නව ඡන්ද ක්‍රමය ඇතුළත් කෙටුම්පතක් එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (19) සාකච්ඡාවට ගැනීමට නියමිතය.
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිව්දෙනකු විසින් සම්පාදනය කළ එම කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ලෙස සැලකේ. දැනට පවත්නා සමානුපාත හා ඡන්ද ක්‍රමයේ සම්මිශ්‍රණයක් ලෙස මෙම කෙටුම්පත සකසා ඇත. ඡන්දයෙන් මන්ත්‍රීන් 231 දෙනකුද ජාතික ලැයිස්තුවෙන් 29 දෙනකුද වශයෙන් මන්ත්‍රීන් 260 දෙනකු ඔවුන්ගේ කෙටුම්පතට අඩංගුය.
මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කොමිසමක් තුන් මාසයකින් පත් කරන ලෙසද එම කෙටුම්පත යෝජනා කරයි. ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදෙන පස් දෙනකු ඇතුළත් එම කමිටුව ජනපති විසින් පත් කළ යුතු බවද එහි සඳහන් වේ.
ජනාධිපතිගේ අත්තනෝමතික බලතල ඉවත් කිරීමේ 19 වැනි සංශෝධනයට සහාය දීමට නම් නව ඡන්ද ක්‍රමයද සංශෝධනය කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රථමයෙන්ම ඇසිය යුත්තේ ගරු බණ්ඩාරනායක මහතාගේ, ගරු බණ්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එහි ප්‍රතිපත්ති අද තිබේද යන්නයි.කෙසේ හෝ කමක් නැහැ මහජනතාව මත ඔවුන්ගේ බර පටවන, ජනතාව මුලා කර ඡන්දය ලබා සුරසැප විදින මන්ත්‍රී වරුන්ගේ ගාන වැඩි කරගැනීම තමයි එකම අරමුණ. ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ගේ ඇස කවදා ඇරෙවිද?මොළ කවදා පෑදේවිද? ඡන්දයට පෙර වේදිකා දෙවනත් කරමින් කියන්නේ එකක්,දිනුව පසු අායේ ඉපදුනු අය වගේ කරන්නේ එකක්. (බ)