(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 68 වන සංවත්සර සැමරුම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද ආරාධනා පත්‍රයක් යොමු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 3 වැනිදා පස්වරු 2.00ට පැවැත්වීමට නියමිත පක්ෂ සංවත්සරය සඳහා සන්ධානය සමඟ කටයුතු කරන සියලූ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් වෙත ද ආරාධනා පත්‍ර යොමු කරන බව මහලේකම්වරයා සඳහන් කළේය.
එසේ නොමැතිව කිසිම පුද්ගලයකුගේ නමට ආරාධනා යොමු කරන්නේ නැතැයි කී අමරවීර මහතා එම පක්ෂ විසින් නම් කරන නියෝජිතයින් සංවත්සර සැමරුම සඳහා සහභාගී වනු ඇතැයි ද කියා සිටියේය.
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (28) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
පක්ෂ සංවත්සරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ ශ්‍රීලනිපයේ සිට වර්තමානයේදී පොදුජන පෙරමුණට හා එක්ව සිටින මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබෙනවාද? යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියා ප්‍රශ්න කළේය.
පක්ෂයේ අයට මෙයට සහභාගී වීමට ආරාධනා අවශ්‍ය නැති බවත්, පක්ෂය වෙනුවෙන් ඔවුන්ට සහභාගී විය හැකි බවත් අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ඉන්න ඒ ගොල්ලෝ එනකම්... ඔයලාටත් ලැජ්ජා නැහැ... පොහොට්ටුවටත් ලැජ්ජා නැහැ.
නිකන් හරියට ගෙදර බඩු හොරකම් කරන් ගියා... හොරුන්ට උපන්දිනේට ආරාධනා කරා වගේ.. ගමයෙකුයි කොන්දොස්තරවරයෙකුයි පක්ෂයක් කරන හැටි...
"අයියෝ සිරිසේන"
හැමෝම එක්ක සහෝදරත්වයෙන් එක්කාසු වෙලා ලංකාව ගොඩ නගන්න උත්සාහ කරන්න. ඇති හොඳටම පක්ෂ, පාට එක්ක ජීවත්වුණා. යූ.එන්.පී එකටත් ආරාධනා කරන්න. උගත්, බුද්ධිමත්, තරුණ පෙළක් එක්ක රට ඉස්සරහට අරන් යන්න. අපි හම්බ කරලා සල්ලි ලංකාවට එවන්නම්. අපිට නිවාඩුවට ඇවිත් නිදහසේ ඉන්න ලස්සන ලංකාවක් ගොඩ නගන්න. එ්ක තමයි අපිට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ. වෙන මොකුත් එපා දෙවියනේ...!
පොහොට්ටුවේ නායකයා, පෙර සභාපතිකම දරුවා කෙරුව වැඩේ වැරදි කියන්නත්, හොඳ නරක තේරුම් ගත හැකි පුද්ගලයෙක්... දැන් කියන්න තියෙන්නේ පක්ෂය කඩාගෙන හොරෙන් ගිය අය අතින් අල්ලා නවත්තන්නට බැහැ... මේ වගේ අය ගමෙත් නැහැ... ලොවෙත් නැහැ.
මිනිස්සුන්ට ලැජ්ජාව වහගන්නලු ඇඳුම් අඳින්නේ.. මෙයාලා මෙහෙම කරන්නේ ඇඳුම් ඇඳගෙනද කියා හිතෙනවා.
රාජපක්ෂලාට හරි ඇමති කට්ටක් සූප්පු කරන්න හිතිලා
අනේ මන්දා මෙයාලා රාජපක්ෂලාට වළං හෝදලා හරි ඇමති කට්ටක් සූප්පු කරන්න හිතිලා...
පීචන් වෙන එකත් සීමාවක් තියෙනවා දෙයියනේ... ශ්‍රී ලංකාවට ගියපු කලක්..
මහින්දව විපක්ෂනායක ලෙස පිළිගන්නේ කොහොමද? ඔහු දැන් පොහොට්ටු පක්ෂයේ නායකයා .පක්ෂ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගතහොත් ඔහු සිටින පක්ෂයේ සාමාජිකත්වය හා තිබුණු බලතල නිකම්ම අහෝසි වී යනවා. මහින්ද නීතිවේදියෙක්ලු නේද? එහෙම නම් මේවා වෙනකොට නවතා ගන්නවා.. මෙහෙම වෙලා තිබෙනකොට නීතිය ඔහු විසින් ඉගෙනගෙන සමත් වුණාද? නැතිනම් කුමාරයා වගේ දොරවල් වහගෙන නීති විභාගය ලියාගෙන සමත් වුණාද කියන ප්රශ්නය මට නම් එනවා ..
ඇත්තටම පිස්සුද? උපන් ලෙඩක්ද මන්දා. පොහොට්ටුවේ සමුළුවට ගියා කියලා විනය ක්‍රියාමාර්ග ගන්න හදන අය පොහොට්ටුවට ආරාධනා කරන්නට හදනවා ශ්‍රී ලංකා සමුළුවට එන්න කියලා...