ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර රුස්වීමක දී අද (26) උණුසුම් තත්වයක් ඇති විය.
ශ්‍රී.ල.නි.ප. මාතර ආසන සංවිධායක දකුණ පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත්‍ර මහතා සංවිධානය කළ මෙම රුස්වීමේ ප්‍රධාන ආරාධිතයා වූයේ නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතාය.
රුස්වීම අතරතුර දකුණු පළාත් ගුරු සමතුන්ගේ එකමුතුවේ පිරිසක් රුස්වීම් ශාලාවේ ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය. එම අවස්ථාවේ දෙපිරිසම ‘හූ’ කියාගනිමින් උණුසුම් වචන හුවමාරුවක් කරගත්තේය.
පොලිසිය තත්වය සමතයකට පත්කිරීමට උත්සහ කරන ලදී.
ප්‍රධාන දොරටුව උද්ඝෝෂකයන් අවහිර කර ඇති නිසා පළාත් අමාත්‍යවරයා වෙනත් දොරටුවකින් පිටව ගියේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාසපුත්‍ර මහත්මයාගේ අධ්‍යාපන සංවර්ධනයට තියෙන උනන්දුව හොදයි. එ්ත් මේක ලංකාව බවත් ඇමරිකාවේ තරම් තාක්ෂණ නොදියුණු බවත් මතක තියා ගන්න ඕන. මෙයා නිසා බොහෝ නිලධාරීන් මානසික පීඩාවට ලක්වෙලා. කරන්න බැරි වැඩ කළ යුතුයි කියල බල කරනවා. බැන වදිනවා. (බ)
මේ සිදුවීම පිටුපස මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සිටිනවා. මෛත්‍රී ජනපති තුමනි මේවාට විරුද්ධව පියවරක් නොගත්තොත් ඔබේ ඔළුවට අත සෝදන කාලව වැඩි ඈතක නොවේ (බ)
මහජන කැමැත්තක් නැති අය දුටුවම ඔව්න්ගේ ප්‍රතිචාරය ලැබෙන එක වලක්වන්න බැහැ (රේ)
හූ කියා ගැනීම සාමාන්‍යයෙන් මොලය දියුණු මිනිසුන් නොව කැළේ වසනා එක්තරා සත්ව විශේෂයක් කරනා දෙයකි , මෙයින් පෙනෙන්නේ අද සමහර දේශපාලකයන් සහ සමහර ජනතාවෙන් කොටසක් එම සත්ව විශේෂය වාගේ වෙලා කියා (බ)
කොහොමද වෙනස නියම වෙනස දැන් තමා දැනෙන්නේ අපි ඔහොම යමු නේද? (බ)
සමන් නියමෙට කියන්න තියන එක කියල තියනවා!(රේ)
සමන් ඇත්ත කතාව ඒක තමා ඔබ හරියට හරි (බ)
අයියෝ සිරිසේන මහින්ද පරාද කළ අපට කිව හැක්කේ එපමණකි (බ)
ජන බලය බලෙන් ගන්න බැහැ එහෙම උනාම වෙන්නේ ඔය ටික තමා. (ර)
අනේ වටිනා දේශපාලන පක්ෂයකට වෙච්ච දේ...? (නි)
විකාර දොඩවන්න එපා අන්වර්. මිනිස්සු සූදානම් පාර්ලිමේන්තුවම ගෙදර යවන්න වුණත්. ජනතා කෝපය මර්දනය කරන්න සූදානම් වුණොත් රටම ලේ විලක් වෙයි. මිනිසුන්ට මේ දේශපාලන ක්‍රමය තිත්ත වෙලා තියෙන්නේ. (නි)
ඉදිරියේදී හුවෙන් නතර උනොත් හොදයි කෝකටත් නරකද ඔය රැස්වීම් නතර කලොත්. (ර)
අපි නම් කලින්ම දැනගෙන හිටියා ඔය ටික වෙන බව. දැන් ඉතින් මොනවා කරන්නද? ඡන්දෙ දීපු අයටම විඳවන්න වෙලා. (නි)
මේවා පිටිපස්සේ ඉන්නේ බලය ලබාගැනීමේ අරමුණින් ජනතාව උසි ගන්වන පිලක් බව හොඳටම පැහැදිලියි , ජනපති තුමනි වහාම පිළියම් යෙදුවේ නැත්නම් මනුස්සයෙකුට ගමනක් බිමනක් යන්නවත් බැරිවෙයි. (ර)
මහින්දට බැන බැන ඉඳලා රටත් කාලා තමයි මේ යහපාලනය අවසන්වෙන්නේ (නි)
නරින්ට හූ කියනවා ඇරෙන්න බුරන්න බැහැනේ (බ)
දහම් මහතා කියන්නා වගේ හු පුජාව පැවැත්වීම සඳහා නරි බැතිමතුන් රංචුවක්ද ඒකාබද්ධව හැමවිටම සුදානමින් ඇත.(බ)
මිනිසුන්ගේ කටවල් තාවකාලිකව වැහුවට එළියට ආ වෙලාවට ඕක තමයි වෙන්නේ. (නි)
පරිනත වී වගකීම් ගන්නවද.? බලය ලබාගෙන වගකීම් පරිනත බව ගන්නවද යන දෙකින් වඩා හොඳ කෝකද කියලා දැන්වත් හිතන්න. (ර)
ජනපතිතුමනි, අවිචාරවත් දේශපාලකයින් පක්ෂයෙන් නෙරපන්න. (නි)
පක්ෂයේ විනය ආරක්ෂා කරගන්න වගකිවයුත්තන්ට බැරිද? (නි)
නුසුදුස්සන් පත්කරගත් ජනතාවනි, ඔබ ඔබලාටම හූ කියාගන්න. එ්ත් මදිනම් ඔබ පත්කර ගත් ඔබගේ නියෝජිතයන්ගෙන් නොමිලයේ තණකොළ මිටියක් සහ පුන්නක්කු කිලෝවක් සතිපතා නොමිලයේ ලබාගන්න (නි)
මේකට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ නායකයෝ (බ)
මේක පිටුපස ඉන්නේ කවුද කියලා සොයා බැලුවා නම් හොඳයි නේද? මට නම් හිතාගන්න පුළුවන්. මට පුදුම යුරෝපේ රටවල, යූඑස්ඒ නම් පවතින ආණ්ඩුවට සහයෝගය දෙනවා. අපේ රටේ පවතින ආණ්ඩුව කඩාකප්පල් කරන්න බලනවා (නි)
හූ කීම, පොල් ගැසීම, මිරිස් ඇඹරීම, කකුලෙන් ඇදීම නව මුහුණුවරකින් දේශපාලන සංස්කෘතියට එක්කළ ඒකාබද්ධ විපක්ෂයට එහි ගෞරවය හිමිවෙනවා ඇත. (නි)
අපේ අයට මොනවා වුණත් මහින්ද. දැන් වෙන අතක් බලමු (නි)
වැරැද්ද කළේ කවුද කියලා මුළු රටම දන්නවා. එයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ. (නි)
අයියෝ! මේ මොකද්ද වෙන්නේ? (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීමට ජනාධිපතිතුමන් ඉඩදෙන්නේ නැහැ. කෙසේවෙතත් ඊළඟ මැතිවරණය වනවිට දැනට හූ කියන පිරිසෙන් කීදෙනෙක් නොවෙනස්ව සිටීද කියන්නත් අමාරුයි. (නි)
දැන් අහවලාගේ කට්ටිය යන යන තැන ශ්‍රී ලංකා පාක්ෂිකයින් “හූ පූජාව“ තමයි දෙන්නේ. (නි)
හූ කියන එක තමයි අපේ මිනිසුන්ට කරන්න පුලුවන් ලොකුම වීර ක්‍රියාව (නි)
සහෝදරවරුනි ශ්‍රී.ලං.නි.ප. දෙකඩ කරලා නැහැ. හැබැයි සමහරු යන්න ගියා. ඒ වෙලාවෙ තමා සුළු පිරිසක් හරි වෙනස් වුණේ (නි)
මේ ආණ්ඩුව පත් කළ ජනතවාවට කිසිම හානියක් වෙලා නැහැ. නිදහසේ බයක් නැතිව ගෙදර නිදා ගන්න පුළුවන්නේ සුදු වෑන් එන්නෙත් නෑනේ (බ)
ශ්‍රී ලංකා නිදහස්පක්ෂය දැන් මෝඩයන්ගේ .ගෝත්‍රිකයන්ගේ පක්ෂයක්\nවෙලාඉවරයි.දැන් රටට අලුත් .නවීන දියුණු ජව සම්පන්න තරුණ\n පක්ෂයක් ඕන.(රේ)
දොරටුපාලයෙක් රජ උනහම රට සවුත්තු වෙලා යනවා.(රේ)
පුටු මාරුවුණාට මෙයාලගේ ආකල්ප වෙනස්වෙලා නැහැ. බොරු සෝබන විතරයි. හු කියලා මදි දේශපාලුවන්ට නම්. (නි)
යන හැම තැනම හු මහා ජන මතයක් නැති නිසා (බ)
මිනිස්සුන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන්නේ බලන් ඉන්දදී! අද ලංකාවේ අවුලක් නැති තැනක් කොහෙද තියෙන්නේ? පාලකයෝ නිදි ද? කරුණාකර මෙහෙම රට අයාලේ යන්න දෙන්න එපා. (බ)