ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාගේ (මෛත්‍රීපාල සිරිසේන මහතාගේ) අනුමැතියකින් තොරව ලබන 29 වැනි දා තෙක් මධ්‍යම කාරක සභාව රැස්වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා අද වාරණ නියෝගයක් නිකුත් කළේය.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා විසින් ගොනු කැරුණු මෙම පැමිණිල්ලේ වගඋත්තරු කරු ලෙස ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා නම් කරනු ලැබ සිටියි.
පක්ෂ ව්‍යස්ථාව අනුව පක්ෂ සභාපතිගේ අවසරයකින් තොරව මධ්‍යම කාරක සභාව රැක් විය නොහැකි බව පෙත්සමෙන් කියයි.
පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ තීෂ්‍ය වේරගොඩ, ලංකා ධර්මපේලි ඇතුළු පිරිසක් කරුණු දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා සන්ධාන පාක්ෂිකයින්ට මොවුන් වෙනුවෙන් දිය හැකි හොදම සහ නිවැරදිම පිළිතුර මේ මෛත්‍රී මහත්තයාගේ ද්‍රෝහී නඩයේ කිසිවෙකුටත් පාර්ලිමේන්තුවට පැමිණීමේ ඉඩ කඩ අහුරමින් මනාප සටනින් අන්ත පරාජයකට ලක් කිරීමයි.ඊයේ කල ද්‍රෝහී ක්‍රියාවට ද්‍රෝහී පවා දෙන්නෙක් හට දිය හැකි හොදම අතුල් පහර එයයි. (ස)
කියල වැඩක් නැහැ.නියමයි, නියමයි.ජනාධිපතිතුමා ගැන තිබුණ විශ්වාෂය දෙගුණ,තෙගුණ වුණා.ජනාධිපතිතුමා බුද්ධිමත්,දූරදර්ශී පුද්ගලයෙක් බව නැවතත් ඔප්පු වුණා.රටේ වාසනාවටම පාහළ වුණ කොන්ද කෙලින් නායකයෙක්.ජයවේවා..! (අ)
ජනාධිපතිට තියන ගෞරවයත් නැතිකරලා ගෙදර එයි වගේ. දැනටමත් මුළු රටම අවුල්. විදේශ ඔත්තු කාරයෝ රට වනසනවා. අපේ නායකයෝ ලිද ළඟ ඉන්න ගැණු වගේ තැනට ආව. අපේ කට්ටිය තාම සිහින යහපාලනයේ (බ)
වාරන දමලා බලවේග නවත්වන්න බෑ දැන් පිස්සුව වැඩිවේගෙන එනවා (බ)
තමන් වගේම රටේ ජනතාවත් ප්‍රතික්ෂේප කරන, දුෂිතයින් පිළිබඳව මීට වඩා වෙන මොනවා කියන්නද?මෙතුමා සත්‍යය ප්‍රකාශ කළා. තේරුම් ගැනීම ජනතාවගේ වගකීමයි.(ස)
බලලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ. හතර අතේට බුර බුර ඉන්නවා. (ස)
කතාව හරිද වැරදිද යන්න අගෝස්තු 17 ඔප්පු වෙයි (අ)
මෙතුමා නියම බණ්ඩාරනායක පවුල අනුගමනය කරන ශ්‍රර් ලංකා නිදහස් පාක්ෂිකයෙක් සිරිමාවෝ තමන්ගෙ පක්ෂෙන්ම ඉදිරිපත් කරපු කොබ්බෑකඩුවට විරුද්ධව වැඩ කලා - චන්ද්‍රිකා තමන්ගෙ පක්ෂෙන්ම ඉදිරිපත් කරපු මහින්දට විරුද්ධව වැඩ කලා - මෛත්‍රී තමන්ගෙ මුලු පක්ෂෙටම විරුද්ධව වැඩ කලා චන්ද්‍රිකාව සනස්සන්න පක්ෂෙ සභාපති නොවී, ස්වාධිනව ඉඳලා, ශ්‍රර් ලංකා නිදහස් පක්ෂෙටයි, එජාපෙටයි ඒ අයට ඕනෙ විදියට වැඩ කරගන්න කිව්වානම් ඉවරයිනේ (අ)
මෛත්‍රී මහතාගේ කතාව හරි. කොන්ද පණ ඇති නියම නායකයෙක් (නි)
මධ්‍යම කාරක සභාව කැඳවන්න බැරි මහා ලේකම් අද අසරණ වෙලා (නදී)
සිරිවිකුම් ගැන මට හරි දුකයි ඇතුලේ කචල් වගේ නේද ? (ස)
රටකට ද්‍රෝහිවීම යනු තමන් සතු විදායක බලතල වැඩි කර ගනිමින්,අනවශ්‍ය ලෙස මහජන මුදල් වියදම් කර රට නය කරවමින්, පවුල් වාදය තර කරමින් හෙන්චයිලාට යකා නටන්නට ඉඩ දීමද නැතිනම් තමන් සතු විදායක බලතල අඩු කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය කරා යාමද? (නදී)