(මනෝජ් හර්ෂික)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් පිරිස් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්න සාකච්ඡා පවත්වලා තිබෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.
‘‘අපට පෙන්වා දෙන්න පුළුවන් ඉදිරියේදී ඔවුන් අප සමඟ එකතුවෙන්නේ සුබවාදී ගමනක් සඳහා බවත්, අපි කරන්නේ සදාචාරාත්මක දේශපාලනයක්...‘‘ යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලකට ගෙනයාම සහ තවත් ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමකට එක් වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හවසට කියයි රතු හැට්ටකාරයෝ ටිකකුත් එකතුවෙන්න ඉන්නවා කියලා. රෑට කියයි අලි කොටි වලස්සු හිවල්ලු ඔක්කොම එකතු වෙනවා කියලා.. අඩු වෙලා තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්, මෝඩි උන්නැහේලා දෙන්නා විතරයි. අපිට නම් තොපි ඔක්කොම එකතුවුනත් වැඩක් නැත.
ඒ අය යන එක හොඳයි. අපිට අපේ ගමන නිදහසේ යන්න දැන් පුළුවන් වේවි... ඔය කියන සදාචාරාත්මක ගමන දැන් මහජනතාව දැනගෙන ඉවරයි. තව සැරයක් එයට සහයෝගය දෙන අය ඉන්නවා නම් ඒ අය කරන්නේ රට නැති කරන්න උදව් කරන එකයි. කළයුතු දෙයක් නැහැ රට බේරාගැනීමට ජනතාව උනන්දු විය යුතුයි. මහ බැංකුව කාදමා, පවුලේ සාමාජිකයින් කරන දේ ගැන නොදන්නා අයව තව සැරයක් ගෙනාවොත් එය රටට විනයක් වෙනවා නොඅනුමානයි...
ඔව්, බැංකු කඩන්න කැමති අය එකතුවෙනවා ඇති...
අරයට දුන්නොත් මම යනවා...
සභීතගේ ගෙවල් කුලියට අරගෙන වහලා තියාගෙන හිටපු කට්ටිය සහ අප්පච්චි මලෝ වගේ කට්ටියද? සුභවාදී ගමනක් යන්න නම් සියල්ලටම කලින් ඇතුලේ තියෙන අර්බුධ විසඳාගන්න බලන්න මහත්තයෝ. පක්ෂයේ ඉන්න සමහරු දැන් දැන් කතා කරන්නේ හරියට ඒගොල්ලෝ දිනලා ඉවරයි වගේ. මල්ලි පෙන්නලා අයියා දෙන්න හදන කට්ටිය නම් හිමින් සීරුවේ ප්රචාරක වැඩපිළිවෙල ඉතා සාර්ථකව ගෙනයන පාටයි පෙනෙන්නේ. දැක්කේ නැද්ද අර මාලිංග හාදයාගේ සමුගැනීමේ තරඟය වෙලාවේ ඔට්ටු කාරයින්ගේ උදව්වෙන් ප්‍රේමදාස ක්‍රීඩාංගණය පාක්ෂිකයින්ගෙන් පුරවලා එක්කෙනෙක් පෙන්වනකොට හූකියවල අනිත් එක්කෙනා ගැන කතා කරන කොට හුරේ දාගත්තු ලස්සන... ඔන්න වැඩ කිඩ කියන්නේ ඒවටයි.
මේ තුන්ලෝකෙට මුදල් ඇමතිය වුනේ මමනේ..// ගේ දොර හරක බාන ලැබුනේ හාමිනේටනේ..// මට නම් අමතකයි ඒ මල මගුල් දේපොළ ගැනම..// මතකයි ඒ පට්ටියෙන් මගේ පට්ටියට එන හොරුටිකම..//
හිනෙන් වගේ මතකයි මම මහා මෝඩයා වේය කියා..// ඇහැරිලා බලනවිට සජිතය ගොරවමින් ඇද යට උන්නා..// හොදවයින් තුන හතරක් කියමින් මම කතා කළා..// අයියෝ සුත්තරය තම එව්වේ සජිතය ඇද යටට කියා..//
ඉතින් එකතුකර ගන්නවකෝ. ජනතාවත් රෑ වැටුණු වලේ මහදවල් පෙනිපෙනී වැටෙන්න ඔනේ නම් තුම්සේලාගේ පැත්තට ඒවි. ඔය පැත්තට එන්නේ මේ පැත්තෙන් පයින් පහර වැදුණු එවුන්. ඒ එන වුන් පසුපස්සේ ජනතාවත් ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරගෙන ඒවී කියා සිතනවද? තුම්සේ හිතනවාද අපි තුම්සේලාට ඡන්දය දේවී කියලා... නැහැ හලෝ නැහැ. දෙන්න හොඳ හේතුවක් නැහැ. මහා බැංකුව කියන විදිහට රටේ වර්ධන වේගය 3.5% බැහැලලු. ඇත්ත වශයෙන් බැලුවොත් ඊටත් වඩා අඩුලු... සුළු ජාතිකයා ශක්තිමත් කර අපිටම කෙලවාගන්න අපි තුම්සේලාට ඡන්දෙ ඕනෙද?
මේ විලිලැජ්ජා නැති දේශපාලකයන්ගේ කටවල් හොඳ අච්චාරු දාන්නයි...
අනේ මේ මොනවද කියන්නේ? ඇයි ඔයාලගේ අපේක්ෂකයා ගැන නේද බලන්න වෙන්නේ? දැන් දෙපැත්තට කකුලෙන් අදින එක නවත්වලා නේද?
ගොවියා, කම්කරුවා අතුගාදමපු මේ රජයට එකතු වූ සියලු දෙනාට මැතිවරණයේදී ඇපත් නැහැ.
ඉන්න ගෙදර තමන්ගේ ගෑනිට තෑගි දුන්නේ මොන මිනිහද කියන්න දන්නේ නැහැ ? නමුත් ඉදිරියේදී ශ්‍රී ල නි පෙන් එජාපෙට පනින මිනිස්සු කවුද කියල පේන කියන්න නම් දන්නවා
අම්මෝ කව්ද කියලා බැලුවා මෙයානේ මේ. තව ටික දවසකින් රහත් උනා කියයිද දන්නේ නෑ මෙයා. ඊයේ පෙරේදා ඉපදුන බබාලට හොඳයි මෙයාගේ කතා. අපි තාම මැරිලා ඉපදුනේ නෑ. පහුගිය කාලේ වෙච්ච දේවල් මතකයි තාම.
ඔව් ඉතින් දෙන පැකේජ් එක අනුව තමයි. ඉස්සරම ඉස්සර නම් පවුල් පිටින් යුරෝපේ යන්නත් දෙනවා. දැන් දැන් නේපාලෙට, චීනෙට, එහෙම තමයි. අනික දැන් ඩියුටි ෆ්‍රී කාර් දෙන එකත් සීමාවෙලා. ඔන්න පවුලටම සිංගප්පුරුවේ සෞඛ්‍ය රක්ෂණ එහෙමත් දෙනවා නම් මේ පැත්තේ මහජන නියෝජිතයින් ඔය පැත්තේ මහජන නියෝජිතයන් වෙන්න කැමති වෙයි...
කාටත් බැනලා වැඩක් නැහැ. අන්තිමේදී මේ රැලට පක්ෂව ඡන්දෙ දෙන්නෙත් අපේ එවුන්මනේ. අපි අපිටම වල කපාගෙන අන්තිමට එක එකාලට බනිනවා.
එහෙනම් ඒ හොරු ටිකත් එකතුකරගෙන ඡන්ද තියාගෙන ඔබලාම පමණක් සියලු වරප්‍රසාද ලබමින් ජීවත්වෙන්න .රටේ අහිංසක ජනතාව දුක විඳලම මිය ගියදෙන් .
" හොරෙක්, අහිංසක මනුස්සයෙකුගෙන්.. ඉස්කෝල සහතිකයක් " අහපු කතාව අහලා තියනවද ..?
පුද්ගලයෝ මන්ත්‍රීලා වෙන්න හදන්නේ තම පක්ෂයකට වැඩිපුරම ජනතාව ඉන්න ප්‍රදේශයෙන්. ඔබ උතුරු කොළඹින් චන්දය ඉල්ලන්නේ වාමාංශික ප්රදේශයක්ව තිබු ඒ ප්‍රදේශය සුළුජාතීන් පැමිනිම නිසා එජාප වූ නිසයි. නැතිව ඔබ උතුරු කොලමබට පැමිණීම නිසා එහි මිනිස්සු එජාපෙට ගියේ නැහැ. එහෙනම් ශ්‍රීලංකා පක්ෂයේ මන්ත්‍රීන් එජාපෙට ගියා කියලා මිනිස්සු එජාපෙට ඡන්දය දෙන්නේ නැත. ඔබ ශ්‍රීලංකා පක්ෂයට සහයෝගය දෙන්න ගියාට උතුරු කොළඹ මිනිස්සු ශ්‍රී ලංකා පක්ෂයට ඡන්දෙ දෙන්නේ නැත.