ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් කරන ලෙස එහි සාමාජිකයන් තුනෙන් එකක අත්සන් සහිත ඉල්ලීමක් ලැබී ඇති මුත් පක්ෂ ව්‍යවස්ථාව අනුව ශ්‍රීලනිප සභාපති වන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය නැතිව මධ්‍යම කාරක සභාව රැස් කළ නොහැකි බව සන්ධානයේ මහ ලේකම් සහ ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය.
‘අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂ සභාපතිට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මධ්‍යම කාරක සභාව රැස් කළ හැකියි. පක්ෂයේ තුනෙන් එකකට වැඩි පිරිසකගේ අත්සන් සහිත ඉල්ලීමක් ලදවිට එම ඉල්ලීම ලැබී මසකට පසු මධ්‍යම කාරක සභාව රැස් විය හැකියි. එහෙම නැතිව ඉක්මනින් රැස් වෙන්න බැහැ.
අද හෝ හෙට (16) මධ්‍යම කාරක සභාව රැස් කරන්න කියා පක්ෂ සභාපති කියා නැහැ. ඒ නිසා මධ්‍යම කාරක සභාව රැස් වන්නේ නැහැ.
එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වන පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ තීරණයක් ගන්නවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගෙන් අහල කියයි ඊළඟ පියවර ගන්න එක ගැන (අ)
මෙහෙමත් දිව දෙකේ මිනිස්සු. මහින්දට විරුද්දනම් එයා හොදය්.මහින්දට පක්ෂනම් එයා ද්‍රෝහියා.මහින්ද මහත්තයට බයේ අලුත් පෙරමුණු හදනවා.බය නැත්නම් අලි තනියම එන්න එපය්..හැමදාම එක එක්කෙනාට මුවාවෙලා එන්නේ නැතිව. (ස)
මෛත්‍රී පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතුයි . පෙරේත කමට එ්කත් බදාගන තමාගේ පක්ෂයම ඡන්දයෙන් පරාජය වෙනවා කියන එකම පක්ෂ නායකයා .(ස)
මොලේ තමයි මොලේ, රනිල් ද දන්නේ නැහැ පොයීන්ට් එක කියල දුන්නේ, මහින්ද ලොක්කට තොන්ඩුව දාන්න දීල බෙල්ලටම හිර කරා නේද, දැන් නම් අප්පච්චිට සෙත්ත පෝච්චි (ස)
මෙහෙම දිව දෙකේ නායකයෝ .ඡන්ද තියාගෙන සභාපති ලෙස පක්ෂයට ද්‍රෝහී වෙන හැටි .අවු ,5ක් කියල බලයට පමණක් ගැතිවෙලා රනිල් ට ආවඩන, වෛරයෙන් ජාතියත් රටත් පවා දෙන්නන්ට 17දින නියම පිළිතුරු දෙනු හෙලයනි !!!. (ස)
මමත් කලින් කලකිරිලා හිටියේ දැන් බලනකොට අපේ ජනධිපතිතුමා දුරදිග බලලා වැඩ කරන කෙනෙක් නියම නායකත්වය කියන්නේ ඕකටයි දැන් ඉතින් හොරු හතලිහට හුප්පේ (ස)
අතිගරු මෛත්‍රී ජනපතිතුමනි ඔබ රටට ආදර්ශයකි ඔබ කෙරෙහි අපට ඇතිවී තිබු කලකිරීම ඊයේ කළ එඩිතර ප්‍රකාශයත් සමඟ නැතිවී ගියා. ඔබ අපේ සදාකාලික වීරයෙක්. ඔබට දීර්ඝායු පතමි.(හේ)
දැන් කැදවන්න කාලයක් නෑ.(හේ)
දිව දෙකේ මිනිස්සු. චන්ද්‍රිකා ගේ කතා .ද්‍රෝහී වෙනහැටි .පෙරේත කමට බදාගන තවත් රටේ බේද ඇතිකරන සුදන කතාද මේවා ? අනේ සාමයෙන් තිබුණු රටකට යන කලදසාව හැටි සංවේගයි. යහපලයන්ගේ වැඩ නේද? (ස)
එජාපෙ නායකතුමාගේ අනුමැතියත් ඕනෙද? (ම)
දුමින්ද හරි (ස)
බයියෝ ටික කරකවලා අතඇරියා වගේ නන්නත්තාර වෙලා. (ස)
ටිරෝන්, මමත් ඔබ වගේම කලකිරිලා හිටියේ. දැන් එහෙම නැහැ. (ර)
මේ ඡන්දයේ දී මම මධ්‍යසත්ව ඉන්නවා, මෛත්‍රී කියයි එසේනම් ඔබ එක්සත් ජනතා නිදහස් සන්දානයේ ජයග්‍රහණයට වැඩ කරන්නේ නැති බව ඉන් අදහස් වේ. (ර)
ආනේ ටිරෝන්, ඇත්තද? (නි)
සමහරු නම් දැන්මම බයවෙලා වගෙයි (නි)
ඔහෙලා ඒ අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න. අපි ඔයගොල්ලන්ගේ සාමාජිකත්වය අහෝසි කරන්නම්.(අ)
බැලුවම මෛත්‍රී ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සැර පුද්ගලයෙක්. (අ)
ඒක අවශ්‍ය වෙලාවට එතුමා තියයි (නි)
අනූෂ,මහින්ද මහත්තයා වුණත් කවදාවත් තනිවම ඉල්ලලා දිනලා නැහැ (නි)
රජ කලේ අහල තියෙනවා දොහින් ගැන එත් දැකල නැැහ ඊයේ දැක්කා. දැන්වත් යන්න යූ.එන්.පී.එකට රට්ටු හිනස්සවන්නේ නැතිව. (ස)
ඕක රැස්කරන්නේ නැහැ ඡන්දය ඉවරවෙනකම් . ඒක තමා රනිල්ගේ තිරණය (බ)
අතිගරු මෛත්‍රී ජනපතිතුමනි ඔබ රටට ආදර්ශයකි ඔබ කෙරෙහි අපට ඇතිවී තිබු කලකිරීම ඊයේ කළ එඩිතර ප්‍රකාශයත් සමඟ නැතිවී ගියා. ඔබ අපේ සදාකාලික වීරයෙක්. ඔබට දීර්ඝායු පතමි.(ම)
අපේ වර්තමාන ජනාධිපති තුමාට දුන්න ඡන්දේ වටිනාකම දිනෙන් දින වැඩි වෙනවා (හේ)
සිරිසේන පක්ෂයේ නම් ඔහුට තීරණ ගැනීමට බලය දෙන්න ඕනේ මෙතන ලොක්කෝ ගොඩක්නේ (අ)
දැන් කරන්න දෙයක් නෑ. ඡන්දේ ඉවර වෙනකන් ඉන්න.(හේ)
සියලුම ඡන්දදායකයන්ගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි. මෙවර ඡන්දයේදී පාරිබෝගික භාන්ඩ බෙදාදෙන හෝ මුදල් මත්පැන් හා වෙනත් අල්ලස්දී ඡන්දය ලබාගැනීමට සැරසෙන්නන් දූෂිතයන් හා ජනතාවගේ ඉතා වටිනා ඡන්දය අවතක්සේරු කරන්නන් සේ සළකා ඔව්න්ට ඡන්දය දීමෙන් වලකින්න. එවන් අයට ඡන්දය දීමෙන් ඔබ නැවතත් දූශිතයෙක්ව ඔබගේ රටේ අනාගතය තීරණය කිරීම සදහා ඔබ පත්කළා වේ. එයින් ඔබට මෙන්ම ඔබගේ දරුවන්ටද යහපත් රටක් අත් පත් කරදීමට ඇති මහගු අවස්ථාව ඔබෙන් ගිලිහී යනුඇත. (බ)
ලොක්ක කීවේ එයාගේ වචන නෙමෙයි. චන්ද්‍රිකා ගේ වචන . (අ)
එතුමා අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණය ගනීවි (නි)
සිරිසේන බයියා අමුම, අමු ද්‍රෝහියෙක්. (ස)