ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දර්ශනයක් ඇති කළේ එහි නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා. එතුමා බණ්ඩාරනායක දර්ශනය අපට කියා දුන්නා. දැන් විවිධ වර්ගයේ දර්ශන මේ පක්ෂයට එකතු කරගෙන තියෙනවා. හැබැයි පක්ෂයට ශක්තිය ලැබුණේ බණ්ඩාරනායක මැතිතුමාගෙන් අද බොහෝ දෙනාට ඒ දේ අමතක වෙලා.
තිහාරියේ දුල්වල ස්ලාමීය මධ්‍යස්ථානයේ උත්සවයකදී චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග හිටපු ජනපතිනිය එසේ කීවාය.බණ්ඩාරනායක දර්ශනයට ජාති වාදය ආගම් වාදය හා කුල වාදය නැතැයිද ඇය කීවාය.
සුනේත්‍රා බණ්ඩාරණායක මහත්මියද මේ උත්සවයට පැමිණ සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පරම්පරාවෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. ඒත් අද වෙනකොට රටේ වෙන සිද්දි ගැනනම් පුදුම කලකිරීමක් තියෙන්නේ.(නදී)
යුගයේ අභීත දියණිය....... (ස)
මෙතුමියගේ කාලේදී දිරාම් එකක් තිබුනේ රුපියල් 22-25 අතර. දැන් ලංකාව සීග්‍ර ලෙස සංවර්දනය වෙලා නිසා ඊයේ වෙනකොට දිරාම් එකක් රුපියල් 36 දක්වා නැගලා තියෙනවා. බඩු මිලත් සීග්‍ර ලෙස සංවර්දනය වෙලා තියෙනවා.(නදී)
බණ්ඩාරනායක දර්ශනය සහිතව "විමුක්ති" කරලියට එනවා නම් අපි අපේ සහයෝගය උපරිමයෙන් දෙනවා.(නදී)
පුංචි ටිකිරිගේ පුංචි මොලේ ගොම පස් අසුචි පිරිලා කියලා උපාලි මහත්තයා තාම දන්නේ නැද්ද..? (නි)
ඔබතුමිය අවුරුදු දොළහක ඉඳලම මොනවද රටට කරේ...? දැන් නිකන් බණ දොඩවනවා. (ස)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දර්ශනයක් ඇති කළ එහි නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා ගේ ගාලු මුව දොර පිහිටි ස්මාරකයන් ගලවලා ඒකත් චීනෙට දෙන්න යනවා කියන කතාව ඇත්තද?(නදී)
බන්දුල පෙරේරා, අපි දන්නා එක ධර්මතාවයක් තියෙනවා.අයුක්තියෙන්,අසාධාරණයෙන්,කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදලින් ගසාකමින් වැඩි දුරක් යන්න ලැබෙන්නෙ නැහැ කියන එක. (නි)
ඔය කතා ගණන්ගන්න එපා. (නි)
තිලක් ඩුබායි , එදා දිරාම් එකක් තිබුනේ ඉන්දියාවේ රුපියල් කියාද, එතකොට ඉන්දියාවේ දිරාම් එකටත් මෙතුමිය බල පැවද, මෝඩ කතා නොකිය ඉන්නව හලෝ......බදු මිල අඩුවෙන රටක් කියන්නකෝ තිලක් බබෝ... (නදී)
බය වෙන්න එපා.ඉස්සර අපි මිනීමරු ප්‍රබාකරන්ගේ බෝම්බයෙන් අපේ දරුවන් ආරක්ෂා කරන්න පාසල් වල ගේට්ටු මුර කළා වගේ මෙරටට ගෙන්වන කුඩු වලින් මත් වුන තිරිසනුන්ගෙන් අපේ දරුවන් අරක්ෂා කර ගැනීමට පාසල් වල ගේට්ටු මුර කරන්න යන්න සිද්ධ වෙන කාලයක් එනවා (නි)
යුගයේ අභීත දියණිය මේ මොකද කියවන්නේ, දැන් පැන්ෂන් එක අරගෙන කොහාට හරි වෙලා ඉන්න. (ස)
සමහර නායකයෝ හරිම අලසයි. (නි)
ටිකිරි බණ්ඩා, හත් වතාවක්ම අදහස් දාලා තියෙනවා දැකල මං හිතුව මිනිස්සුන්ට දේශපාලන පක්ෂෙත් පරම්පරාවෙන් උරුම වෙනවාද කියලා. සාමාන්‍යයෙන් පිළිගන්නේ, රට, ජාතිය, භාෂාව, ආගම වැනි දේවල් නේ. දේශපාලන පක්ෂයක් උපතින් උරුම වෙනවා කියල මොලේ තියෙන මිනිස්සු නම් පිළිගන්නේ නැහැ. ඒක ඉපදිලා ලෝකේ තේරුම් ගත්තට පස්සේ නේද තීරණය වෙන්නේ? භාෂාව ආගම වැනි දේත් පස්සේ වෙනස් වෙනවා නේද? කැපුවත් ලේ අර පාටයි මේ පාටයි කියන අය අන්ධ භක්තිකයෝ මිසක් යමක් මධ්‍යස්තව හිතන්න පුළුවන් ශක්තියක් ඇති අය නෙමෙයි. බණ්ඩාරනායක මැතිතුමා සිංහල පමණක් රාජ්‍ය භාෂා කිරීම අන්තිමට ත්‍රස්ත වාදය ඇතිවීමටත් හේතු වුනා කියලා ශ්‍රී.ල.නි.ප. කට්ටියම කිව්වා නේද? මොකද ඔබට හිතෙන්නේ ඒ ගැන? (නදී)
ලංකාවේ ස්වර්ණමය යුගය මෙතුමිය රට පාලනය කළ කාලයයි,හොරකම්,දුෂණය ,භීෂණය අඩුවෙන්ම තිබුනේ ඒ කාලේ,මෙතුමිය තව අවුරුදු 5 පාලනය කළා නම් රට ගොඩ,ඔබතුමිය නැවත ඉල්ලනවා නම් අපි සම්පුර්ණ සහයෝගය දෙනවා (නි)
ඉදිරියේදී අපේ දරුවන්ට චීනයේ යටත් විජිතයක් වශයෙන් තමා ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. (නි)
මෙතෙක් රටේ බලයට පත් වූ කිසිම නායකයෙක් කුලවාදය ,උස් පහත් බේදයන් දුරු කර රටේ සියලු දෙනාම සමානය කියන තත්වයට පත් කර නැහැ. රටක දියුණුවට ප්‍රධාන බාධාව තමයි මේ කුලවාදය,උස් පහත් බේදයන්ගෙන් ජනයා බෙදා වෙන්කර තිබීම. ලංකාවේ ඉතා තදින්ම මේ කුලවාදය එල්බගෙන සිටින රටක් (නි)
ඔය ධම්ම කියන කෙනා වගේම තව කෙනෙක් ඉන්නවා ආණ්ඩුවට කඩේ යන. (නි)
මොනවා නොකළත්,එතුමියගේ කලේ මීට වැඩිය නීතියක් රටේ තිබුනා.නීතිය ගැන විශ්වාසයක් රටේ තිබුණා.අනෙක් එක ජාතිවාදී නාමයෙන් අනෙක් ආගම වලට,ආගමික සිද්ධස්ථාන වලට පහරදීමක් වුනෙත් නැහැ. වුණා නම්,ඒවාට නීතිය ක්‍රියාත්මකවීමක් තිබුණා. (නි)
මෙහි තිබෙන අදහස් කියවලා බලපුවාම මඩ ගැහිලිම තමයි. ජනාධිපතිතුමිය බලයේ ඉන්න කාලයේ වැඩක් කලේ නැතිලු කියලා දැන් කියනවා. මහත්වරුනි, කෙනෙකුට ඇගිල්ල දික්කරන්නට පෙර තමා කව්රුදැයි හොදින් අවබෝධ කරගන්න. අනුන් ළග කසල තිබෙනවා යැයි කීමට පෙර ඔබ ළග තිබෙන කසල ගොඩ ඉවත්කර ගන්න (නි)
සෙන්තිල්, ඔය ඉස්ලාමීය අබ්බඝාත මධස්ථානයක්ද? අබ්බඝාතකයන් මොකට මැව්වද? මැවුම්කරු හරිම අසාධාරනයි නේද?? (ස)
ජය වේවා! (නි)
ඔබගේ දර්ශනය පැසසුම් කරනා අයත් ඉන්නවා (නි)
බණ්ඩාරනායක දර්ශනය තමා ජාතිවාදය පටන් ගත්තේ . 1956 බලයට පැමිණ ශ්‍රී අකුරත් එක්කම පළවෙනි දෙමල සිංහල කෝලාහලය... මම හිතන්නේ මෙහි ප්‍රතිචාර දමන ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. (නි)
අවුරුදු 11 කාලය තුල ගරු බණ්ඩාරනායක අගමැතිතුමාගේ, ගරු බණ්ඩාරනායක අගමැතිතුමියගේ දර්ශනය විනාශ කිරීමට හවුල් වුණේ කවුද? ඒ පාලන කාලයේදී ,නියම දර්ශන ජනතාව දැක්කනේ. නේද? (ස)
බඩු මිල නම් අපේ රටේ මිනිසුන්ට ප්‍රස්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට දැන් තියෙන්නේ එක දර්ශනයයි (නි)
කුරිරු යුද්ධය නිසා ප්‍රබල චරිත වන පොන්සේකා එලොව ගහින් මෙලොව ආවා. චන්ද්‍රිකාගේ ඇසකුත් දන්දුන්නා. නමුත් ඔවුන්ගේ සතුරන් මෙල්ල කළ ජනපතිතුමාට මේ දෙන්නගේ කෙළෙහිගුණයක් තිබිය යුතුයි.කාගේ කාගේත් දර්ශනවාදය නිසා තමයි දුප්පත් අසරණ හමුදා සෙබළු දාස්ගානක් අද අත,පය අහිමිකරගෙන ඉන්නේ (නි)
මොනවද මේ කතා? (නි)
ඉස්සර හිටපු අයත් එකයි, දැන් ඉන්න අයත් එකයි. මම කියන්නේ ලංකාව හදන්න නම් එංගලන්තයටම දෙන්න වෙනවා (නි)
ජයසූරිය මහත්තයෝ , මොන පොතෙන්ද උපුටා ගත්තේ? (නි)
පැහැදිලි ඊර්ෂ්‍යාව කියලයි මම නම් කියන්නේ (නි)
මොන නායකයා ඇවිත් දර්ශනය පෙන්නුවත් අන්තිමට රටට හෙලවෙන්න බැරි විදියට මානව හිමිකම් කඩ කරන රටක් ලෙසට ලේබලය වැදිලා. (නි)
කාගේ කාගේත් දර්ශනේ පේනවා අපිට (නි)
දැන් තියෙන්නේ චින්තනනේ නෝනේ (නි)
සිංහල රාජ්‍ය භාෂාව කිරීම තුලින් අපට අත්වූ ජාතිවාදී ප්‍රශ්නය, අද රජය සාමය උදාවත් සමග යම් මට්ටමකට සැගවී ඇතත්, එස්.ඩබ්.ආර්.ඩී. රජය රටට ඇතිකළ ප්‍රශ්නය තාමත් එතැනමය. 2001දි, අප රට නිදහසින් පසු ප්‍රථම වතාවට ආර්ථික වර්ධනයේ ඍණ වරදානයක් පෙන්නුවා. අද රට ශීඝ්‍රයෙන් දියුණුවක් පෙන්නනවා. රාජපක්ෂ රජය නිතරම සිරිමාවෝ මැතිනිය සිහිපත් කරනවා. එය අප අගය කළ යුතුය. (නි)
දර්ශන පුතේ කිසියම් පොතකින් උපුටා ගත් දෙයක් නෙමෙයි. අපේ රටේ උගත් විද්වතුන් ප්‍රකාශ කළ අදහස් තමා ගැබ් වෙලා තියෙන්නේ. දොරමඩලාව වැනි විද්වතුන් සහභාගි වෙන වැඩසටහන් නරඹන්න (නි)
ඒ පාලන කාලයේදී ,නියම දර්ශන ජනතාව දැක්කනේ. නේද? ඔහොම යමු (නි)
දුප්පත්ම රටවල් වෙන බන්ගලිදේශයත්,නේපාලයත්,පිලිපීනයත් අපේ රටට වැඩිය හොදයි නේද?අපේ රුපියල තරම් බාල්දු වෙන්නෙ නැහැ නේද? (නි)
පේනවා...පේනවා... (නි)
මැතිනිය, අපි කවදත් ඔබ සමගයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා. කරුණාකර නැවත දේශපාලනයට එන්න. රට බේරා ගන්න. (නි)
ආණ්ඩුවට විරුද්ධ නම් ටිකිරි බණ්ඩාට කකුල් හතරේ එළ දෙනෙක් උනත් අබීත දියණියක් වේවි..අපි නොදන්නා පුංචි ටිකිරි..පුංචි ටිකිරි කවදා වෙනකම් මේ විඳවීම විදවන්නද.? පේන තෙක් මානෙක ලකුණක්වත් නැහැ.රතුපස්වලින් අරාබි වසන්ත එනකම් හීන දැකපු මනුස්සයා..රටේ මිනිස්සු රතුපස්වල ගණන් ගත්ත හැටි පහුගිය මැතිවරණෙන් අපේ බස් එකේ ඔය කොමෙන්ට්ස් වලින් ආණ්ඩු පෙරලන්න හදන මේ වගේ අයට පැහැදිලි වෙන්න ඇති හොඳට.. (ස)
සුජීව මහත්තයෝ, රටේ ජනතාව දැන් සමහරුන්ගේ මවුපියෝ නිතර නිතර මතක් කරනවා (නි)
ඔය ඉස්ලාමීය අබ්බඝාත ලමුන්ගේ මධ්‍යස්ථානයට මුදල්වලින් පරිත්යාගයකුත් කෙරුවොත් හොදයි නේද? මමත් මේ ආයතනයට 2010 අවුරුද්දේ දුන්නා, දීල දවල් කෑම වේලකුත් ළමයින්ට දුන්නා. නිකන් කටින් කිව්වට පලක් වෙන්නේ නැහැ. (නදී)
ලංකාව චන්ද්‍රිකා මැතිනිය භාරගන්නකොට තිබුනේ කොතනද කියලා අමතක මිනිස්සු ඉන්නවා.හැබැයි දන්නෝ දනිති. කෙලෙහිගුණ නැති අය ඉන්නවා . (නි)
මම එජාපයේ. ඒ වුණාට ඔබගේ පාලනය හොදයි. මොනවා කරන්නද? (නි)
ඔබතුමිය කළ එක හොඳ වැඩක් මට මතකයි. අර ගුවන් විදුලි රූපවාහිණී බලපත්‍ර අහෝසි කරපු එක. (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ, දේශීය දේ අගයන රටතුල ස්ථාවරයක් ඇතිකරන, ආර්ථිකය ශක්තිමත් කරන පාලන ක්‍රමයක්.අපි ආඩම්බර වෙමු. නමුත් වැරදුන තැනක් තිබෙනවා. උදා : අපිට ඉංග්‍රීසි ඉගෙනුම මකා දැමීම, අපිට රටකට හෝ විදේශිකයකු සමග කතා කර ගැනීමට අපහසුවීම(නි)
පේනවා...පේනවා...බේසමේ පල්ල තියෙනවා කියලයි හිතන් ඉන්නේ?(නදී)
අවුරුදු 11 කිසිම දෙයක් නොකර රට එක තැන තබාගෙන හිටියේ කාගේ දර්ශනයටද ? (නදී)
පක්ෂයට තියෙන දර්ශන පෙන්නුවානේ. දැන් තියෙන්නේ තියෙන දර්ශනේ රැකගන්නා එකයි.(නි)
ජය වේවා ඔබ තුමියට.(නදී)
ටිකිරි බණ්ඩා කාටද කඩේ යන්නේ? (නි)
ධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ එකේ පල විපාක පේනවා නේද දැන්? (නි)
ගරු බණ්ඩාරනායක අගමැතිතුමාගේ,ගරු බණ්ඩාරනායක අගමැතිතුමියගේ දර්ශනය විනාශ කිරීමට හවුල් වුණේ කවුද? අද රට ජාතිය ගැන හිතපු ශ්‍රී. ල.නි. ප.යවත් .එ.ජා.ප. යවත් අපට නැත. ඇත්තේ බල ලෝබය ගැන සිතන කෙසේ හෝ බලය රැකගන්න සිතන දේශපාලකයන් පිරිසක් පමණි. (නි)
සිංහල රාජ්‍ය භාෂාව කිරීම කාලෝචිත අගය කල යුතු ක්‍රියාවක්. එදා ඒක නොකළා නම් අද සිංහල නැත. සිංහලයත් නැත. ඉංගිරිසි අතපසු වීම ඇතිරූ පලයක්. නවීත තාක්ෂනය හරහා ඒ අඩුව මකන්නට හැකියාව ඇත.(නදී)
අර කට්ටියට දැන් ඩෝන් ගිහිල්ලා ඇති.(නදී)
පියල්, අවුරුදු 11 ක්‌ම ස්ලීපිං බියුටී වගේ නිදාගෙනද හිටියේ? (නදී)
අවුරුදු 11 කාලය තුල රටට ඔබගෙන් කොපමණ සේවයක් වුනාද? (නි)
කව්රුත් වැරදි කර තිබෙනවා.නමුත් ඔබ අප දේශයට කළ මෙහෙය ඉතා අනර්ඝයි.පරිණත දේශපාලන පන්නරයක් ඇති අභීත නායිකාවක් වශයෙන් රටේ ප්‍රගතියටත්,ප්‍රතිරුපයටත්,ජනතාවගේ හද ගැස්මටත්,ඉදිරිපත් වෙන්න හෝ විකල්පයක් ඇතිකරවීමට සහය වන්න. ඔබට ජය!! (නි)
ඉස්සර නූතන විහාරමහාදේවි කියලා මෙතුමියව වර්ණනා කරපු අය දැන් මෙතුමියට ගරහන්නේ කාගේ උවමනාවටද කියල හිතාගන්නවත් බෑ(නදී)
මොකක්ද බණ්ඩාරනායක අගමැතිතුමා දුන් දර්ශනය? පංච මහා බලවේගය, දේශීයත්වය, වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් රැකදීම...මෙතුමිය ඒවා කොච්චර දුරට වැඩි දියුණු කලාද? දන්නෝ දනිති. බණ්ඩාරනායක මැතිතුමා කටුනායකින් බ්‍රිතාන්‍යයින් ඉවත්කලා. නමුත් කවුද අපේ ගුවන් සේවාව පිරට්ටුන්ට වික්කේ? (නදී)
චන්දිම, ඕවා මතක් කරන්න එපා. අයෙත් පටන් ගනීවි. (ස)
සුභාෂිනී, කාලෙකට පස්සේ මොකද නැත්තේ?(නදී)
බාබර්. එදා කැපුවේ කෙස් විතරයි. අද එහෙමනම් බෙල්ලම කපන්නවා නේද? (නදී)
මෙතුමියට අව්රුද්දකදී ජනාදිපති වියදම ලෙස තිබුනේ කෝටි 3000 ක් පමණි. මිනීමරු ප්‍රබාකරන් මරන්න යනකොට ඔලු ගෙඩි ටික එහාට මෙහාට කරලා දේශප්‍රේමී නාමයෙන් කෝට් 15000 ක් කර ගත්තා.(නදී)
නැන්දා මාම කාට කඩේ ගියත් එක කුඹුරේ එක ලියද්දේ අප්පුහාමියේ.(නදී)
සුනේත්‍රා බණ්ඩාරනායක මැතිතුමිය නම් "සුනෙර පදනම" තුලින් විශේෂ දුර්වලතා ඇති දරු දැරියන් වෙනුවෙන් ඉතා උතුම් කාර්ය භාරයක් ඉෂ්ඨ කර ගෙන යනවා. (නදී)
"චවුර රැජින" කියල පොතක් ලියලත් වික්ටර් අයිවන් තවම ජීවතුන් අතර. ඒත් අද ඉන්න අයට එහෙම පොතක් ලිව්වා නම් සිද්ද වෙන්නේ මුහුදු වතුර බොන්න නේද?(නදී)
ඔබතුමියටත් දර්ශනයක් තිබුනා නම් අද රටතුල රජයන්නේ එය නොවේද? වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා කියන්නේ ඕකට තමයි.(නදී)
මෙතුමිය ජනාදිපති වෙලා ඉන්නකොට ලෝකයේ ලංකාව ගැන තිබුන ප්‍රතිරුපය අද වෙනකොට විනාසය දක්වා ගමන් කරනවා.(නදී)
මෙතුමිය මොනවා වුනත් දරුවන් දෙන්නට වැදගත් විදිහට ජීවත් වෙන හැටි කියල දුන්න.(නදී)