ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරු 11 දෙනෙක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෛතී‍්‍රපාල සිරිසේන ජනපති අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
ගම්පහ දිස්ති‍්‍රක් සංවිධායක ලෙස හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුපුරෙකු වන ප‍්‍රදීප් ජයවර්ධන මහතා පත් කැරිණි. හිරියාල ආසන සංවිධායක ලෙස වයඹ පළාත් සභා මන්තී‍්‍ර කමල් ඉන්දික, කොළඹ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් ලෙස බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්තී‍්‍ර ගාමිණි ද සිල්වා සහ බුද්ධික ඉද්දමල්ගොඩ ද, කළුතර සංවිධායක ලෙස මනුල චමල් පෙරේරා ද, ගාල්ල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස පියල් දර්ශන ගුරුගේ ද, කෑගල්ල සංවිධායක ලෙස නලීන් පුෂ්පකුමාර, කුරුණෑගල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස තුෂාර තිලකරත්න ද පත් කර තිබෙන අතර බෙන්තර - ඇල්පිටිය සම සංවිධායකවරුන් ලෙස බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් කි‍්‍රෂාන් සිරිමාන්න සහ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අමිල හර්ෂණ කාරියවසම් යන මහත්වරුද පත්ව සිටිති.
බෙන්තර - ඇල්පිටිය සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මියට සිය ධූරය අහිමිවී ඇති අතර සාලින්ද දිසානායක මහතාට ද සිය සංවිධායක ධූරය අහිමිවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දකරලම දාන්න, එතකොට පැහැදිලි ගමනක් යන්න ලෙහෙසි, ජය වේවා (අ)
ඔය එන්නේ කස කාරයෝ. ගේම දෙන්න වගේ යන්නේ. ජය ජය ජය ශ්‍රී .(අ)
මෙහෙම වුනාම මහින්ද මහතාගේ බලය තවත් වැඩි වෙනවා ජය වේවා (හේ)
මැයි පළමු වැනිදට පස්සේ බලාගන්න පුළුවන් මේ අයගේ වැඩ ටික.(හේ)
ජනාධිපති තුමනි ඔබට සහ රටට ජය වේවා..(හේ)
ගීතා ගේ ඔලුව වැඩියි හොද වැඩේ ... (බ)
ජනපති තුමනි , බය නැතුව ඔයවගේ දෙපත් නයි ටික ඉවත් කරලා දමන්න ... අපි ඔබතුමා සහ රජය සමගයි ... (ර)
ඔබේ තීරණ ගැන අපි සතුටු වෙනවා. (ර)
මටයි ,සමනලීටයි ,අමාටයි ,ඉන්ද්‍රචාපයාටයි කුඹුක්ගැටේදි ගහපු එකාට හිරියාල දීලනෙ (බ)
පක්ෂය අවසානය ළඟයි.(හේ)
කවුරු කාව පත් කළත් ඡන්ද තිබෙන්නේ අපේ අතේ (හේ)
හරියටම හරි කුණු ගොඩවල් ටික ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අපි ඉදිරියට යමු ... (ර)
මහින්ද මහතාට ජය වේවා ! (ර)
පක්ෂෙට උන දෙයක්... (ර)
ඔතන හිටපු අයගෙන් දෙන්නෙකුව අයින් කිරීම ගැන නම් ජනාධිපති තුමාට මම ස්තුති කරනවා. (ර)
බය නැතුව නියම තීරණ ගත යුතුයි. (ර)
ඉන්දිකට තේරෙන දේ දේශපාලකයන්ට තේරෙන්නේ නැහැ.... (ර)
කොන්ද පණ තියන වැඩ (හේ)
අද හොඳ පායපු දවසක් යමු බිලි බාන්න කිව්වලු බිම් පණුව (බ).
මෙහෙම කලාම ගාල්ලට එන අය වැඩි වෙයි කියලද හිතන්නේ.? (ර)
යූඇන්පී න්‍යාය පත්‍රයට අනුකූලව වැඩ කරන සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබී ඇත. ජයවේවා! (බ)
මැයි පළවෙනිදට සෙනග හෝ ගාල එයි. මොකද මේ පත් කීරීම් එක්ක එහෙම වෙන්න ඕනනේ...(බ)