට ඔපරේටින් ටේබල් එකේ ටිල්ටින් පෙඩල් එක පෑගුනොත් රෝගියාත් ඉන්න නිසා අධික බරට එක පැත්තකට කඩාගෙන වැටෙන්න පුළුවන්. එක සුලභ සිදුවීමක් නොවුනත් කලාතුරකින් වෙන දෙයක්. අනික තමයි ටේබල් එකට සවිකරන ආර්ම් සපෝර්ට් වගේ සමහර උපාංග හරියට සවිකරලා නැත්නම් ඒවා වැටිලත් කකුල් තුවාල වෙන්න පුළුවන්. මන් හිතන්නේ සර්ජන් බූට්ස් නැතුව ඉන්න ඇති.
මහා බැංකුව කාපු එකත් ලුණු බිකක් උන අපේ යමපලනයේ උන්ට මේක ලුණු පොත්තක් වෙයි. . උන් සින්ගප්පුරුවේ ශල්‍යකර්ම අපේ සල්ලි වලින් කර ගත්දී. මේ මේස ගැන හොයනවට වැඩියේ උන්ට වැඩ තියනවා කොටි ගණන් වල සැප වාහන ගෙන්න ගන්න, කොමිස් ගහන්න පුළුවන් වැඩ ගැන හොයන්න. ඡන්දෙදීපු මහජනයාට හෙන ගැහුවත් අපිට මොකද කියන එකයි දේශපාලකයන්ගේ පැතුම. වෙන රටක උනානම් සෞඛ්‍ය භාර ඇමති අදම ඉල්ලා අස්වෙලා...
වහල කඩා වැටුණත් කියාවි සුළු සිද්ධියක් කියලා. මෙතන සිදු වෙමින් පැවතුනේ බරපතල ශල්‍ය කර්මයක් අධ්යක්ෂකතුමෝ. හවසට සෙට් වුණ කට්ටියකට වුණ වැඩක් නෙවෙයි. !
මේක අර පහුගිය කලේ කරාපිටියට එංගලන්තෙන් ඇවිත් වෙදකම් කල දොස්තර ගේ කුමන්ත්‍රණයක් වෙන්න බැරිද ? ඔහු මේකේ ඇනයක් හරි බුරුල් කරලා තිබුන වෙන්න බැරිද ?
මෙයා නේද අර ළමයින්ට විභාග මධ්‍යස්ථානවලට යන්න නොදී අසාධාරණ විදිහට ෆේල් කරපු කෙනා..? එහෙනම් ඔහොම වෙලා මදි...