ඒකාබද්ධ විපක්‍ෂය කොළඹ ඉබ්බන්වල හයිඩ් පිටියේදී බ්‍රහස්පතින්දා (17) පවත්වන රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් සහභාගී වුවහොත් ඔවුන්ට එරෙහිව පක්‍ෂ මධ්‍යම කාරක සභාව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමාජ සවිබලගැන්වීම් සහ සමාජ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.
රටේ පවතින නීතියට අනුව පක්‍ෂයට විරුද්ධව කටයුතු කරන අයට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගෙන ඔවුන්ගේ මන්ත‍්‍රීධූරයද අහිමි කිරීමේ හැකියාව තිබෙන බව දිසානායක මහතා කියයි.
මෙම රැලියට සහභාගී වන මන්ත‍්‍රීවරුන් ගැනද පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැුස්වී පක්‍ෂයට අවම හානියක් වන පරිදි විනය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඇමතිවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! මේ මෙතන මහ ලොකු කතා ලියන ඔහෙලාම තමයි මේ වගේ අයට ඡන්දෙ දෙන්නේත් (නි)
බලන්නකෝ මිනිස්සු වෙනස්වෙන ඉක්මන. මට නම් හිතාගන්නත් බැහැ (නි)
ඡන්දදායකයන් විසින් ප්‍රතික්ෂේප කරන ලද, කවුරුත් හොඳින්ම දන්නා, මහජන සේවකයෙක් කරන කතාවක හැටි? (නි)
අනුන් නවත්වන එක නොවෙයි කරන්න තියෙන්නේ, තමන්ට ඉන්නවා කියලා හිතාගෙන ඉන්න ජනතාවට එන්න කියලා වෙනම රැස්වීමක් තියන්න. එතකොට ශ්‍රී ලංකාකාරයෝ ඉන්නේ තමන් සමඟ කියලා ඔප්පු කරන්න පුළුවන්. (නි)
වාසියට කවුරුත් එක එක ඒවා කියනවා. එත් දිනපුවාම ඒ පැත්තට පනිනවා. මේ කේමය නවත්තන්න ඕන. (ර)
මෙයා පක්ෂය අතහැරලා ගිය කෙනෙක්. (ර)
අනේ ඔබතුමාලා කී සැරයක් නම් කරණම් ගැහුවද? කට හින්දා හිරෙත් ගිය එකේ තව මොන කතාද? (නි)
ඡන්දයක් දිනාගන්න බැරි ඔයාලා ගැන මොන කතාද? (නි)
අනේ අපොයි! දැන් මන්ත්‍රීතුමෙකුටවත් තමන්ට නිදහසේ දෙයක් කරන්න බැහැනේ. මේකද මේ යහපාලනේ කියන්නේ? කෙනෙකුට තමන් දරන මතය අනුව කටයුතු කරන්න ඉඩක් නැද්ද? (නි)
දැන්මම බයවෙලා වගේ සමහරු නම්. (නි)
මහජන ඡන්දෙන් ගෙදර ගිහිල්ලා පස්ස දොරෙන් ආ සමහරු ලැජ්ජා නැතුව කියනවා මන්ත්‍රී ධූර අහෝසි කරනවලු. ඔයාලා එහාට මෙහාට පැනපුවා මිනිසුන්ට හොඳට මතක තියෙනවා. (නි)
එජාපෙට මුක්කු ගහලා ඔවුන්ට ආණ්ඩු බලය ගෙනදුන් එක තරම් පක්ෂෙට වෙන හානියක් තවත් කොහෙද? (නි)
මිනිස්සු පරාද කළ අදක්ෂයෝ එජාප ජනාධිපති මෛත්‍රී හයිය ගන්න කවුන්සලේට ගෙනල්ලා (බ)
මෙතුමාගේ කතාවෙන් තේරෙන්නේ බොහෝ ඇමතිවරු මේගොල්ලෝ එක්ක නැහැ කියල තමයි. ඒකයි මෙතුමා වීර චරිතයක් රඟපාන්න හදන්නේ. (බ) ම
ඔයා කොහොමද මෙහෙම කතා කරන්නේ? (නි)
මෙයාලා හොඳට බලමින් ඉන්නේ වැඩිය සෙනඟ ඉන්නේ කොයි පැත්තේද කියලා. මහින්දට සෙනග වැඩි නම් එයාලා ඒ පැත්තේ (නි)
පවතින්න ඕනෑ නම්, එන එන විදියට ගහු උළුවස්සා! මගේ පරම පැතුම එයයි. (නි)
මෙයා කෑ ගැහුවට මෙයා කාටත් කලින් එතන ඉදීද දන්නේ නෑ.(හේ)
මේ කතාව අහලා බයෙත් බෑ.(හේ)
පිනට ගන්න බැරිද අපිටත් ඇමති කමක්..(හේ).
ඔහේලා කරනකොට වරදක් නෑ..දැන් තමා නරක (හේ)
මෙයාලට හරි හමන් පක්ෂයක්වත්, ඡන්ද දායකයෝ වත් නැති පිරිසක්. එහාට මෙහාට හෝයි කියමින් පැන පැන ඉන්නේ. (හේ)
දැන් මෙයාලා මේ තනතුරු දරන්නේ ඡන්දෙන් දිනලා ඇවිල්ලද? (නි)
ලංකාවේ ඡන්දදායකයෝ වගේ අම්බරුවෝ රැලක් ලෝකේ කොහෙවත් වනාන්තරයකවත් නැත කියලය් කට්ටිය හිතන්නේ (බ)
මහා මැතිවරණයේදී ඔබව ප්‍රතික්ෂේප කළේ ,ගමට වගේම රටටත් කිසිම වැඩක් නැති නිසායි.පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගපු ඔබගේ කතා අහන්න කවුරුවත් කැමති නැහැ,අපිට නම් ඔබව එපාම වෙලා ඉන්නේ. (බ)
මහින්ද පරාද වෙන්න එස්බීගේ කට සහ කතා බලපෑවා. එදා එස්බී ගැන යහපාලන අය කියපු කතා මතකයිනේ (බ)
දැන් පුදුම හොඳ මිනිහෙක් වෙලානේ! දැන් ප්‍රිය වචන කතාකරනවා. හැබැයි ඡන්දය පරාදවුණ බව නම් අමතකවෙලා වගේ. සමහරවිට ඔය දේශපාලනය කරන අයට තිබෙන ගුණාංගනේ ඕවා. (නි)
මහින්ද මහත්තයාගේ විනාසෙට බැසිල් මුල් වුනා වගේ මෛත්‍රීගේ විනාසෙට මුල් වෙන්නේ මෙයා (බ)
ඉබ්බන්වල හන්දිය, තුන්මුල්ල හන්දිය වගේ තැන් තැන්වල නහර පුප්පාගෙන, යටි ගිරියෙන් වැදිබණ දෙසන්නේ ශ්‍රීලනිපයට ලැදි අය නොවන බව දැන් මුළු රටම දන්නවා. ඒ හින්දා ඒ ගැන බයක් ඇති කරගන්න එපා. වැරදිලාවත් එකෙක් හරි එවැනි වේදිකාවකට නගින්නේ එයාගේ දේශපාලන "ගමනක අවසානය" බව නොදැන වෙන්න පුළුවන් !! (බ)
ජනාධිපතිතුමනි,හොරකම් කළහම ලබන ආත්මේ, බලු,කපුටු වෙනවනම්,පක්ෂ මාරු කරන අය මොකුන් වෙලාද ලබන ආත්මේ ඉපදෙන්නේ මේ ගැන දැනුවත් කරනවද? (බ)
පස්ස දොරෙන් රිංගගෙන එක නැතිවෙනවට භයේ කියවනවා (හේ)
පරාද උන අයව ගෙනත් දිනපු අයට තර්ජනය කරනවා. (ර)
ඉතාම හොදයි.(හේ)
අනේ මේ කට්ටියගේ කෙරුවාව. පස්වෙනි පන්තිය වත් පාස් නැති කට්ටිය තමයි වැඩි ,මේට හොඳා ශිෂත්වය පාස්දරුවන්ට රට බාර දුන්නනම්. එක මල්ලේ පොල් පාට විතරයි වෙනස් (බ)
දිනන්න පැත්තට ඇවිත් වහසී බස් දොඩන පාතාලයෝ සමගින් ඉන්න කෙනෙක් ගැන මම අහල තියනවා (බ)
කට්ටිය බය වෙලා දැන්මම. (ර)
මාළුවා නහින්නේ කට නිසා. (ර)
බලය තියෙන පැත්තට මාරුවෙන කෙනෙක් මෙයා ඒ නිසා මහා ජනතාව ප්‍රතික්ෂෙප කලා. (ර)
අනේ මේ වගේ කෙනෙක්.. රටේ නීතියයි.. පක්ෂේ නීතියයි පටලවාගෙන.. තව මොනවා පටලැවිලද දන්නේ එයාම තමයි.. (ර)
මෙයාගේ ඔක්කොම අහිමි උනේ ඡන්දෙන් වගේ මතක. (ර)
අද හෙටම උදේ නැගිටලා බලනකොට ඔය මහින්දට බනින ගොඩ දෙනෙක් ඒ පැත්තට කරනම ගහන එක නවත්වන්න බෑ. ඔන්න මේකත් මම අද කියුවා කියලා මතක තියාගන්න. (ර)