(මනෝප්රිය ගුණසේකර)
වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුවේ සාක්කි විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබෙන තුරු නොපැවැත්වීමට ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (26) තීරණය කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ සාක්කි විභාගය ලබන ඔක්තෝබර් 1 වැනිදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇතැයි කළ දැනුම් දීමක් සැළකිල්ලට ගත් විනිසුරු මඩුල්ල එලෙස තීරණය කළේය.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඬුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.
2013 සැප්තැම්බර් මස 3 වැනිදාත් 2015 පෙබරවාරී මස 2 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 339 ක් වැයකර වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට සියලූ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබේ.
රුපියල් ලක්ෂ 339 වැයකර වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වු 2 සිට 6 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිව ද ඒ සඳහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිව ද නීතීපතිවරයා චෝදනා නඟා ඇත.
දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකර ඇති බවද නීතීපතිවරයා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත.
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවැනි නඩුව ලෙස නීතීපතිවරයා විසින් පොදු දේපළ පනත සහ දණ්ඩ නීතී සංග්‍රහය යටතේ පවරන ලද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, එම්.ඩී.මහින්ද සාලිය සහ එම්.ඒ. ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර යන 7 දෙනා නම් කර ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සියලු විත්තිකරු අධිකරණයේ පෙනී සිටියහ.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරු කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ අධිචෝදනා පත්‍රයේ ඇතුළත් එක් අධි චෝදනාවක් සංශෝධනය කිරීමට නීතීපතිවරයා එකඟතාවය පළ කර ඇති බව දැනුම් දුන්හ.
ඒ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන අගොස්තු 30 වැනිදා ඉදිරිපත් කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල නඩුව එදින යළි කැඳවීමට නියම කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතේට අහපු නඩු අහිලිද අප්පා මේවා...? මට නම් සහතිකයි.. ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිමේට ඔය නඩුව දාපු අයට තමා හිරේ ලගින්න වෙන්නේ...
හොරුන්ට මෙහෙම හොරකම් කරලා උසාවි යන්නේ නැතුව ඉන්න පුලුවන්ද? දන්නා හොරෙක් ඉන්නවා කියලා බලන්න ඕනේ. මේ ක්‍රමය කරලා පුරුදු වෙන්න කියලා...
මම දැක්කා සතිඅන්ත පත්තරයක තියෙනවා මෙහෙම කතාවක්. උපුටා ගැනීම "ගෝඨා විකුණුවේ උණුසුම තියාගන්න. අපේක්ෂකයා වෙනත් අයෙක්.ගෝඨාභය රාජපක්ෂට ඉදිරි ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකි බව තහවුරු වී තිබියදී ඔහු වටා පෙළ ගැසී සිටින ජාතිවාදී බලවේග ඒ දක්වා උණුසුම්ව ක්‍රියාකාරීව තබාගැනීමේ අරමුණින් ඔහුගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීරණය කර ඇත.මෙම සැලසුමට අනුව අගෝස්තු 11 වැනිදා ගෝඨාභය රාජපක්ෂගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු ඔහු අගෝස්තු 13 වැනිදා ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමෙන් ප්රචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ඉන්පසු එදිනම මහනුවරට පැමිණ මල්වතු හා අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීමට නියමිත අතර ඒ සඳහා දැනටමත් දින වෙන් කරගෙන ඇත.එමෙන්ම එදින මහනුවර නගරයේ පිළිගැනීම් ඇතුළු උත්සව පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇත. එළඹෙන අගෝස්තු 11වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනය පවත්වා ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය." උපුටා ගැනීම අවසන්. මදැයි කොලා ?
නඩු ඇහිල්ල දැන්ම නතර කරන එක හොඳයි. ඉදිරියේදී එන්නේ නඩු නැතිවම දඬුවම් දෙන කාලයක්. පෙර නිමිති දැන්ම පහළ වෙලා. දැන් ඉඳන් සූදානම් වෙලාම ගිහින් මෙතුමාට ඡන්දය දෙමු.
අර පොල්ගෙඩි හොරකම් කරපු අයට පොඩි පොඩි වැරදි කරපු අයට ඔහොම වාසි නෑනේ... හොරකම් කරත් මහාපරිමාණෙන් කරන්න..! සල්ලිත් තියාගන්න. වැඩේ ගැස්සුනොත් කලු කෝට් මහත්තුරුන්ට දෙන්න. ජීවිතේට ඇතුලට යන්න වෙන්නෙත් නෑ. ලොකු ලොකු අතු ටිකක් අල්ලගන්න. එතකොට ඕවා අහන්නත් බයයි. එහෙම නැත්තම් එකෙක්, දෙන්නෙක් අතුරුදහන් කරලා හිට්ලර් වගේ බයක් මිනිස්සු අතර හදන්න. එතකොට පණ බයට ඕවා අහන්නෙත් නෑ...
ඇමෙරිකාවේත් මෙයාට තියන නඩුවලට මෙහෙම සෙල්ලම් දාන්න පුලුවන්ද?
අර නොකෙරෙන වෙදකමට කොඳුරු තෙල් හත්පට්ටයක් ඉල්ලුවා වගේ තමයි.
ජනාධිපතිකමට ඉල්ලන්න කලින් තමන් මහත්තයෙක් කියලා රටට පෙන්නන්න.
ගෝඨා නිවැරැදි නම් මොකද මේ නඩුවට බය නැතුව මුහුණ දෙන්නේ නැත්තේ..? ජනාධිපති වෙන්න හදන මිනිහෙක් නම් මේකට නිර්භයව මුහුණ දෙන්න එපායැ...
රාජපක්ෂලා හොරු නම් නොවේ. හොඳෑ....!!!!
දොන් ඇල්වින් රාජපක්ෂ නොහොත්, ඩී.ඒ රාජපක්ෂ මහත්තයාගේ ස්මාරකය සිංහල බෞද්ධයින්ගේ මුදල් වලින් හැදීමම දෛවයේ සරදමක්. ප්‍රතුගීසින් ගෙන් ලැබුන පියාට ලැබිල තියන නයිට් නාමය (දොන්) පුත්තුරුන්ට නැත්තේ ඇයි කියලයි මම මේ නිකමට කල්පනා කොලේ??