හිටපු ජනාධිපති හා බැසිල් රාජපක්ෂ ඇතුළු පොදු විපක්ෂයේ කණ්ඩායමක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නට විශාල උත්සහයක් දරන බවත් එසේ කළහොත් එය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට කරන විශාල අපරාධයක් බවත් එයාලා අපි කවුරුත් අද මේ තැන් වල සිටින්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නිසා බවත් මධ්‍යම පළාත් ඇමැති එදිරිවීර වීරවර්ධන මහතා අද (7) මහ ඇමැති නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ඒ අය හැමදාම බලයට එන්න තමන්ගේ පටු අභිමතාර්ථයන් තමන් කරපු වැරදි වහගන්න. ජනතාව ප්‍රතික්ෂේප කළ පසු නොයෙක් නොයෙක් දේ ජනතාවට කියල නැවත බලය ලබා ගන්න දරන උත්සාහයෙන් පක්ෂය කඩා ඉහරවන්න දඟලනවා. පක්ෂයේ නියෝජිතයන්ට පක්ෂය දෙකඩ කරන්නන්ට ඉඩ නොදි පක්ෂය සමග එකට සිටින්නට ආරාධනා කරනවා‘ යැයිද ඔහු කීය.
තමන් ඇතුළු අහිංසක පාක්ෂිකයන් නොකා නොබී පක්ෂය හැදුවාම බැසිල්, ගෝඨාභය, නාමල්, යෝෂිත, රෝහිත ආදී රාජපක්ෂවරු වරප්‍රසාද ගත් බවත් ඒවා සාධාරණ නොවන බවත් එතැනට ආපසු යෑමට යළි නොහැකි බවත් එම මාධ්‍ය හමුවට එක්වූ පළාත් මන්ත්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමන්ත්‍රණයෙන් පක්ෂයෙන් එළියට ඇවිල්ලා කවදාවත් බලයට එන්න නොහැකිව හිටපු යූ එන පී එකට ආණ්ඩුවක් ලබාදුන් අයට ගම්වල ශ්‍රී ලංකාකාරයෝ ශාප කරනවා. මේ අයට ඒක තේරෙන්නේ නැද්ද. (නි)
ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් අපට වැඩක් නෑ. අපට ඔනේ රට පාවා නොදෙන සිංහල ජාතියට ආදරය කරන නායකයෙක් (බ)
මහත්තයෝ, සමහරු එයාලගෙ බඩ ගැන හිතලා ජනතාව දුන් තීන්දුව අමතක කරලා පක්ෂයත් විනාශ කළා (නි)
පක්ෂය රැකෙන්නේ ජනතාව නිසයි. ජනතාවට වඩාත්ම ආකර්ෂණය වෙන්නේ කවුද, ඔහු වටා ජන බලය ගොඩ නැගෙනවා. එ.ජා.ප. යෙන් කැඩී වෙන් වී ආ බණ්ඩාරනායක මහතා 1956 දී ජයග්‍රහණය කලේ එහෙමයි. ඔහුට නම් රිදී සීනුවක් තිබුනා. අද අපි බලන්නේ සද්දෙ දිහා නොව වැඩ දිහා. එ නිසා වැඩ හොඳ නම්, බෙලෙක්ක සද්දෙ වුනත් කමක් නැහැ, ජනතාව එකතු වෙයි. වැඩ නැතුව රිදී සීනු නාදකලත් වැඩක් නැහැ.(හේ)
ඉතින් ඇයි විනය ක්‍රියාමාර්ග වලට යන්න බය. මේ අය දන්නවා එයාලත් බලවත් කියලා.(හේ)
පක්ෂය කැඩුවේ කවුද? අපිද? (නි)
ඒක ඉතින් පක්ෂෙම අය වගබලා ගත යුතුයි.(හේ)
එදා නිවැරදි තීරණ ගත්තා නම් අද මේ ප්‍රශ්න නැහැ (නි)
විනය ක්‍රියාමාර්ග ගැනීමේදී පක්ෂ නායකයන්ගේ වැනෙන ක්‍රියා පිළිවෙත නිසා , සමහර පුද්ගලයන් නැවත නැවතත් විනය කැඩීමට නොපැකිලෙ , පක්ෂය ඉබාගාතේ යන්නේය , එජාපෙ ජේ ආර් , ප්‍රේමදාස , ශ්‍රී ල නි පෙ මහින්ද වැනි නායකයන්ට විරුධව අතීතයේදී පක්ෂ තුලම කුඩා කැරලි මතුවිය නමුත් ඔවුන් කෙලින් තීරණ අරන් ක්‍රියා කරපු නිසා කැරලි මර්දනය විය (බ)
වැඩිය කථා අවශ්‍ය නැහැ පසුගිය මහමැතිවරණයේදී කකුලෙන් ඇද්ද අය,ඒ වගේම ජන බලයක් නැති අය , අද ලොකු තැන්වල උන්නට වැඩක් නැහැ. අනුන්ගේ පහනින් එලිය බලල හරියන්නේ නැහැ. යථාර්තය තේරුම් නොගෙන කටයුතු කළොත් වෙන්නේ ඊගාව සැරේ ඔය අයට ගෙදරට වෙලා ඉන්න්නයි . අමතක කරන්න එපා ජනතාව රැස්වෙන්නේ කවුරුගාවද කියල බලල තීරණයක් ගන්න එක හොඳයි. (බ)
හෙටක් නැති අතක් (බ)
ජනතාව නැතුව මේ ටිකට පුලුවන්ද පක්ෂය ගෙනියන්න? එන්නකෝ පළාත් පාලන මැතිවරණයට. අපි පෙන්වන්නම් (නි)
පක්ෂය විනාශකළේ කවුද කියලා අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ (නි)
ඔබතුම කොහෙද හිටියේ මෙපමන කල්? මහින්ද පැරදුනේ එකවතාවයි. රනිල් කී වතාවක් පැරදුනාද? ඔබතුමාලා මහින්දට බය බව කියන්න. මහින්ද ඉතා නිර්භීතයි. නොපැකිළව අවශ්‍ය තීරණ ගන්නවා. ඔබතුමාලා මහින්දට කුහකකම ඉගැන්නුවා. ඒවායේ ප්‍රතිඵල ඔබලාටම ලැබේවි නිසි කල. (නි)
ජනතාව ප්‍රතික්ෂේප කරපු අය අද ඕනෑතරම් ඔය ලොකු පුටුවල ඉන්නේ (නි)
මහින්දව මෙල්ල කරගන්න මොනවාහරි කරන්න. නැත්නම් තව ඉස්සරහට දුම්මල ගහපු කපුවා වගේ ඇවිස්සිලා නටන්න ගනියි. මේ දේවල් විදේශයේ ඉන්න අයට බලන්න ලැජ්ජයි. (නි)
උපාලි, බණ්ඩාරනායක මහත්තයා වගේද මේ කට්ටිය? (නි)
චතුරිට දුම්මල වරම අතින් ගත්ත කපුවා බලන්න ඕනෑනම් අහවලා පාර්ලිමේන්තුවේ කතා කරන හැටි බලන්න. ඉන්න රටකට වෙලා ඉන්න ලැජ්ජා නම්. අපිව මරණෙන් බේරාගත්ත නායකයා වෙනුවෙන් ජීවිතේ දෙන්න වුණත් මිනිස්සු මේ රටේ ඉන්නවා. (නි)
සිංහල කකුළුවෝ නටන්නේ හැලියේ වතුර උතුරන තුරු පමණ යි.ඇමරිකන් ආක්‍රමණිකයාගේ අල්ලේ මෝඩ සිංහලයා ඇන කොටා ගනී .(ම)
කවුද පක්ෂය කැඩුවේ? දැන් තමුන්ලා ජනතාවට කොකා පෙන්නමින් වරප්ප්‍රසාද ලබනවා. ජනතාව ප්‍රතික්ෂේප කළ අය ඇතුළට අරගෙන තනතුරු දීගෙන මෙල්ල කරන්න හදන්නේ කාවද? ඉතින් පක්ෂය කඩන්නේ කවුද?? (නි)
මහත්තයෝ, පක්ෂය දෙකඩ වුණේ කොහොමද කියලා කියන්න. ලක්ෂ 58 ක් ජනතාව ඡන්දය දෙන්නේ කාටද? ඔබලා සත්‍ය වශයෙන් අනුගමනය කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති නොවේ. මේක කඩාගෙන ගිය දීගයක්. කරුණාකරලා අනෙක් අයට දොස් කියන්න එපා. පක්ෂය මතක්වෙයි ඡන්දයක් ළඟ එනකොට. (නි)
කඩන්න එහෙම එකක් දැන් තියෙනවද? (නි)
ඕක කියන්න ඕනෑ අපිට නෙමෙයිනේ! (නි)
රටත් දෙකට කඩන්න දෙන්න එපා. ශ්‍රීලනිපය කැඩුනත් කමක් නැහැ රට දෙකට නොකැඩී බේරාගන්න පුලුවන් නම්. (නි)