මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළියට දේශපාලන පක්ෂ රැසක් එක් වීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය කියයි.
ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් ඩග්ලස් දෙවානන්ද, ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් ආරුමුගම් තොණ්ඩමන්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය නියෝජනය කරමින් ප්‍රභා ගනේෂන් මහත්වරු ඇතුළු දේශපාලන පක්ෂ 10 කට වැඩි සංඛ්‍යවක් නියෝජනය කරමින් එම පක්ෂ නායකයෝ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයයේ දී මෛත්‍රීපාල සිරිසේන ජනපති හමුවී සාකච්ඡා කළහ.
ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් ජාතික කොංග්‍රසය නියෝජනය කරමින් ජේ.එම්. වසිර්, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ආරියවංශ දිසානායක, නව සිහල උරුමය නියෝජනය කරමින් සරත් මනමේන්ද්‍ර, කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඒ.එස්.පී. ලියනගේ, ලිබරල් පක්ෂය නියෝජනය කරමින් කමල් නිශ්ශංක, එක්සත් ලංකා පොදුජන පක්ෂය නියෝජනය කරමින් පී.එච්.එස්. අජන්ත ය මහත්වරු ද ඊට එක්වූහ.
නිදහස් මැයි රැළිය සාර්ථක කර ගැනීමට මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට තම උපරිම සහාය පළ කරන බව එම නියෝජිතයන් පැවසීයැයි ජනපති මාධ්‍ය අංශය කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහත්වරු ද සාකච්ඡාවට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතුරි, මේකනේ, අපේ රටේ ජනතාව හරිම බුද්ධිමත් .රැල්ල ගහන ගහන පැත්තට ගහගෙන යනවා.කුවේණිගේ කාලේ ඉදලම එහෙමයි. ඉතින් කට්ටියම මහන්සි වෙනවා රැලි හදන්න.සමහරු රැලි මවල පෙන්නනවා. කුඩු මත්ද්‍රව්‍ය හොරකම් අතින් ඉහළම චෝදනා ලබන අයනේ වැඩිම මනාප ගන්නේ.අලි නොහදා බැහැ. ඉතින් එහෙම රටක රැලි නොහදා පැවැත්මක් නැහැ. (බ)
මේ පක්ෂ ඔක්කෝගෙම කට්ටිය එක්ක යන්න දොර දෙකේ ලේලන්ඩ් බස් එකක් තිබ්බනම් වැඩියත් එක්ක. මොකද නමට ලියාපදිංචි පක්ෂ ගොඩක් මෙතන තියනවා.. ඊපීඩීපී එක හැර. (බ)
පක්ෂ කීයක් විතර එනවද?(හේ)
සෙනග ගෙන්වන එක අත අරින්න. ඒ කට්ටිය ඒ කනින් අහල මේ කන්නින් පිටකරනවා තමන්ගේ කතාව වගේම වැඩත් කරලා පෙන්වන්න. හිත හොද එක මනුස්සයෙක් හිටියත් ඇති දිව දෙකේ කට්ටිය නැතිව එක වරුවකට ඇයි මේහැටි මහන්සි වෙන්නේ කාගෙන් සම්මාන ගන්නද ක්‍රියාවෙන් වැඩ පෙන්වන්න (බ)
හරි බලමුකෝ.(හේ)
එන සෙනගට වඩා ලොකුයි ඉන්න පක්ෂ ගණන, මේ පක්ෂ සියල්ල ඩබල් ඩෙකර් එකකටත් මදි. (බ)