ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් කරන ලෙස එහි සාමාජිකයන් තුනෙන් එකක අත්සන් සහිත ඉල්ලීමක් ලැබී ඇති මුත් පක්ෂ ව්‍යවස්ථාව අනුව ශ්‍රීලනිප සභාපති වන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය නැතිව මධ්‍යම කාරක සභාව රැස් කළ නොහැකි බව සන්ධානයේ මහ ලේකම් සහ ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය.
‘අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂ සභාපතිට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මධ්‍යම කාරක සභාව රැස් කළ හැකියි. පක්ෂයේ තුනෙන් එකකට වැඩි පිරිසකගේ අත්සන් සහිත ඉල්ලීමක් ලදවිට එම ඉල්ලීම ලැබී මසකට පසු මධ්‍යම කාරක සභාව රැස් විය හැකියි. එහෙම නැතිව ඉක්මනින් රැස් වෙන්න බැහැ.
අද හෝ හෙට (16) මධ්‍යම කාරක සභාව රැස් කරන්න කියා පක්ෂ සභාපති කියා නැහැ. ඒ නිසා මධ්‍යම කාරක සභාව රැස් වන්නේ නැහැ.
එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වන පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ තීරණයක් ගන්නවා.‘
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව දැන්ම නෑ‘
තිලක් Wednesday, 15 July 2015 02:58 PM
රනිල්ගෙන් අහල කියයි ඊළඟ පියවර ගන්න එක ගැන (අ)
අනුෂ Wednesday, 15 July 2015 12:02 PM
මෙහෙමත් දිව දෙකේ මිනිස්සු. මහින්දට විරුද්දනම් එයා හොදය්.මහින්දට පක්ෂනම් එයා ද්‍රෝහියා.මහින්ද මහත්තයට බයේ අලුත් පෙරමුණු හදනවා.බය නැත්නම් අලි තනියම එන්න එපය්..හැමදාම එක එක්කෙනාට මුවාවෙලා එන්නේ නැතිව. (ස)
චමිලා Wednesday, 15 July 2015 12:06 PM
මෛත්‍රී පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතුයි . පෙරේත කමට එ්කත් බදාගන තමාගේ පක්ෂයම ඡන්දයෙන් පරාජය වෙනවා කියන එකම පක්ෂ නායකයා .(ස)
විරාජ් Wednesday, 15 July 2015 12:08 PM
මොලේ තමයි මොලේ, රනිල් ද දන්නේ නැහැ පොයීන්ට් එක කියල දුන්නේ, මහින්ද ලොක්කට තොන්ඩුව දාන්න දීල බෙල්ලටම හිර කරා නේද, දැන් නම් අප්පච්චිට සෙත්ත පෝච්චි (ස)
ලංකා Wednesday, 15 July 2015 03:23 PM
මෙහෙම දිව දෙකේ නායකයෝ .ඡන්ද තියාගෙන සභාපති ලෙස පක්ෂයට ද්‍රෝහී වෙන හැටි .අවු ,5ක් කියල බලයට පමණක් ගැතිවෙලා රනිල් ට ආවඩන, වෛරයෙන් ජාතියත් රටත් පවා දෙන්නන්ට 17දින නියම පිළිතුරු දෙනු හෙලයනි !!!. (ස)
ටිරෝන් Wednesday, 15 July 2015 09:48 AM
මමත් කලින් කලකිරිලා හිටියේ දැන් බලනකොට අපේ ජනධිපතිතුමා දුරදිග බලලා වැඩ කරන කෙනෙක් නියම නායකත්වය කියන්නේ ඕකටයි දැන් ඉතින් හොරු හතලිහට හුප්පේ (ස)
ගාමිණි Wednesday, 15 July 2015 12:23 PM
අතිගරු මෛත්‍රී ජනපතිතුමනි ඔබ රටට ආදර්ශයකි ඔබ කෙරෙහි අපට ඇතිවී තිබු කලකිරීම ඊයේ කළ එඩිතර ප්‍රකාශයත් සමඟ නැතිවී ගියා. ඔබ අපේ සදාකාලික වීරයෙක්. ඔබට දීර්ඝායු පතමි.(හේ)
දුලාන් Wednesday, 15 July 2015 12:27 PM
දැන් කැදවන්න කාලයක් නෑ.(හේ)
ලංකා Wednesday, 15 July 2015 04:14 PM
දිව දෙකේ මිනිස්සු. චන්ද්‍රිකා ගේ කතා .ද්‍රෝහී වෙනහැටි .පෙරේත කමට බදාගන තවත් රටේ බේද ඇතිකරන සුදන කතාද මේවා ? අනේ සාමයෙන් තිබුණු රටකට යන කලදසාව හැටි සංවේගයි. යහපලයන්ගේ වැඩ නේද? (ස)
දුමින්ද Wednesday, 15 July 2015 10:24 AM
එජාපෙ නායකතුමාගේ අනුමැතියත් ඕනෙද? (ම)
විජයබාහු Wednesday, 15 July 2015 10:32 AM
දුමින්ද හරි (ස)
බණ්ඩා Wednesday, 15 July 2015 10:32 AM
බයියෝ ටික කරකවලා අතඇරියා වගේ නන්නත්තාර වෙලා. (ස)
ගාමිණී Wednesday, 15 July 2015 10:34 AM
ටිරෝන්, මමත් ඔබ වගේම කලකිරිලා හිටියේ. දැන් එහෙම නැහැ. (ර)
කිංග්ස්ලි පෙරේරා Wednesday, 15 July 2015 10:35 AM
මේ ඡන්දයේ දී මම මධ්‍යසත්ව ඉන්නවා, මෛත්‍රී කියයි එසේනම් ඔබ එක්සත් ජනතා නිදහස් සන්දානයේ ජයග්‍රහණයට වැඩ කරන්නේ නැති බව ඉන් අදහස් වේ. (ර)
ජයන්ත Wednesday, 15 July 2015 10:35 AM
ආනේ ටිරෝන්, ඇත්තද? (නි)
අරුණ Wednesday, 15 July 2015 01:07 PM
සමහරු නම් දැන්මම බයවෙලා වගෙයි (නි)
චන්න බුවනක Wednesday, 15 July 2015 10:36 AM
ඔහෙලා ඒ අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න. අපි ඔයගොල්ලන්ගේ සාමාජිකත්වය අහෝසි කරන්නම්.(අ)
සුරන් Wednesday, 15 July 2015 10:41 AM
බැලුවම මෛත්‍රී ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සැර පුද්ගලයෙක්. (අ)
රවී Wednesday, 15 July 2015 10:42 AM
ඒක අවශ්‍ය වෙලාවට එතුමා තියයි (නි)
ප්‍රදීප් Wednesday, 15 July 2015 01:23 PM
අනූෂ,මහින්ද මහත්තයා වුණත් කවදාවත් තනිවම ඉල්ලලා දිනලා නැහැ (නි)
කෝලිත Wednesday, 15 July 2015 01:24 PM
රජ කලේ අහල තියෙනවා දොහින් ගැන එත් දැකල නැැහ ඊයේ දැක්කා. දැන්වත් යන්න යූ.එන්.පී.එකට රට්ටු හිනස්සවන්නේ නැතිව. (ස)
චතු Wednesday, 15 July 2015 10:49 AM
ඕක රැස්කරන්නේ නැහැ ඡන්දය ඉවරවෙනකම් . ඒක තමා රනිල්ගේ තිරණය (බ)
සමන්ත සුගතවංස Wednesday, 15 July 2015 10:56 AM
අතිගරු මෛත්‍රී ජනපතිතුමනි ඔබ රටට ආදර්ශයකි ඔබ කෙරෙහි අපට ඇතිවී තිබු කලකිරීම ඊයේ කළ එඩිතර ප්‍රකාශයත් සමඟ නැතිවී ගියා. ඔබ අපේ සදාකාලික වීරයෙක්. ඔබට දීර්ඝායු පතමි.(ම)
ගුණසේකර Wednesday, 15 July 2015 10:58 AM
අපේ වර්තමාන ජනාධිපති තුමාට දුන්න ඡන්දේ වටිනාකම දිනෙන් දින වැඩි වෙනවා (හේ)
නමල් Wednesday, 15 July 2015 01:51 PM
සිරිසේන පක්ෂයේ නම් ඔහුට තීරණ ගැනීමට බලය දෙන්න ඕනේ මෙතන ලොක්කෝ ගොඩක්නේ (අ)
පියල් Wednesday, 15 July 2015 11:03 AM
දැන් කරන්න දෙයක් නෑ. ඡන්දේ ඉවර වෙනකන් ඉන්න.(හේ)
ෆාතිමා Wednesday, 15 July 2015 11:06 AM
සියලුම ඡන්දදායකයන්ගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි. මෙවර ඡන්දයේදී පාරිබෝගික භාන්ඩ බෙදාදෙන හෝ මුදල් මත්පැන් හා වෙනත් අල්ලස්දී ඡන්දය ලබාගැනීමට සැරසෙන්නන් දූෂිතයන් හා ජනතාවගේ ඉතා වටිනා ඡන්දය අවතක්සේරු කරන්නන් සේ සළකා ඔව්න්ට ඡන්දය දීමෙන් වලකින්න. එවන් අයට ඡන්දය දීමෙන් ඔබ නැවතත් දූශිතයෙක්ව ඔබගේ රටේ අනාගතය තීරණය කිරීම සදහා ඔබ පත්කළා වේ. එයින් ඔබට මෙන්ම ඔබගේ දරුවන්ටද යහපත් රටක් අත් පත් කරදීමට ඇති මහගු අවස්ථාව ඔබෙන් ගිලිහී යනුඇත. (බ)
කනම්පිටියේ අමරේ Wednesday, 15 July 2015 02:08 PM
ලොක්ක කීවේ එයාගේ වචන නෙමෙයි. චන්ද්‍රිකා ගේ වචන . (අ)
කස්තුරිආරච්චි Wednesday, 15 July 2015 11:17 AM
එතුමා අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණය ගනීවි (නි)
සිරිවිකුම් Wednesday, 15 July 2015 11:41 AM
සිරිසේන බයියා අමුම, අමු ද්‍රෝහියෙක්. (ස)