IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ශ්‍රීලනිපය 20 වැනි සංශෝධනය කෙටුම්පත් කරයි

නව ඡන්ද ක්‍රමය ඇතුළත් කෙටුම්පතක් එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (19) සාකච්ඡාවට ගැනීමට නියමිතය.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිව්දෙනකු විසින් සම්පාදනය කළ එම කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ලෙස සැලකේ. දැනට පවත්නා සමානුපාත හා ඡන්ද ක්‍රමයේ සම්මිශ්‍රණයක් ලෙස මෙම කෙටුම්පත සකසා ඇත. ඡන්දයෙන් මන්ත්‍රීන් 231 දෙනකුද ජාතික ලැයිස්තුවෙන් 29 දෙනකුද වශයෙන් මන්ත්‍රීන් 260 දෙනකු ඔවුන්ගේ කෙටුම්පතට අඩංගුය.

මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කොමිසමක් තුන් මාසයකින් පත් කරන ලෙසද එම කෙටුම්පත යෝජනා කරයි. ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදෙන පස් දෙනකු ඇතුළත් එම කමිටුව ජනපති විසින් පත් කළ යුතු බවද එහි සඳහන් වේ.

ජනාධිපතිගේ අත්තනෝමතික බලතල ඉවත් කිරීමේ 19 වැනි සංශෝධනයට සහාය දීමට නම් නව ඡන්ද ක්‍රමයද සංශෝධනය කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියයි.

 

 



අදහස් (0)

ශ්‍රීලනිපය 20 වැනි සංශෝධනය කෙටුම්පත් කරයි

නිමල් ලලිත Sunday, 19 April 2015 06:36 AM

ප්‍රථමයෙන්ම ඇසිය යුත්තේ ගරු බණ්ඩාරනායක මහතාගේ, ගරු බණ්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එහි ප්‍රතිපත්ති අද තිබේද යන්නයි.කෙසේ හෝ කමක් නැහැ මහජනතාව මත ඔවුන්ගේ බර පටවන, ජනතාව මුලා කර ඡන්දය ලබා සුරසැප විදින මන්ත්‍රී වරුන්ගේ ගාන වැඩි කරගැනීම තමයි එකම අරමුණ. ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ගේ ඇස කවදා ඇරෙවිද?මොළ කවදා පෑදේවිද? ඡන්දයට පෙර වේදිකා දෙවනත් කරමින් කියන්නේ එකක්,දිනුව පසු අායේ ඉපදුනු අය වගේ කරන්නේ එකක්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site