(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරුන්ට අසනීපයක් ඇති බවත් තනතුරු නොමැතිව ජීවත්වීමට  නොහැකිවීම ඒ අසනීපය බවත්  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ආණ්ඩු බලයේ ඉදලම ඔවුනට තනතුරු නොමැතිව සිටිය නොහැකි බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂ නායකයාගේ සිට වැටී  ඔලුව ඉස්සූ පක්ෂයක් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා  ඉදිරි මැතිවරණවලදීවත් දූෂණයෙන් තොර අයට නාමයෝජනා දීමට දේශපාලන පක්ෂවලට වගකීමක් තිබෙන බවද   කීවේය.