තම පාක්ෂිකයනට හා සංවිධායකයනට අපමණ හිරිහැර කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගීවීම ගැන සිතා බැලිය යුතු බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කියයි.
සමුළුවට සහභාගි වන්නැයි ඇමැති ජෝන් සෙනෙවිරත්න පසුගියදා රාජපක්ෂ මහතාගේ නිවසටම ගොස් ඔහුට ආරාධනා පත්‍රය බාර දුන්නේය. එය ඉතා සතුටින් බාරගත් බවත් සමුළුවට සහභාගීවීමට බලාපොරොත්තුවන බවත් රාජපක්ෂ මහතා පැවසී යැයි සෙනෙවිරත්න මහතා එදිනම මාධ්‍ය හමුවේ කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් සංවිධායක පදවිවලින් ඉවත් කිරීමෙන් පසුව රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වෙනස්වී ඇතැයි පෙනෙතියි දේශපාලන ආරංචි කියයි. ඔහු සංවත්සරය යෙදෙන ලබන 4 වැනිදාට පෙර ඉතාලියට යෑමට නියමිත බව තානාපති ආරංචි කියයි. මහාචාර්ය ජී.ඇල්.පීරිස් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් කිහිප දෙනකුද සමග ඔහු සමුළුව පැවැත්වෙන සැප්තැම්බර් 4 වැනිදා ඉතාලියේ සිංහල ඩයස්පෝරාව හමුවෙතියි දැනගන්නට ඇත.
මහින්ද රාජපක්ෂ මහතාට ආසන පනවා ඇති ආකාරය ගැන ද ඔහුගේ ප්‍රසාදයක් නැතැයි දැනගන්නට ඇත. පක්ෂයේ අනුශාසකවරුන් දෙදෙනා වන චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ දෙපැත්තෙන් ආසන පනවා ඇතැයි ද එය එම දෙදෙනාට දැක්විය හැකි ඉහළම ගෞරවය බවද ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක කියා ඇත.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු වන විමල් වීරවංශ මහතා මාධ්‍යවේදියකු ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ අලුත් පක්ෂය පිහිටුවන දිනය පසුව දැනුම්දෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට අප ගරු කරන්නේ තිස් වසරක යුද්ධය නිමා කර දි රට එක්සේසත් කල නිසයි එහෙත් ඔබ තුමන් දැන් දෙපාරක් පරාජය වුනු නායකයෙක් අලුත් පක්ෂයක් හැදුවොත් ඡන්ද සංඛ්‍යාව අඩු වෙන එක මිසක් ඡන්ද සංඛ්‍යාව වැඩි වෙන්නේ නැහැ ඒ නිසා ආයේත් පරාජය වෙන්නේ එකමයි වෙන්නේ ඒ ඔබ තුමාට දැනට ගරුත්වයත් අඩුවෙන එකයි වෙන්නේ(රේ)
ඉතාලි බැරිනම් ඕනෑ තැනක ගියාවේ. ශ්‍රීලනිප සමුළුවට ඇවිල්ලා ඒකම විනාශ කිරීමට වළිකන අය එතැනදී මොනවා කරන්නද? මොනවා කියන්නද? (නි)
රටට සුදුසු නායකයා මහින්ද මහත්තයා බව ලංකාවේ මිනිසුන්ට තේරුම් ගන්න බැරිනම් එතුමා මොනවා කරන්නද? එතුමන්ගෙන් පළිගන්නා අයට ස්වභාව ධර්මයෙන් නිසි වෙලාවට දඬුවම් ලැබේවි. එතුමන්ට ජයෙන් ජය. (නි)
නීති දාන්න ඕන නැහැ. අරාධනා කිරීම යුතුකමක්. එන නොඑන එක ඒ අයගේ වැඩක් නේ. ආවේ නැති එකට දඩුවම් කරන්න බැහැනේ. නොඑන අයට දඩුවම් කරන එක ප්‍රජාතන්ත්‍රරවාදයට එකග නැහැ.(රේ)
ඇයි සමහර මිනිස්සුන්ට තවම තේරෙන්නේ නැත්තේ මේ අහු වෙන්නේ සංවිධානාත්මක හොර කල්ලියක සාමාජිකයෝ කියන එක. මහින්ද මහත්තයට ගරු කරන්න ඕන කරපු අති උතුම් වැඩ වලට. (බ)
අනේ ! විමල් , ඔබතුමාලා ඉන්න පක්ෂයක් කොහොමද අලුත් එකක් වෙන්නේ? (බ)
අපේ නඩුවලට වියදම් කරන්න මුදල් ටිකක් උවමනා නිසා සුවිස් බැංකුව පැත්තේ ගිහින් එන්නම් sorry මේ ගැන කාටවත් කියන්න එපා (අ)
මහින්දව සයිඩ් එකෙන් ඉන්දන්නේ නැතිව. මුලසුන. දෙනවා කිව්වනම් වැටි ,වැටි, එන්නේ. කවුරු අස්කෙරුවත් එයාට කමක්. නැහැ කටු කන අය කොහොමද. ඉදිරිය ගැන කියන්නේ අතරමන් වෙලා ඉන්නේ සේරමලා දැන් ඉතින් ජිවිත කාලයම අලුත් පක්ෂය හදන්න දණහිස බිම අනෙනකම් ඇවිදින්න වෙයි. කට්ටියට. ඔහොම. ගිහින් කට්ටිය. යාපනේ ඉල්ලයිද දන්නේ. නැහැ (අ)
ඔබයි අපේ එකම වීරයා මැතිඳුනි! (නි)
ඔබතුමාට සුබ අනාගතයක්! (නි)
අලුත් පක්ෂයක් අනිවාර්යයෙන් ඕනෑ (නි)
පනින රිළවුන්ට ඉනිමං බැන්දා වගේ කියලා තමා කියන්න තියෙන්නේ (නි)
ගැලවෙන්න නැත මගක් පෙනෙන තෙක්මනෙයේ රට පක්ෂ මට කුමට ගොඩඑන්න මං නොමැති,පරපුරම ගොඩගන්න ලිං කටෙන්මය ලේසි එයයි මා පතන හෙට(රේ)
මම කලින්ම කිව්වනේ මහින්දගේ මීළඟ සංචාරය යන්නේ ඉතාලි වලට කියලා. (නි)
රට බේරාගත් නායකයනේ කියලා අනුකම්පා කළ කාලය දැන් ඉවරයි (නි)
දැන්නම් මොනවා වුණත්, කොහේ ගියත් අපි ඕවා ගැන හිතන්නේ නැහැ (නි)
කරන්න තිබුනේ අාසන වල වාඩිවෙන්නේ නැතුව පිරිස අතරට එන්න සළස්වන එකයි (නි)
මහින්ද මහත්තයා විශ්‍රාම යන්න කලින් තව ලනුවක් දෙන්න වගෙයි නේද විමල්? (බ)
ඔබගේ හොඳ කාලය ඉවර බව තේරුම් අරහෙන පැත්තකට වෙලා ඉන්න, නැත්නම් තවත් පිරිහෙනවා, පවුලෙ අය කල දේවල් තවත් එලියට එනකොට. (අ)
මහින්ද රාජපක්ෂ මහතාත් දැන් හරියට අර සරත් එන් සිල්වා වගේ. එක එක වෙලාවට වෙනස්වෙනවා. එක අවස්ථාවේදී කිව්වා පක්ෂයේ නායකත්වය එතුමාම පරිත්‍යාග කළයි කියල. ඊට පස්ස කිව්වේ විධායක බලය පාවිච්චි කරමින් බලහත්කාරයෙන් ගත්තයි කියල. පාර්ලිමේන්තුවේත් එහමයි. අවශ්‍ය මොහොතේ නැත. රවීගේ විශ්වාශ බංග යෝජනවෙදීත්, අය වැය ඡන්ද විමසීමෙදීත් සභාවේ නැහැ. ඒ වගේම තමයි මෙතනත්. (බ)
‘මම ලංකාවේ හිටියොත් අනිවාර්යයෙන් සහභාගී වෙනවා‘ කියන කොටම මේ දේ වෙනබව මම දැනගත්තා (බ)
ඉතාලි ගියාට එහෙ ඉන්න අය ඡන්දය දෙන්න ලංකාවට ඒවි කියලා නම් හිතන්න එපා. (නි)
ඉතාලියේ මිලානෝ ඉන්නෙපාස්පෝර්ට් හොරාගේ මස්සිනාගේ ගෙදර ඉඳි. (අ)
දුෂිතයන්ට විරුද්දව නීතිමය පියවර ගැනීම කොහොමද පාක්ෂිකයනට හිරිහැර වෙන්නේ. මහජන මුදල් කොල්ල කපු අයටයි නීතිමය පියවර ගන්නේ. (අ)
නුගේගොඩ ටිකිරි බණ්ඩා හා කුවේට් බණ්ඩාර කියා තිබෙන දේවල් හරි කියලා මටත් හිතෙනවා. බලමුකෝ ආපසු එනවිට පරිත්‍යාග ලෙස යුරෝ හරි ලීරා හරි පොදියක් උස්සාගෙන විත් දේශප්‍රේමීන්ගේ පරිත්‍යාගයක්, මෙන්න තවත් ජයග්‍රහණයක් යනුවෙන් කියයිද කියලා. එහෙම වුණොත් ඒවා ඇත්තටම කාගේ සල්ලිද කියා සිතාබැලීම හොඳයි නේද? (නි)
කලට වෙලාවට ලෝකයේ තැන්පත් කරලා තිබෙන දනස්කන්දයේ පොලිය අරගෙන එන්නයි ඔය ඉතාලි යන්නේ . (අ)
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයකු වන විමල් වීරවංශ ගෙන් අලුතින් ඔහුට ගෙන්වපු රුපියල් කෝටි 4.5 අධි සුකොපබෝගී කාර් එක ගැන මාධ්‍යවේදියෝ ප්‍රශ්න කලේ නැද්ද?රටේ බත් කන මිනිස්සු තවම ඉන්නවනේ අම්මපා. (අ)
අපෝ හොදයි එයා යන එක (අ)
පරාජය පිළි අරගෙන තමන්ගේ ගෞරවය තියාගෙන ගියා වගේ පක්ෂයේ උපදේශක ලෙසට කටයුතු කරනවානම් තවත් ඔබතුමාගේ ගෞරවය වැඩි වෙනවා මිසක් අඩුවන්නේ නැහැ. යුද්ධය දිනවපු නිසා ඔබතුමා කවදත් දිනුම්. ඔබතුමාට නැවත ජනපති වෙන්න බැරි නිසා පක්ෂයේ අනුශාසක ලෙසට සිටියාම ඔය ඔක්කොම ඒකට යටයි. හැබැයි ඔබතුමාගේ අතේ එල්ලිලා ඉන්න පොඩි පක්ෂවලට යන එන මන් නැතිවේවි. ඇඟ තෙමා ගන්නේ නැතිව පීනන්න බැහැ. (බ)
අනේ හෆීල්, හොර බොරු වංචාව විතරයි. වෙන අයට චෝදනා කරනවා. හැබැයි එකම ලේ ලු. ඒත් වෙනම දිස්ත්‍රික්ක පාලන ප්‍රදේශ, වෙනම බැංකු, උසාවි, වෙනම ඇඳුම්.. අනේ හැබෑට නියම සහජීවනේ.. (නි)
පක්ෂයට ආදරය කරන අයත් ඉන්නවා තවම.(හේ)
චතුරි, ඔබට මතකද ආප්ප කා සිදුවුණ සිද්ධිය? තව අවුරුදු 2ක් ඇතුළත එවැනිම පෙරළියක් ඇති වනු ඇත (නි)
මොකා මොනවා කිව්වත් එතුමා නිසා තමයි රට එකසේසත් වෙලා තියෙන්නේ. (අ)
ඔය ආසන පැනවීම් ගැන කතා කරන්නේ ඊළඟට තියන ආසනත් ඉවත් කරන්න බලාගෙනනේ. සමහර අයගේ අතේ මල්වට්ටිය තිබුනට බොක්කේ දඩ මස් තියන බව දන්නෝ දනිති. අවංක සිතින් කරන දෙයක් කරන්න, කියන දෙයක් කියන්න ඒගොල්ලෝ දැනගත යුතුයි (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
කොරියාව වැනි රටක ඉතාමත් දුකසේ හම්බ කරන මුදලින් ඩොලරයක් හෝ වියදම් කරන්නට දස වතාවක් කල්පනා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මහින්ද රාජපක්ෂට රුපියල් මිලියන 400 ක් පරිත්‍යාග කළා යැයි කීම අමූලික පට්ටම කෙප්පයකි. (අ)
සියලුම දෙනා අනුකම්පා සහගත සිතින් මහජනතාවගේ හිත සුව පිණිස සහ මහජනතාවගේ සැපත පිණිස චාරිකාවේ යෙදෙනු“නැතිනම් ජන්දය කොල්ලකා බලය ලබා ගැනීමට නොව. (හේ)
මොනවා කෙරුවත් වැඩක් නෑ (හේ)
ඉතාලි ගිහින් හරියනවද?(හේ)