ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති පරාජයට පත්වී හිටපු ලේකම්වරයා ජනපති විම පක්ෂය ලද ජයග‍්‍රහණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ශාන්ත බණ්ඩාර පවසයි.

අලූත් පක්ෂයක් හදන්න උත්සහ කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ති‍්‍රවරුන් ගණනාවක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරිමට උත්සහ කරන බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බල මණ්ඩල රැස්විමේදී ඔහු මේ බව කීය.හැටන් නගර මධ්‍යයේදි  ලංකා නිදහස් පක්ෂයට සාමාජිකයන් බදවා ගැනිමේ ප‍්‍රවර්ධන වැඩසටහනක්ද පැවැත්විණි. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ද සහභාගී විය.

01-(2) 01-(8) 01-(9) 01-(10) 01-(11) 01-(13)