ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවර මට්ටමේ පිරිසක් වුවද වෙනත් පක්ෂයක් හැදුවහොත් එහි නියත ප්‍රතිඵලය වනු ඇත්තේ මීළඟ පළාත් පාලන ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය බව ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවැසීය.
ශ්‍රීලනිපයට දැන් අවශ්‍ය වී තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒකාබද්ධ කරගෙන යන ගමනක් බව කී හෙතෙම එජාපයේ ජයග්‍රහණයට කැමැති අය වෙත්නම් ඔවුන්ට අලුත් පක්ෂයක් ආරම්භ කළ හැකි බව කීවේය.
ඒකාබද්ධ විපක්ෂය තුළ දේශපාලන ජුදාස්ලා තවත් නැතැයි එහි ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා පැවැසුව ද දේශපාලනයෙහි වෙනස් වන ස්වභාවය අනුව ඇමැතිකම් වෙනුවෙන් ආණ්ඩුවට එකතු වන්නන් තවත් සිටීමට ද බැරිකමක් නැති බව ද වික්‍රමනායක මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් නිදහස් පක්ෂය එකතුවෙලා එන්නකෝ අපේ ඡන්දය ලැබෙයිද බලන්න. අපිට දැන් ඔය පක්ෂය විශ්වාස නැහැ. කොහොමත් එජාපය දිනනවා. ඒකට පාර කැපුවේ අපිද? එජාපය තව කාලෙකට පරාද කරන්න බැහැ. හේතුව නිදහස් පක්ෂයේ කට්ටිය ඡන්දය දාන්න යන්නේ නැහැ. මමත් නියම ශ්‍රී ලංකාකාරයෙක්. අන්තිම ඡන්දෙ දුන්නා ගිය අගෝස්තුවේ. (නි)
මේවා පරණ පාක්ෂිකයෙකුට කිව්වා නම් තමයි හොඳ නේද? (නි)
ඔබතුමාලා හොඳ යමක් කරන්න. එවිට සදාකල් ඉන්න පුළුවන්. (නි)
වෙච්චි දුෂණ භීෂන හොරකම් මැරකම් මතක නම් කවද දෙයිද ඡන්දය ශ්‍රී ලංකා එකට (බ)
අපිට දැන් ඔය පක්ෂය විශ්වාස නැහැ. (නි)
පසුගිය ජනාධිපති වරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුයේ නම් නියතවම ජය ගන්නට තිබුන. ඒ සුවිශේෂී අවස්ථාව එතුමා අතින් ගිලිහී යාම කනගාටුවට කරුණකි. දැන් ඉතින් දෙගොල්ල දෙපැත්තට ඇද ඇද ඉඳියි. රට කොයි අතට දෝලනය වෙයිද කියල කාටද කියන්න පුළුවන්. (බ)
අපි යූඇන්පී, එකට විරුද්ධව ඡන්දෙ දුන්නත්ඒක පාවල දෙනවා දැන් පේන්නේ නැද්ද බස්නාහිර පළාත් සභාව පෙරමුණට තිබුනත් අර යූඇන්පී එකට ගිහිල්ල කොළඹින් ඡන්දෙ ඉල්ලලා පරාද වුණු වර්ණසිංහට පළාත් සභාවේ ඇමැතිකමක් ලබාදුන්නේ, ඒ වගේම් උෟව පළාත් සභාවෙත් බාගයක් පවරලා දුන්න. ඒ නිසා අපි කොහොමත් මෛත්‍රී ඉන්න තාක් කල් ශ්‍රීලංකා එකට ඡන්දෙ දෙන්නේ නෑ.(බ)
චන්ද ගැන පෙන කියන්නේ මෝඩයෝ..ජනමතය හැසිරෙන විදිය අනුවයි ආණ්ඩුව තීරණය වෙන්නේ..පාවෙන චන්ද තමයි ආණ්ඩු වෙනස් කරන්නේ..ඒ නිසා කාටවත් කියන්න බෑ අරය මෙච්චර කාලයක් ඉන්නවා..අරයට බෑ කියල..දැක්කනේ උන දේ..කලින්..(කෞ)
කැඩුණු ශ්‍රීලංකා එක එකතු කරලා යුඇන්පී එකේ බලකනුත් ගත්තේ මහින්ද.ප්‍රබල ශ්‍රීලංකා එකක් තවමත් තියෙනවා. (කෞ)
පිට බද්දර ජය,77 ඉදල 94 වෙනකම් දුෂණය තිබ්බේ නැද්ද?ලංකාව දුෂණය අවේ 77 පස්සේ කියල මතක තිය ගන්න. (කෞ)
දැන් ශ්‍රීලනිපය තරමකට පිරිසිදු වී ඇති නිසා එයට ඡන්දය දී එහි ඉන්න උගත් අවංක මහත්මයෙකුට මනාපය ගැසුවාට කමක් නැත (නි)
විදුරට පිස්සු. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ. අලුත් පක්ෂයක් අවශ්‍යයි. (කෞ)
විදුර මැතිතුමනි, මම හැම මැතිවරණයකදිම ඔබතුමාට ඡන්දය දුන් කෙනෙක්. නමුත් වර්තමාන ජනපති පක්ෂ නායකත්වයේ සිටිනාතාක් මගේ ඡන්දය ඔබතුමා වෙනුවෙන්වත් ශ්‍රීලනිපයට දෙන්නෙ නැහැ. පුංචි ඡන්දෙදි විකල්පයක් බිහිවුණොත් ඒකට දෙනවා. නැත්නම් ඡන්දය භාවිතයෙන් වැළකී ඉන්නවා. (නි)
මොන තර්ක විතර්ක ඉදිරිපත් කලත් ආය ඡන්දයක් තිබ්බොත් ශ්‍රීලංකා පක්ෂය දිනනවා.(කෞ)
මෛත්‍රී පක්ෂේ ඉන්නකන් මහින්ද කිව්වත් ආයේ ශ්‍රීලංකා එකට චන්දෙ දෙන්නේ නෑ..දෙනවා පෙරටු ගාමින්ට ....(කෞ)
ලංකා දේශපාලනේ ඉස්සරත් දූෂණ තිබ්බා,ඒකට පස්සේ මේකට පස්සේ කියන්න බෑ. (ර)
විදුර මැතිඳු සමඟ අපි එකඟයි (නි)
සංජීව,මම ඔබ සමඟයි. මේකට අදහස් ලියන එජාප කට්ටිය ශ්‍රීලනිපය ගැන ගොඩක් දුක්වෙනවා. නායකතුමා ගැන වෙන්න ඇති. ශ්‍රීලනිප නායකයන් දැනගන්න ඕනෑ ඒකයි. එළබෙන ඡන්දයේදී ජවිපෙ නිකම්ම දෙවන තැන ගනීවී, නව පෙරමුණක් බිහිනූනොත්. (නි)
විදුර මම කවදත් ගරු කරන කෙනෙක් (නි)
1977 සිට 1994 දක්වා කාලය තුළ සිදු වූ දේවල් මතක කිසිවෙක් යූඑන්පියට හා ජේවීපියටත් කවදාවත්ම ඡන්දයක් දෙයිද? (නි)
කුමා, ඔයා පෙරටුගාමීද? හරිම සතුටුයි. එයාලට වගේම ඔයාටත් සුබ අනාගතයකට සුබ පැතුම්! (නි)
ශ්‍රී ලංකා එක කියන්නේ මොනවගේ පක්ෂයක්ද කියලා ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවිලයි තියෙන්නේ. (නි)
පක්ෂ පරාජ කරන්නේ පක්ෂ නායකත්ව විසින්මයි. (ර)
ඡන්දෙ තියන්නකෝ ශ්‍රීලනිප එකට වෙන දේ බලාගන්න. ඒකට ඡන්දෙ දුන්නේ අපි. එජාප කට්ටිය නෙමෙයි (නි)
කෝ දැන් කට්ටියට පුළුවන් වුණාද බඩුමිල අඩු කරන්න? තිබුණට වඩා වැඩියි දැන්. අපි හැමදාම රැවටෙනවා. (නි)
ශ්‍රී ලංකා එකෙන් කැඩිලා, වෙනම ටීම් එකක් ඉල්ලුවොත් ආයේ දෙකක් නැහැ, යූඑන්පී එක උඩින්ම දිනනවා. (නි)
ගොඩක් අයට බලය තිබුන කාලේ මොළය තිබුනේ නැහැනේ (නි)