‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්න හදන්නේ ජනතා විමුක්ති පෙරමණ සහ හෙළ උරුමයයි. අම්බලන්ගොඩ තිබෙන මගේ පෙට්‍රල් ෂෙඩ් එකට රුපියල් කෝටි 170ක් ණය බවත්, පසුව ඒ මුදල ගෙව් බවත් කියල චම්පික රණවක ඇමැතිවරයා කියා තිබුණා. ඒක අමූලික බොරුවක්. මම එහෙම ණය වෙලත් නැහැ. ණයක් ගෙව්වෙත් නැහැ.‘ යි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පැවසීය.
‘දැනට තිබෙන මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න එජාපය කැමැති වෙලා නැහැ.
ගියවර හංසයාට ඡන්දය දුන් ශ්‍රීලනිප පාක්ෂිකයන් මෙවර අලියාට කතිරය ගහන්නේ නැහැ. මොන ක්‍රමයට ආවත් අපට දින්න පුළුවන්. ආසන ක්‍රමය ගේනන කියා අපි බල කරනවා.
මේ මාස දෙක තුනේ කිසිදු සංවර්ධන වැඩක් කෙරෙන්නේ නැහැ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු යවන්න අපි උදව් කළ යුතුයි. මනාප ගැටළුවක් කර ගන්නේ නැතුව පක්ෂය දිනවන්න. මට මේ දිනවල මාධ්‍යය මඩ ගහනවා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරට ඕන අර ව්‍යායාම තීරු තියන සෝබන පාරවල් ටික විතරක් වෙන්නැති. ඒ ටික තිබුන නම් සංවර්ධනය තමයි. උඩුනුවර අපේ නෝනාගේ ගමට යනකොට ත්‍රී විල් එකෙන් ගිහින් පාර මැද මඩ වලේ වැටිලා එරුණ පාර ගොඩ ගන්න වෙනම වාහනයක් ගේන්න ගන්න වුනා. ඔන්න මෙච්චර කල් තිබුන සංවර්ධන වැඩ කටයුතු. මොනවද තවත් නවතින්න තියෙන්නේ. ? (නදී)
මේ සැරේ ඡන්දෙ ඉල්ලන්න ආවොත් අපි බලාගන්නම්කෝ (නි)
බලමුකෝ ඡන්දය ඉල්ලලා (නදී)
සජින් වාස්ට මෙවර නොමිනේෂන් ලැබෙන්නේ නැති බව අපිට හොඳටම ෂුවර්ය. මහින්දගේ පරාජයට මෙයාත් වගකිව යුතුයි (නදී)
තව ඉස්සරහට නියම හංසයා පෙනේවි (නදී)
අනේ අනේ, නුඹලා ඔක්කොම එකයි. (නදී)
මේ දිනවල කිසිම සංවර්දනයක් වෙන්නේ නැහැ කියන්නේ රටේද? පුද්ගලිකව තමන්ගේද? මින්පසු පක්ෂයට මුවාවී රට ජාතිය කන්න ජනතාව ගෙන් ඡන්දය නොලැබේවි (නදී)
හංසයාට ඡන්ද දුන්න අපි අපිටම ගහගන්න වෙයි. මේ අයට කට පත්ත අදින්න ඉඩ දීලා තියෙන තරම බලපුවාම හොරා සමග හෙලුවෙන් විතරක් නෙවි ඔලුවෙනුත් හිටගෙන (නදී)
අතිතය අමතකකරලා සමහරු තවමත් හීන දකිනවා. ශ්‍රී ලංකාවේ ඡන්දදායකයෝ තණකොළ කාලා, පුන්නක්කු බොන අය නෙමෙයි කියලා අපිවත් මතක්කරලා දෙමු (නි)
දැන් වෙන්නේ යහපාලනයද? (නි)
ඒ අය කටින් බතල කොළ හිටවනවා. තවම වෛරී පාලනය ඉවර නැහැ (නදී)
හෙලිකොප්ටර් ගන්න තරමට සංවර්දනය කරගත්තහම මදිද ? තව කියන්න දේවල් නැද්ද ? (නදී)
පසුගිය කාලේ රට කෙසේවෙතත් හොරු නම් සංවර්දනය වුණේ බව පෙනෙනවා , (අ)
අර දොස්තර නොනිස්ට ගැසීම වැනි දේවල් දැන් කරන්න බැරි නිසා අතපය හිරිවැටිලා වගේ , මහින්ද මහත්තය පැරදුන ගමන් මේ ගොල්ල ඉක්මනටම යහපාලනයට අතවැනුව දැන් අයෙමත් මඩ ගොහුරුවටම රට තල්ලු කරන්න හදනවා , (අ)
ඔබතුමාට ලබන පාර අත ලකුණෙන් හෝ හංසයාගෙන් නාමයෝජනා නොලැබෙනු ඇත . ඔබතුමාට හොදම ලකුණ " කබරගොයා " (අ)
මේ දිනවල සංවර්දනයක් වෙනවා. රජයේ ඉහල තනතුරුවලට මැති අමතිලගේ පුත්තු බිරින්දෑවරුන් පත් වෙනවා! ටොන් ගණන් මඩ නිෂ්පාදනය කරනවා. උතුරේ ඊලාම් වලට පාර කැපීමේ වැඩ රෑ දවල් සිද්දවෙනවා. අනෙක් යටිතල පහසුකම් වැඩ නම් නැවතිලා. හැබැයි, කොළඹ පාරවල් වල නම් කුණු ගොඩ ගැහෙන්න පටන් අරන්. (අ)
මේ දිනවල මඩ නිෂ්පාදනය වැඩිවෙලා. පවුල් සමාගම් සංවර්දනය වෙලා. ඒවා වැරදි බව කිය කිය ඒවම කරනවා. කියන්නේ එහෙමයි කරන්නේ මෙහෙමයි (නදී)
මෙයාත් කරපු දෙයක් නැහැ. අපේ ගෙවල් ලග පාරක් තියෙනවා බාගයක් කාපට් ඉතුරු බාගය පයින් යන්නත් බැහැ. පාර මැදත් ලයිට් කණු (නදී)
බණ්ඩාර හීනෙන් බයවෙලාද? පසුගිය කාලේ හිටියේ කොහෙද? ඒ කාලේ අතපය දික්කළ අය දැන් වෙනත් කටකින් කතාකරන්න පටන් අරගෙන නේද? (නි)
තමුන්ට නං සංවර්ධනයක් නැතුව ඇති. එ්ක හිතාගන්න පුළුවන්. (නදී)
බුද්ධිමත් ජනතාව කාගේවත් කයිවාරු අහන්නේ නැහැ (නි)
ගීතා ගැන අනුකම්පා හිතිලා තියෙන්නේ මොකද දන්නෙ නැහැ (නි)
නායකයාගේ අනාගතය කාපු අය අද වැදි බන කියනවා (නදී)